නොරොච්චෝලේ තාප බලාගාරයේ අදියර 2 හා 3 සක්‍රීය තත්ත්වයට පත්වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවයක් ලැබීමත් සමග දින කිහිපයක් පැවැති විදුලි කප්පාදුව අවසන් කළ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
පසුගිය දින කිහිපයේදී විදුලිය කැපීම නිසා අපහසුතාවයට පත්වූ සියලු පාරිබෝගිකයන්ට කනගාටුව පළකරන බවද ඇමැතිවරයා කීය.
ලබන 23 වැනිදා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවද සියඹලාපිටිය මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩුවෙලටත් ප.ව. 2.30 ට ලයිට් කැපුවා. මෙහෙම බොරු කිව්වොත් අපිට විකල්ප මාර්ග පාවිච්චි කරන්නත් බැරි වෙනව....(බ)
විදුලි බිඳවැටීම් අවස්ථා වේදී ඔබතුමාගේ නිහතමානී බව සහ අනෙකුත් කයිවාරු කාරයන්ගේ මන්ද බුද්ධික බවේත් වෙනස දුටුවෙමි . (අ)
අනේ ඉතින් අවසන් කියලා ඊයෙත් කීවුවා. ඒත් ඊයෙත් විදුලිය කැපුවා. අනේ අදනම් එහෙම කරන්න එපා හොදේ.(අ)
කණගාටුව පළකිරීමෙන් පමණක් ගැලවීමට නොහැකිය, වැඩක් හරියට කිරීමට බැරිනම් ඉල්ලා අස්වෙන්න. (බ)
ලයිට් ලබාදුන්නාට ස්තූතියි (බ)
තවමත් වත්තලට විදුලය නැත (රේ)
කණගාටුව කල් වැඩි ...(බ)
විදුලි කප්පාදුව අවසන් කියල ඇමති තුමා උජාරුවෙන් ප්‍රකාශ කරනවා . හැබැයි මේ මොහොත තුළ නුවරට සහ හැටන් වලට ලයිට් නෑ කියල තමයි වාර්තා වෙන්නේ. (ර)
කොහොමහරි හිටපු නායකතුමාගේ රැස්වීමට විදුලිය දීමට කටයුතු කිරීම අපි අගය කරනවා (නි)
මහින්ද ගේ වැඩ කාරයෝ යහ පාලන ආණ්ඩුවට කෙලින පාටයි (අ)
අද කොළඹටත් දවල් 10 සිට 11 දක්වා පැයක කාලයක් විදුලිය කැපුවා. (නි)