IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වදුරඹ ස්ථානාධිපති සේවය හැරගිහින්

දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් තමන්ට නිසිපරිදි රාජකාරිය කළ නොහැකියැයි පවසමින් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශකළ වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ මහතා සේවය හැරගිය බව සඳහන් කරමින් ගාල්ල සහකාර පොලිස් අධිකාරී එල්.ආර්.කුමාරසිරි මහතා සේවය හැරයාමේ නිවේදනයක් අද (02) නිකුත්කළේය.  

පොලිස් ස්ථානාධිපතිවරයා නියමිත පරිදි නිවාඩු අනුමත නොකර සේවයට වාර්තාකිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔහු සේවය හැරගියා සේ සළකන බව ද එම නිවේදනයේ දැක්වේ.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක් වෙනුවෙන් වදුරඹ බස්නැවතුම් පොළ අසළ ඉදිකැර තිබූ වේදිකාවකට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් රැගෙන යාමේ සිද්ධියෙන් පසු වදුරඹ ස්ථානාධිපතිවරයා තමන් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව මාධ්‍යයට කියා සිටියේය.



අදහස් (0)

වදුරඹ ස්ථානාධිපති සේවය හැරගිහින්

බමුණු ආරච්චි Saturday, 03 January 2015 01:39 AM

අපි දිනුවොත් ඔබ ඇතුළේ... (නි)

:       0       0

ශාන් Saturday, 03 January 2015 02:07 AM

ඔබ පොලිස් දෙපාර්තමේන්තුවට ආඩම්බරයක් (නි)

:       0       0

අජිත් Saturday, 03 January 2015 03:29 AM

මොහුට සිදු වූ අසාධාරණයට හඩක් නඟන්නෙ කවුරුන්ද? එතුමා වගේ අය ගෙදර සිටීම සිදුනොවිය යුතුදෙයක්. ඔහු නියම දේශහිතෛෂි පුද්ගලයෙකි. ඔබට ජය. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 03 January 2015 05:06 AM

පොලිස් දෙපාර්තමේන්තුවේ කොදු අැටපෙල හරියට තියෙන නිලධාරියෙක් සිටියා කියලා දැනගත්තේ මේ සිදුවීමෙන් පස්සේ??ඔහුට ලෝකපාලන දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවායි ප්‍රර්ථනා කරමි!(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 03 January 2015 07:12 AM

මෙවැනි උත්තමයෝ රටට ආඩම්බරයක්! හිතට දුක මෙවැනි අය රට සුරැකීමට නොමැතිවීමයි. (නදී)

:       0       0

සම්පත් Friday, 02 January 2015 01:36 PM

ඔබ රටට ආඩම්බරයක්. (හේ)

:       0       0

ගාමිණි සිසිර Friday, 02 January 2015 02:51 PM

ඔබ නියම වීරයෙක්.(හේ)

:       0       0

සමන්ත Friday, 02 January 2015 03:04 PM

මෙන්න කොන්දක් තියෙන නිලධාරන්.(හේ)

:       0       0

පනික්කිරාළ විමලසේන Friday, 02 January 2015 03:56 PM

ඔබ මහා වීරයෙක් මට නම්. (ර)

:       0       0

පද්මිණි Saturday, 03 January 2015 09:56 AM

ඔබ වැනි නිලධාරීන් මෙවන් යුගයක සිටීම ගැන ලංකා මාතාවගේ දියණියක වශයෙන් ආඩම්බර වෙමි. (හේ)

:       0       0

අශෝකා Saturday, 03 January 2015 11:17 AM

තවත් රත්තරන් නිල දරුවෙක් (නදී)

:       0       0

හැරල්ඩ් Friday, 02 January 2015 06:29 PM

ඡන්දයට පෙර ගත් හොඳ තීරණයක් (නි)

:       0       0

ලක්ෂිත - පැරිසිය Friday, 02 January 2015 07:37 PM

මෙන්න වඳින්න ඕනෑ මිනිස්සු (නි)

:       0       0

හෆීල් Friday, 02 January 2015 08:26 PM

ඒ වුණාට අලුත් රජයක් ආවොත් මෙතුමාට රැකියාව ලැබේවි. (නි)

:       0       0

රංගන Friday, 02 January 2015 09:22 PM

මේ වගේ දේශපාලකන්ට නැමෙනවට වඩා ඔහු කළ දේ හරි.මේක දකින අනෙක් දේශපාලකයින් හා අනෙක් පොලිස් නායකයින් හරි මේ නිලධාරියා වෙනුවෙන් සාධාරණයක් කළයුතුය (නි)

:       0       0

සරත් Friday, 02 January 2015 09:30 PM

ඡන්දය ඉල්ලමුද? (නි)

:       0       0

හිරාන් Friday, 02 January 2015 10:26 PM

කොන්ද පන ඇතුව වැඩ කළ කෙනෙක්. (නි)

:       0       0

අජිත් Friday, 02 January 2015 10:39 PM

මෙතුමාට වීරයෙක් කියලා විතරක් වැඩක් නැහැ. දේශපාලකයින්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ මේ වගේ වැඩ නොකරන්න. (නි)

:       0       0

පැතුම් Friday, 02 January 2015 10:47 PM

අවංකව සේවය කරන්නට අවස්ථාවක් නොලැබීමත්, රැකියාව නැතිවීමත් අන්තිම අසාධාරණයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටයද මේ? (නි)

:       0       0

සමන්ති Saturday, 03 January 2015 12:45 AM

අර කටුනායක සිද්ධියේදීත් කවුරුහරි කෙනෙක් ඉල්ලා අස්වුණාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site