දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් තමන්ට නිසිපරිදි රාජකාරිය කළ නොහැකියැයි පවසමින් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශකළ වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ මහතා සේවය හැරගිය බව සඳහන් කරමින් ගාල්ල සහකාර පොලිස් අධිකාරී එල්.ආර්.කුමාරසිරි මහතා සේවය හැරයාමේ නිවේදනයක් අද (02) නිකුත්කළේය.
පොලිස් ස්ථානාධිපතිවරයා නියමිත පරිදි නිවාඩු අනුමත නොකර සේවයට වාර්තාකිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔහු සේවය හැරගියා සේ සළකන බව ද එම නිවේදනයේ දැක්වේ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක් වෙනුවෙන් වදුරඹ බස්නැවතුම් පොළ අසළ ඉදිකැර තිබූ වේදිකාවකට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් රැගෙන යාමේ සිද්ධියෙන් පසු වදුරඹ ස්ථානාධිපතිවරයා තමන් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව මාධ්‍යයට කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දිනුවොත් ඔබ ඇතුළේ... (නි)
ඔබ පොලිස් දෙපාර්තමේන්තුවට ආඩම්බරයක් (නි)
මොහුට සිදු වූ අසාධාරණයට හඩක් නඟන්නෙ කවුරුන්ද? එතුමා වගේ අය ගෙදර සිටීම සිදුනොවිය යුතුදෙයක්. ඔහු නියම දේශහිතෛෂි පුද්ගලයෙකි. ඔබට ජය. (නි)
පොලිස් දෙපාර්තමේන්තුවේ කොදු අැටපෙල හරියට තියෙන නිලධාරියෙක් සිටියා කියලා දැනගත්තේ මේ සිදුවීමෙන් පස්සේ??ඔහුට ලෝකපාලන දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවායි ප්‍රර්ථනා කරමි!(හේ)
මෙවැනි උත්තමයෝ රටට ආඩම්බරයක්! හිතට දුක මෙවැනි අය රට සුරැකීමට නොමැතිවීමයි. (නදී)
ඔබ රටට ආඩම්බරයක්. (හේ)
ඔබ නියම වීරයෙක්.(හේ)
මෙන්න කොන්දක් තියෙන නිලධාරන්.(හේ)
ඔබ මහා වීරයෙක් මට නම්. (ර)
ඔබ වැනි නිලධාරීන් මෙවන් යුගයක සිටීම ගැන ලංකා මාතාවගේ දියණියක වශයෙන් ආඩම්බර වෙමි. (හේ)
තවත් රත්තරන් නිල දරුවෙක් (නදී)
ඡන්දයට පෙර ගත් හොඳ තීරණයක් (නි)
මෙන්න වඳින්න ඕනෑ මිනිස්සු (නි)
ඒ වුණාට අලුත් රජයක් ආවොත් මෙතුමාට රැකියාව ලැබේවි. (නි)
මේ වගේ දේශපාලකන්ට නැමෙනවට වඩා ඔහු කළ දේ හරි.මේක දකින අනෙක් දේශපාලකයින් හා අනෙක් පොලිස් නායකයින් හරි මේ නිලධාරියා වෙනුවෙන් සාධාරණයක් කළයුතුය (නි)
ඡන්දය ඉල්ලමුද? (නි)
කොන්ද පන ඇතුව වැඩ කළ කෙනෙක්. (නි)
මෙතුමාට වීරයෙක් කියලා විතරක් වැඩක් නැහැ. දේශපාලකයින්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ මේ වගේ වැඩ නොකරන්න. (නි)
අවංකව සේවය කරන්නට අවස්ථාවක් නොලැබීමත්, රැකියාව නැතිවීමත් අන්තිම අසාධාරණයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටයද මේ? (නි)
අර කටුනායක සිද්ධියේදීත් කවුරුහරි කෙනෙක් ඉල්ලා අස්වුණාද? (නි)