(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා හිස නමන්නේ පුරාවිද්‍යා අඥා පනතට පමණක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නගමින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති දේවල් වලට විවිධ බලපෑම් නිසා බලපෑම් එල්ල වෙමින් පවතින්නේ යැයිද නුවරඑළිය තැපැල් කන්තෝරුව උදාහරණ ලෙස දැක්විය හැකි යැයිද කීය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසූයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන අයුරින්ම මෙරට ආර්ථික සංවර්ධනයට පුරාවස්තු මෙන්ම පුරා විද්‍යා ස්ථාන යොදා යොදාගන්නේ කෙසේදැයි සොයා බලමින් සිටින බවයි. එම පුරාවිද්‍යා ස්ථාන නිකං තිබුණාට පලක් නැතැයි ද ඒවාට ජනතාවට පිවිසෙන්නට ඉඩ දී ප්‍රදර්ශනය කළ යුතු යැයිද එමෙන්ම ගවේෂණය කරමින් සංරක්ෂණය කළ යුතුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.
කවුරුත් එපා කිව්වාට උද්ඝෝෂණය කළාට එම කාර්යයන් නතර කරන්නේ නැතැයි ද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම කාලයේනේ තියන ඔක්කොම විකුණාගෙන කන්න හදන්නේ ,බලමු තමුසෙලාද අපිද දිනන්නේ කියලා
ඒ වුනාට, ජනපති කීවොත් අඥා පනතයි අනෙක් ඒවයි ඔක්කොම නවන්න. නැත්නම් ඇමතිකම ගහලා යාවී.