(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහ රෝහලේ 9 වැනි වාට්ටුවට ඇතුළත් කළ රෝගීයකුගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත් එහි සිටි වෛද්‍යවරිය මරා දමන බවට තර්ජනය කළ බව කියන නාවික හමුදා සෙබලකු ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.
එසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ මැදිරිගිරිය, නව නගරයේ පදිංචි දන්තුරේ මහ දුරුගෙදර සඳරුවන් පුෂ්පකුමාර ජයරත්න නැමැති වැල්ලවත්ත නාවික හමුදා කඳවුරේ සෙබලෙකි.
මෙම මරණීය තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකාරියක අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය වැඩබලන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
එම නිසා පරීක්ෂණ අවසන් නොමැති නිසා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල් තුල පවතින සැබෑ තත්වය අවබෝධ කරගෙන සිටින අයට ගන්න තියන එක ක්‍රියා මාර්ගයක් තමයි ඔය අරගෙන තිබෙන්නේ. මෙය නීති විරෝධී ශිෂ්ඨ සම්පන්න ක්‍රියාවක් නොවෙයි. නමුත් රජයේ රෝහල් තුලදී, රෝගී තත්වයන් ගැන නොසලකා සිටීම සාමාන්‍ය දෙයක් වෙලා තියන රටක වෙන මොනවා කරන්නද?
දැන් තමයි මිනිස්සුන්ට තේරිලා තියන්නේ...