පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්විම් ලැයිස්තුවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බලපෑම් කරන බව කියමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද (31) රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
බෙහෙත් ගැනීමට ඈත පළාත්වල සිට බෙහෙත් ගැනීමට ආ රෝගීහු සුසුම් හළමින් ආපසු ගියහ.
වැඩවර්ජනය හේතුවෙන් මාරවිල රෝහලේ බාහිර රෝගි අංශය සම්පූර්ණයෙන්ම අඩාල වි ඇති බව රෝහල් අරංචි මාර්ග පවසයි.
බදුල්ල රෝහලේ ද වැඩවර්ජනය හේතුවෙන් රෝගීහු අපහසුතාවයට ලක්වූහ.
නැගෙනහිර පළාතේ ඇති එකම ශික්ෂණ රෝහලේ ද වෛද්‍යවරු වැඩ වර්ජනයේ නියුතු වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් පුත්තලම මුලික රෝහලේ දෛනික සායන ඇතුළු අංශ රුසක් සම්පුර්ණයෙන් ඇණ හිට ඇත.
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු
ජායාරූප - ජවුෆර් ඛාන්
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ







![S3610017[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S36100171.png)
![S3610022[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S36100221.png)
![S3610023[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S36100231.png)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෙන්ට් කරන්න කලින් කට්ටිය ඇමතිතුමාගේ වැඩ ගැන හොයල බලන්න (කෞ)
දොස්තරලා මේ සටන කරන්නේ රෝගීන්ට ඇති ආදරය කරුණාව වෙනුවෙන්නේ. ඉතින් රෝගීනුත් ටිකක් ඉවසගෙන ඉන්න පුරුදු වෙන්න ඕනා නේද?(කෞ)
අනේ අපේ බදු මුදල්. අද දිනයේ දි මෙයාල චැනල් වැඩත් නවත්වල ද දන්නෙ නෑ.(කෞ)
රාජිත මේකට වග කියන්න ඕනි එය නිසා තමා මේ ඔක්කොම (අ)
මොන පිස්සුද? රජයේ රෝහලේ තමයි සේරම වර්ජන. කවදාවත් චැනලින් සෙන්ටර් වර්ජනය කරන්නෙ නෑ.ඒ තරමට රෝගීන් ගැන හිතනවා. (අ)
අර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කතාකරනකොට ලෙඩ්ඩු අමාරුවේ වැටෙන බව කඳුළු හෙළුව. දැන් ලෙඩ්ඩු අමාරුවේ දාන්නේ මොකද?(අ)
මහජනයාගේ සල්ලි වලින් ඉගෙන ගෙන මහජනයාට සේවය කරන්න ප්‍රතිඥා දීලා එන අය පස්සේ බලන්නේ තමන්ගේ වාසිය විතරයි. අසරණ රෝගීන් තවත් අසරණ කරන්න එපා. (අ)
මට නම් කියන්න තියෙන්නෙ මේ හොරු අපේ සල්ලි වලින් ඉගෙන ගෙන රටෙන් ගන්න පුපුවන් හැම වරදානම අරගෙන ඒ අයගෙ මාරැවීම් ප්‍රශ්න වලට මේ අහිංසක ඡනයා අමාරුවේ දාන එකට මුන්ට හෙන වදිනව.(අ)
ජීඑම්ඕඒ එක විසිරිය යුතුයි (බ)
අර ගෑනු ළමයාගේ වැඩේ වගේ මේකත් ඉල්ලලා අස්කරගත්තා කියාවි. දැන් ප්‍රබල ඇමති කෙනෙක්නෙ.(කෞ)
නුසුදුසු අය පත් වුනාම ඔහොම තමයි (කෞ)
වාහන පර්මිට් දෙනවනම් හැමෝටම දෙන්න. මොකද දොස්තරලට විතරක්. ඉංජිනේරුවෝ කියන්නේ දොස්තරලට වඩා උගත් මිනිස්සුනේ. ඉන්ජිනේරුවන්ටවත් පර්මිට් නැහැ. (කෞ)
හොදම විසදුම පුද්ගලික රෝහල් වසා දෑමිය යුතුයි තෑලෙන යකඩේ උඩ පෑන පෑන තලන්න මහජන මුදලෙන් ඉගෙනගත්ත මෙයාලාට උවමනාව(කෞ)
මනුෂයින්ට ලෙඩ වරන්ට හැකි නම්, වෛද්‍යවරු වැඩ වැරුවට කම් නැත. (බ)
මේ පින්තුර වලින් පැහැදිලියි රටකට වඩා වැදගත් දේශපාලකයින්ද රජයේ සේවකයින්ද කියල. (බ)
කොයි තරම් අසාධාරණ වැඩක්ද මේ දොස්තරලා කරන්නේ? අඩු වශයෙන් සුළු කණ්ඩායමක් හරි ලෙඩුන් බලා ගන්න තියල නේද මේ වර්ජනය කළ යුතුව තිබුනේ? (බ)
කාලකෙට පස්සේ වෛද්‍ය සංගමය වර්ජනයට බැහැලා. නැත්නම් ඒගොල්ලෝ ඉන්න එක අපට අමතක වෙන්න තිබුන. (බ)
ජීඑම්ඕඒ එක හැමදාම තමන්ට ඕනේ අයව ට්‍රාන්සර් නොකර තියා ගන්න මුළු ලිස්ට් එකම තමන්ට ඕනේ විදිහට වෙනස් කරන්න පුරුදු වෙලා හිටියේ. සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒකට මුකුත් නොකර තමාගේ ලේසියට ජීඑම්ඕඒ දෙන ලිස්ට් එකට ට්‍රාන්සර් කළා. (බ)
මේ ඇමතිවරුන්ට වෙන වැඩක් නැද්ද රටේ ප්‍රශ්න ඇතිකිරීමට අමතරව? (බ)
අනේ වාසනාවන් මේවගේ උගත්තු ඉන්න රටක් දියුණු නොවී තියේවිද? (බ)
දොස්තරලට, ඇමතිට සහ ඇමතිගේ පව්ලේ අයට දැන් සැපද? (බ)
අන්න හරි. මේ පින්තුරවල පෙනෙන බිම වැටිලා ඉන්න, රෝද පුටුවල යන, හැරමිටිවලින් යන ධනපති සල්ලි කාරයෝ මට්ටු කරන්න නම් පුළුවන් තරම් වර්ජනය කළ යුතුමයි. මං අහන්නේ, ඇයි මේ මිනිස්සුන්ට ඔතන බිම වැටිලා නිකම් ඉන්න වෙලාවේ ඔය කියන පත්වීම් ටික හදල දෙන්න බැරි? (බ)
ඩොක්ටර් අපේ සල්ලිවලින් ඉගෙනගෙන අපිටම කෙලිනවා. වාහනත් අඩු මුදලට.ආණ්ඩුවෙන් නොදෙන්නේ ගැනියෙක් විතරයි අහිංසක අපි අමාරුවේ (බ)
අසරණ රෝගීන් මරාගෙන හරි මෙයාලා පොහොසත් වෙන්න තමයි බලන්නේ (ම)
ඇමැති මේ ගැන වගකිව යුතුයි (ම)
රෝගීන්ට මොනවා වුණත් කමක් නැහැ රජයේ දොස්තරලගේ සංවිධානයට ඕනෑ විදිහට වැඩේ වෙනවනම්. ඕක තමයි ප්‍රතිපත්තිය. (ම)
ජනපතිතුමා සුවසේවා ඇමැතිවෙලා හිටපු කාලේ බොහෝ සුව සේවා ගැටළු රෝගීන් අපහසුතාවයට පත් නොකර සාකච්ඡා මාර්ගයෙන් විසදගත්ත. බිස්නස් කාරයෝ අතට අමාත්‍යංශය ගියාට පස්සේ රෝගීන් අමාරුවේ. ජනපතිතුමනි ඔබතුමා මැදිහත් වී රෝගීන් අපහසුවට පත් නොකර මෙම ගැටලුව විසදා දෙන්න. (බ)