(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට විෂය නිර්දේශයෙන් ඉවත් කෙරුණු කොටස් ඇතුළත් කර ඇතැයි  කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.

දරුවන්ට අසාධාරණයක්වීම වැළැක්වීමට  ලකුණු යෝජනා ක්‍රමය සකස්  කිරීමට කටයුතු කෙරුණු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.