දළදා පෙරහර ඇතුළු ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික අවස්ථාවලට වසර හැටකටත් වැඩි කාලයක් එක්වු වීදියගොඩ රාජා (70) මිය ගිය බව හිමිකරු බණ්ඩාරගම වීදියගොඩ සුමිත් ලියනගේ මහතා කියයි.
රාජාගේ උස අඩි නවය හමාරකි.දින තුනකට පෙර මුත්‍රා අමාරුව හැදුණු බවත් රාජාගේ ජීවිතය බේරා ගැනීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්තක වු බවත් හිමිකරු කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කැලයෙන් අල්ලා ඇතිකළත් ඔවුන්ට අයිති නිදහස අහිමිවන බව අපි කවුරුත් දන්නා සත්‍යයකි. (නි)
මේ සතාට නිවන් සැප ලැබේවා. (අ)
මේ තියෙන්නේ වීදියගොඩ රාජා නාන්න ගිහින් එනකොට ගත්ත වීඩියෝ එකක් .... මේ විදියගොඩ පන්සල ගාව පාරේ යනගමන් http://youtu.be/3YVtU2soh-I (අ)
නිවන් සැප ලැබේවා!! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
බුදු සසුන වෙනුවෙන් කරන ලද මහගු සේවාවට අගයමි (නදී)
අපගේත් බලවත් සෝකය (නදී)
නිවන් සුව පතමි! (නි)
මරණින් මතු දෙව්ලොව... එතැනින් ඔබට නිවන් සුව! (නි)
ලොකු සේවයක් කරපු හස්තියෙක්. අවුරුදු 70 ක් කියන්නේ සැලකිය යුතු වයසක්. අයිතිකරුවන් හොදින් මෙම හස්තියව බලාගෙන තියෙනවා. කරපු සේවයම ඇති ලබන ආත්මය හොද තැනක උපදින්න. එසේ වේවා කියා ප්‍රාර්ථනය කරනවා. (නදී)
කල කුසල් ධර්ම මතු සසරට ලැබේවා ! සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා ! (නදී)
පව්! අහිංසක සතා. (ර)
නිවන් සුව පතමි.(හේ)
මේ කරගත්තා වූ පිනෙන් මතු ඉපදෙන ආත්මය නිර්වාණය පිණිසම හේතු වේවා.! (ර)
හිතවත් කුමාර්, ඔබ සසර සහ කර්මය විශ්වාස කරනවද අපි දන්නේ නැහැ. නමුත් දළදා පෙරහර වැනි පින්වන්ත කටයුතු වලට සහභාගි වෙන්නේ ඒ සතුන් සසර කළ පින් වල ප්‍රතිඵලයක් ලෙස. පුංචි අකුසලයකින් මිනිස් භවය මඟහැරුනත්, පින් නිසා මෙවැනි උසස් සතුන් වී ඉපිද දළදා පෙරහර සහ වෙනත් ආගමික කටයුතුවල යෙදෙනවා. එය වධයක් නොවේ. ඉතින් අපි කාගේත් සසර යන්නේ ඔහොමයි. ඒ නිසා හිතෙන හිතෙන දේ නොකියා ඉන්න කියා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා (නි)
වීදියගොඩ ඇතා පින්කර තිබෙනවා දළදා පෙරහරේ යන්න. මතු ආත්මයකදී නිවන් සුව පතමි! (නි)
කුමාර්,කැළේ ඉඳලා නෙමෙයිද එළාර රජුගේ ඇතාව අල්ලා ගත්තේ? (නි)
කැලේ ඉන්න ඕනි සත්තු අල්ලාගෙන ඇවිත්.. උන්ව පෙරහරේ යවල.. වධ දීල.. මැරුණම සුදු කොඩි දාන මිනිස්සු.. !! (අ)
නිවන් සුව අත්වේවා.(අ)