(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කිසිදු හේතුවක් නොදක්වා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින්, තමන් වහාම මුදා හරින ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 6 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
පෙත්සම සම්බන්ධයෙන් තමන් උපදෙස් ලබා ගැනීම කල් අවශ්‍ය බවට නීතිපතිවරයා කළ දැනුම් දීම සැලකිල්ලට ගනිමින් පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම අද බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිසි පරිදි ලැබී නොමැති බවය. එබැවින් නැවත වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන මෙන්ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ වනවිට රැඳවුම් නියෝග අවසන්කොට අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවයි.
කුරුණෑගල නුවර පාරේ, අංක 1/6 දරණ ස්ථානයේ පදිංචි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප ලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතීපති නම් කරනු ලැබ සිටිති.
ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 6 වනදා කැඳවන මෙන් නියම කළ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙත යළි නොතීසි දන්වා යවන ලෙසද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්හ.
වඳ සැත්කම් කළා යැයි අභූත චෝදනා එල්ල කිරීමත් නීතීවිරෝධී යැයිද පෙත්සම්කාර වෛද්‍ය මොහොමඞ් සාෆි මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මෙයාගෙන් ප්‍රතිකාර ගත්ත අහිංසක ස්ත්රීන්ගේ මානව හිමිකම්?
ඇමරිකාව වගේ රටක නම් මේ මනුස්සයා විදුලි පුටුවෙ. අපේ රටේ ඒ හාදයගේ අයිතිවාසිකම් හොයනවා.
වැරදි කරලා හිතාගෙන මිනිහෙක්ව හිරකරගෙන ඉන්නවා... මෝඩ වහන්සේලා මේවට වග කිව යුතුයි . වැරැද්දක් නම් අනිවාර්යෙන්ම පරීක්ෂණ අවසන් කරලා දඩුවම් දිය යුතුයි . කරපු වරද්ද මොකද්ද කියල එක එක එක්කෙනා එක එක දේවල් කියනවා . අත් අඩංගුවට අරන් තියෙන්නේ මුදල් වැඩි නිසාලු . එකත් ඔප්පු කරගන්න බැරිලු . අනේ මන්ද ?
සේන මහතා වැනි අය සිටින රටක වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන කිසිම විද්‍යාත්මක පදනමක් නැති තර්ක ඉදිරිපත් කරන අයගේ විචාරවලට වහල්වී අහිංසකයින් විදුලි පුටුවලට යවන ක්‍රමයක් ඇමෙරිකාවේ හෝ කිසිම දියුණු රටක නොමැති බව වටහා ගත යුතුයි. ඒ නිසයි ලංකාව තවම තුන්වෙනි ලෝකයේ පල් වෙන්නේ.
සාක්ෂි දුන්නු ස්ත්‍රීන් දැන් පරීක්ෂණයට එන්න බැහැ කියනවලු. අනේ මන්දා මෙතැන මට පේන විදිහට තනිකර බොරුවක් සිද්ධ වෙන්නේ... මිනිහෙක් වැරැද්දක් කළා නම් පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න ඕනේ... එහෙම නැත්නම් ඒ මනුස්සයව නිදහස් කරන්න ඕනේ...
මේක ලෝක බොරුවක් කියන්න තවත් හේතු මොකටද ? පැමිණිල්ලෙ නීතිඥවරුම කියනව පැමිණිලිකල ගැහැණු අයව පරීක්ෂා කරන්න එපාලු, මැරෙයිලු..