උතුරුමැද පළාත් ආයුරුවේද කොමසාරිස් යූ චන්ද්‍රකුමාර අල්විස් මහතා ඇසිඩ් ගසා ඝාතනය කිරීමට තැත්කළැයි සැකපිට තුන්මාසයකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් තිදෙනකු රුපියල් 25000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
ඔවුනට දැඩි ඇප කොන්දේසි නියම විය.
මින්නේරියේ අයුර්වේද වෛද්‍ය සිසිර කුමාර වික්‍රමසිංහ, මට්ටක්කුලියේ නුවන් කුමාර හා කැලණිය තොරණ හන්දියේ මාළු වෙළන්දකු වන ඩබ්ලිව් ඒ කෝෂිත එසේ ඇප ලැබූවෝ වෙති.
චන්ද්‍රකුමාර අල්විස් මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල වූයේ පසුගිය පෙබරවාරි 22වැනිදා අනුරාධපුර සිය නිවසේදී ය.
බෙහෙත් ගැනීමට ආ ලෙඩකුගේ වෙස් ගෙන ඇසිඩ් ගසා තිබිණි.
වැඩිදුර විභාගය සැප්තැම්බර් හය වැනිදාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙදයි සෙබළයි මාළු වෙළෙන්දයි ඇප ලබති
කරු Saturday, 06 July 2013 09:41 PM
මම නම් කැමති නැහැ
අර්ෂා Saturday, 06 July 2013 01:34 PM
මුන්ට ඇයි ඇප දුන්නේ අඩුම තරමින් අවුරුදු 15 ක් වත් සිරගෙදර යවන්න තිබ්බා.(නදී)