උතුරුමැද පළාත් ආයුරුවේද කොමසාරිස් යූ චන්ද්‍රකුමාර අල්විස් මහතා ඇසිඩ් ගසා ඝාතනය කිරීමට තැත්කළැයි සැකපිට තුන්මාසයකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් තිදෙනකු රුපියල් 25000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
ඔවුනට දැඩි ඇප කොන්දේසි නියම විය.
මින්නේරියේ අයුර්වේද වෛද්‍ය සිසිර කුමාර වික්‍රමසිංහ, මට්ටක්කුලියේ නුවන් කුමාර හා කැලණිය තොරණ හන්දියේ මාළු වෙළන්දකු වන ඩබ්ලිව් ඒ කෝෂිත එසේ ඇප ලැබූවෝ වෙති.
චන්ද්‍රකුමාර අල්විස් මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල වූයේ පසුගිය පෙබරවාරි 22වැනිදා අනුරාධපුර සිය නිවසේදී ය.
බෙහෙත් ගැනීමට ආ ලෙඩකුගේ වෙස් ගෙන ඇසිඩ් ගසා තිබිණි.
වැඩිදුර විභාගය සැප්තැම්බර් හය වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කැමති නැහැ
මුන්ට ඇයි ඇප දුන්නේ අඩුම තරමින් අවුරුදු 15 ක් වත් සිරගෙදර යවන්න තිබ්බා.(නදී)