අත්අඩංගුවට පත් රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත මුදාහළ පොලිසිය ලබන 27 වැනිදා අලුත්කඩේ අංක 7 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔවුනට දැන්වීය.
ඔහු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කැරිණි. වෛද්‍ය වාර්තාව ද පොලිසියට ලබාදී ඇත. එම වාර්තාව ඔහුට අවාසි සහගත බව දැනගන්නට තිබේ.
කෙහෙළියගේ පුතා පොලිස් අත්අඩංගුවට
ක්‍රිකට් ක්‍රිඩකයකු ද වන මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.
ඔහු පැද වු කාරය ශ්‍රාවස්ථි මන්දිරය පෙදෙසේ සිට නිදහස් මාවතට හරවද්දී පාරෙන් ඔබ්බට පැන පදික වේදිකාව දිගේ ධාවනය වී තාප්පයක ගැටී ඇතැයි ද ඔහු මත්පැන් බී සිටියේ දැයි සොයා බැලීමට පරික්ෂණ කරන බව පොලිසිය පවසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් ගුවන් යානයේ දොර ඇරීමට උත්සාහ කළා මතකයි. මෙදා පාර ගෙයක ගේට්ටුවක් අරින්න යන්න ඇති. (බ)
මත්පැන් නෙමේ කුඩු ගහලද දන්නෙ නෑ (බ)
මේ ගස සහ තාප්පය අතරින් යන්න ඕනෑමනම් මෝටර් බයිසිකලයකින් ගියානම් හරිනේ අසුද්ද සල්ලිවලින් අරන් දුන්නු කාර් එක අවරුදු තුනකින් ඉවරවුණු එක හොඳයි නැත්නම් ජීවිතය අනතුරේ (බ)
මෙයා නේද ගුවන් යානයකත් දොර අරින්න ගියේ...(බ)
පේනවා නේද..? අපේ දේශපාලකයෝ රට හදන්න මහලොකුවට යනවා. තමන්ගේ දරුවන්ව හරියට හදා ගන්න බැහැ ඔවුන්ට. ඒ ගොල්ලෝ නීති කඩනවා. මදාවිකම් කරනවා. (බ)
ඉතින් ඇයි මේ පරීක්ෂණය ඉක්මණින් නොකරන්නේ? (නි)
'ඇල්කො ටෙස්ට්' එක කරන්න විනාඩියෙන් පුළුවන්. පරීක්ෂණයක් පවත්වන්න පොලිස් කණ්ඩායම් ඕනෑද? (නි)
තාත්තා බැල්කනි හයි ජම්ප් දාලා වුන දේ පුතාට මතක නෑ.. කුඩුවෙන්න ගහලා ඩ්‍රයිවර් කෙනෙක් අරන් ගියානම් හරි..(බ)
දැන් කියයිද දන්නෙ නැහැ හීනෙන් රිය පදවන්න ගිහින් වෙච්ච දෙයක් කියලා. (නි)
ඇති පදික වේදිකාවේ ගිය කෙනෙක්ගේ ජීවිතයට හානියක් නොවි ඔයින් බේරුනා (නි)
දේශපාලන පළිගැනීම් වල ඉවරයක් නැහැ. අනේ පව්! (නි)
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි. අපි දිනනවා, රට හදනවා ඒක ඇත්තමයි....... (ම)
ක්‍රිකට් ක්‍රීඩකයෙකු හැටියට කුලසේකරට තියෙන අයිතිවාසිකම් මෙතුමාටද තිබෙන නිසා මාර්ග නීති උල්ලංඝනය කිරීමේ අයිතිය මොහුටද ඇත. (ම)
වාහන වැරදි විදියට පැදවීමේ වරදට පොලිසිය නීතිය කරන්න හදන කොට එකත් දේශපාලන පළිගැනීමක් කියනවා .පුදුම රටක් (ම)
නන්ද. දේශපාලකයන් රට හදන්න නෙවේ යන්නේ පරම්පරාව හදාගන්නයි දේශපාලය කරන්නේ(අ)
දෙවෙනි ෆොටෝ එක දෙකකම සාජන් නල්ලතම්බි අපේ නළුවා මතක් වුණා (අ)
මෙයා එකපාරක් උඩුගුවනේදී ගුවන් යානයක හදිසි දොර අරින්න හැදුවා. අද හැපුනම කවූද දන්නේ නැහැ මෙයාගේ මෝටර් රථයේ දොර ඇරියේ? (නි)
කාගේදෝ තාත්ත කෙනෙකුත් මේවගේ වෙරිමරගාතෙ පිටරටක තමන් හිටපු හෝටලයෙන් බිමට වැටිලා ජරමරයක් වුණා ඒ දවස්වල.....එයට ජනාධිපති අරමුදලෙනුත් ගාණක් කඩාගත්තා.(අ)
මෙහෙම කෙනෙකුට හොඳ දඬුවමක් දුන්නා නම් අනෙක් අයත් හැදෙයි (නි)
මේ රථයේ තියෙන්නේ ගරාජ් අංකයක්. මෙයට වසර කිහිපයකට පෙර මේ රථය පුතාගේ උපන්දිනයට තෑගි දුන්නා කියලා පම්පෝරි ගැහුවා නේද? ඉතින් කොහොමද මේතරම් කල් මේ වාහනය ගරාජ් අංකවලින් දුවන්නේ? එ්ක වරදක් නොවේද. (නි)
කාර් එක නම් වටිනවා වගෙයි පෙනෙන්නේ , අර බේබිල වගේ අහිංසක ජනතාවගේ මුදල් වලින්ද දන්නේ නැහැ අරන් තියෙන්නේ ? (අ)
"කිසිදු පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන්ට වඩා විශේෂ වරප්‍රසාදිතයකු නොවනවා සේම, කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තීන්ට වඩා විශේෂ වරප්‍රසාද වෘත්තියක් බවට අප හදුනාගන්නේ නැත". එතකොට කොහොමද මේ රතු අංක සහිත වාහන දේශපාලන පවුල් වල අයට? (අ)
තාත්තා වගේ නොවන පුතා නොට්ටිගේ පුතා කියලා කියමනක් තියෙනවනේ. මතකනේ තාත්තා බැල්කනියකින් වැටිලා කරගත් හදිය? (නි)
මධාවිකාරයන හදන මවුපියනුත් රටට සාපයක්. (අ)
මෙයාට දේශපාලනයට එන්න සියලුම සුදුසුකම් තියනවා. අර අලුත් පක්ෂයෙන් පළාත් පාලන චන්දෙට බැස්සනං හොඳයි. (අ)
සාජන්ට් නල්ල තම්බිගේ පුනරාගමනය. (අ)
අපේ අප්පොච්චි හිටියානම් මහෙම කොල්ලන්ට හිරිහැර කරන්නේ නැහැ(අ)
බලමුකො මොකද වෙන්නේ කියලා.(හේ)
මාර වැඩ තමයි කර ගන්නේ.(හේ)
මේ කර ගත්ත දෙයින් ආයේ බේරුමක් නෑ.(හේ)
මේ මිනිසුන්ට මොන ආණ්ඩුවක් ආවත් බේරෙන්න පුළුවන්. ඒත් යහපාලනය ආණ්ඩුවේත් මේ වගේ අයට ආවඩන අය ඉන්න එකනේ පුදුම. (නි)
තවත් ජනප්‍රිය කෙනෙක් (අ)
ඔය වෛද්‍ය වාර්තා වේ සමාජ රෝග ගැන සඳහනක් නැද්ද ? (අ)
අර කොහෙන්ද මන්දා වැටිලා කකුල් කඩාගෙන මහජන මුදල් වලින් බෙහෙත් ගත්තේ කවුද කියලයි මම මේ කල්පනා කළේ (නි)
අපේ මීහරක් මෙයාවත් කවදාහරි පාර්ලිමේන්තුවට යවයි. (අ)
තාත්ත වගේමයි පුතාත්. වෙලාවකට බැල්කනි එකේ, ඊළඟට ගුවනේ, ඊළඟට පාරේ... නැවටත් යයිද? (නි)
අපිට මෙහෙම එකක් වුණා නම් මෙච්චර කල්ගනීද? (නි)
අබරන්, කුලසේකර මාර්ග නීති උල්ලංගනය කළේ නැහැ. ග්‍රැෆික් සටහන් දැක්කේ නැද්ද? (නි)
මෙයාලා මෙහෙම වැඩ කරන්නේ දේශපාලන හයිය හිතට අරගෙන (නි)
මම නම් කියන්නේ ජීවිත කාලයටම මතකහිටින්න හොඳ දඬුවමක් දෙන්න (නි)
මෙයා නේද අර ගමන්කරන ප්ලේන් එකෙන් දොර ඇරලා බහින්න හැදුවේ? (නි)
ආසිරි, බලාගෙන ඉන්න දඬුවම් දෙනකම්. ඔක්කොටම කලින් හොයන්න ඕනෑ මෙයා ගරාජ් නොම්මරයක් තියාගෙන වාහනයක් එලවාගෙන ගියේ කොහොමද කියලා. අර ගුවන් යානයේ දොර අැරියේත් හීනෙන්නේ. මොනවා කරන්නද, අපි මේ නරිනාටක බලාගෙන දියසෙන් කුමාරයා පහළවෙනකම් ඉඳිමු ! (නි)
මොන පක්ෂයේ වුණත් දෙමවුපියෝ දැනගන්න ඕනෑ හැමදේම. ඒ කියන්නේ ඇමතිකම් ලොකු ලොකු පට්ටම් තිබුනත් තමාගේ දරුවන්ට සමාජයේ සාමාන්‍ය මිනිසුන් වගේ ජීවත්වෙන්න උගන්වන්න ඕනෑ. නීතිය කාටත් එකයි (නි)
මේවත් මහජනයාගේ බදු මුදල් වලින් සූරාගත් සල්ලිද? (නි)
බලන්නකෝ මේ ප්‍රවෘත්තියට තිබෙන ප්‍රතිචාර! (නි)
වෛද්‍ය වාර්තා වල අඩංගු දේ ගැන අපිට දැන්මම සිතාගන්න පුලුවන් (නි)
අවාසියි තමයි.මේ අයට දැඩි දඩුවම් දෙන්න.(හේ)
සමහර දේශපාලකයන්ගේ ළමයින්ට ඉඳලා හිටලා හරි බාල්දියක් පෙරලා ගත්තේ නැත්තම් ඇඟට හරිනැහැ වගේ . (හේ)
පදික වේදිකාවේ ඒ වෙලාවේ කවුරු හරි ඉඳලා යට වුනා නම් බලාගන්න තිබුනා (හේ)
මේ අය රටේ නම කනවා.දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් එකක මේ ගැන පල කරලා තියෙන්නේ.(හේ)
අපි මෙයාව නිදොස්කර නිදහස් කරමු නේද? (නි)
ඕනෑ ඕනෑ විදිහට නටන්නේ මෙරටේ කිසිම නීතියක් සමාන නොමති නිසා. නැති බැරි එකාට එක නීතියකුත් තියෙන එකාට තව නීතියකුත්. හැබැයි මොවුන් සල්ලි හොයා ගත්තේ කොහෙන්ද කියලා සෙව්වොත් සේරම අපේම සල්ලි (නි)
මේ දරුවාගේ දෙමව්පියන්ගේ වැරදි. පියා මෙයාගේ වැරදි වලට සුදු හුණු ගානවා අපි ඕනෑතරම් දැකලා තියනවා (නි)
මෙච්චර සල්ලි මෙයාලා හම්බකළේ කොහෙන්ද? (නි)
පහන්, නීතිරීති උල්ලංඝනය කිරීමට අයිතියක් කිසි කෙනෙකුට නැති නිසා මා ලියු දේ තේරුම් ගැනීමට උත්සාහ කරන්න.
එ්ක නෙවෙයි ප්‍රශ්නේ? මොහුට අවුඩි ගන්න සල්ලි කොහෙන්ද? (නි)
අනේ මෙහෙමත් දරුවෝ? (නි)
අවාසි වුණාට කමක් නැහැ, එය ප්‍රසිද්ධියට පත්කරන්න (නි)
දේශපාලකයොයි එ්ගොල්ලන්ගෙ ළමයිනුයි හිතාගෙන ඉන්නෙ එයාලා නීතියට උඩින් කියලා. (නි)
මේ වාහනේ මෙයාගේ බුදලයක්ද. මේවා රටේ ජනතාවගේ සල්ලි වලින් මිනිස්සුන්ට වැඩකරන්න පාර්ලිමේන්තුවේ ඉන්න එක්තරා හොරු කොටසකට දීල තියන ඒවා. කොහොමද මෙය පාවිච්චි කරන්නේ. (අ)
ඊයේ තාත්තගේ උපන්දිනයනේ, එ්ක පාර්ටි එකින් එන ගමන් ඕක වුනේ. (බ)
තාජුඩීන්ගෙ කාර් එක වගේම ගහකත් වැදිලා තාප්පෙත් වැදිලා. එකම වෙනස රියදුරා එළියෙ, කාර් එක ගිනි අරගෙනත් නැහැ. (නි)
ඔන්න මගේ පුතා එලවාගෙන ගිය කාර් එකේ සුක්කානම යහපාලනය විසින් වැරදි පැත්තට හරවල ගහකයි බිත්තියකයි හප්පලා (ම)
මොවුන්ව ජීවිත කාලෙටම නැවතත් ක්‍රීඩාවට සම්බන්ධ කර නොගත යුතුයි. (නි) (නි)
මේ යන විදියට කොහොමත් අවාසී වෙයි.(හේ)
කොහොමද මේ රතු අංක තියෙන වාහන මේ වගේ කෙනෙක් පාවිච්චි කරන්නේ? (නි)
මොනවට ඇප දෙනවද මන්දා මේවට.
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕනේ මේ දේවල් අමතක නොවෙන්න.(හේ)
රට කන අය කවුද කියලා ජනතාව දන්නවා (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
වෛද්‍ය වාර්තාව අවාසියි කියන්නේ ඇයි කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
මේ වගේ වාහන ගන්න මේ අයට කොහෙන්ද සල්ලි? මොකක්ද මෙයා කරන රැකියාව? (නි)
ලජ්ජා නැති මිනිසුන් ...තාත්තගේ සල්ලිවලින් ගත්ත ටැක්ස් ගෙවන්නේ නැතුව ගත්ත ලක්සිරි කාර් එකේ ගිහින් කවුරු හරි ඔය පදික වේදිකාවේ ඒ වෙලාවේ ඉඳලා මරුන නම්. (අ)
මෙතන තියෙන එකම ප්‍රශ්නය තමයි මේ මනුස්සයා කෙහෙළියගේ පුතා වීම. වෙන කෙනෙකුට වුණා නම් මේ ගැන කතා කරන්නේ නැහැ කව්රුත්. (නි)
ලියාපදිංචි නොකළ වාහනයක් නේද? (නි)
උපරිම දඬුවම් දියයුතුයි (නි)
මෙයා ගරාජ් නොම්මරයකින් නොවේද ධාවනය කරලා තියෙන්නේ?මේක දැන් අලුත් සෙල්ලමක් වෙලා (නි)
ලොකු ලොකු කතා... රට හදන්න කලින් පුතා හදාගන්න (නි)
වෛද්‍ය වාර්තා කොහොම වුණත්, මේ විදිහේ ගරාජ් නොම්මර වලින් පාරේ යන එක තහනම්නේ. එ්කට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? (නි)
අපි යන්නේ මොන පාරේ... ඇමති පුතුන් යන පාරේ... (නි)
මේවට අන්තිමට දොස් අහන්න වෙන්නේ හැදූ වැඩූ දෙමාපියන්ට (නි)
කාර් එකේ යන්න ඇත්තේ ඒ දවස් වල ගියා වගේ ගුවන් යානාවේ යනවා කියලා හිතාගෙන වෙන්න ඇති. හදිසියක් වෙලා කාර් එකේ දොර අරින්න ගියාද දන්නේ නැහැ (බ)
සුබ ගමන් පුතා! ඔහොමම යමු. (නි)
ඇයි මේ කට්ටිය මෙච්චර කලබල. පාරෙන් ඉවතට පැනල කාර් එකක් ගහකට හැප්පුනහම ඇප දෙන්න බැරිද? පොලිසියට යන්නවත් ඕන නැහැ. රක්ෂණයෙන් ඇවිල්ල බලල කාරෙක හදාගන්න එක විතරයි තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ මෙතරම් කතා කරන්න දෙයක් තියනවද කියල. (අ)
මෙහෙම අංකයක් තිබෙන වාහනයක් කොහොමද මෙයා පාවිච්චි කරන්නේ? (නි)
ඇමැතිවරුන්ගේ දරුවන්ගේ හැටි (අ)
ඉස්කෝලේ යන කාලේ ඉඳලා ප්‍රසිද්ධ චරිතනේ. මේවා අපේ රටේ බලපුළුවන්කාර දෙමව්පියන්ට සුළු දේවල් . අපි තමයි අපේ ළමයකු මෙහෙම දෙයක් කරලා අහු වුණත් කණ මිරිකලා ටොක්කක් ඇනලා ගෙට ගන්නේ. (අ)
සාජන්ට් නල්ලතම්බිව දැක්ක කල් . (පොටෝ එකේ රාළහාමි ගැනයි කිව්වේ ) (අ)
අත වැනුවේ සඳලුතලෙන් වුණත් ගොස් හැපුනේ තාප්පයේ ...
කොහොම වුණත් කමක් නැහැ, උපරිම දඬුවම් දෙන්න (නි)
දෙමව්පියන්ට ගොඩක් මුදල් තියෙනකොට ගොඩක් බලය තියෙනකොට දරුවෝ වැරදි කරනවා වැඩියි. මෙයාලට කිසිම සමාවක් දෙන්න එපා. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. මේක පළවෙනි වතාව නෙවෙයිනේ. (නි)
කොහෙද මේ වගේ අංක තහඩු තියෙන්නේ? ලියාපදිංවි නොකළ වාහන ධාවනය කිරීම වරදක් නොවේද? මෙම අංක තහඩුවේ නීතිමය වලංගුභාවය කුමක්ද?මෙය අපේ රටේ කුමන ආයතනයකින් නිකුත් කරනලද අංක තහඩුවක්ද? (නි)
අපේ අවාසනාවට මෙය දවසක් දෙකක් ( ජයසූරියට පින්සිද්ධ වෙන්න ) ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා තියන හින්දා ජාත්‍යන්තර මාධ්‍යයත් මේක ප්‍රචාරය කරලා තියනව මම දැක්කා (බ)
බලන්නකෝ අවාසියක් වෙන්නේ නැතිවෙයි.(හේ)
දුවන ප්ලේන් එකේ දොර ඇරගෙන ටෝයිලට් එක හොයන ..කිසිම අද්දැකීමක් නැති මිනිස්සු ..ප්ලේන් එකක යනකොට ළග ඉන්න මනුස්සයගේන්වත් අහලා දැනගන්න තරමට නම්‍යශීලී නැහැ අපේ ලොකු ලොකු අයගේ දරුවෝ ..?(හේ)
අසීමිත. බලය අසීමිත දුෂණ කරයි. බිලා හිටියත් නැතත් මෙවැනි අංකයකින් මහා පාරේ ධාවනය කරන්ට බැහැ. (බ)
සාජන් නල්ලතම්බි තමයි කේස් එක හැන්ඩ්ල් කරන්නේ...(බ)
දෙයියනේ! අවාසිලු... (නි)
අර අන්තිම පින්තුරේ ඉන්න කෙල්ල දන්නවද ? (බ)
නිමල්, ඔයා කියෙව්වේ නැද්ද පදික වේදිකාව උඩ රිය ධාවනය වෙලා කියලා. ඒ වෙලාවේ ඔයා පදික වේදිකාවේ හිටියා නම් කලබලනොවී භාවනා කරන්න පටන් ගන්නවාද? (නි)
මට නම් ඇත්තෙන්ම කිසිම වැදගත් පෙනුමක් පෙනෙන්නේ නැහැ (නි)
ලංකාවේ මිනිස්සුත් බලාගෙන ඉන්නේ කාටහරි අකරතැබ්බයක් වුණාම සතුටු වෙන්න (නි)
කොහොමද මෙයා අංක තහඩු හරියට නැති වාහනයක් පදින්නේ? (නි)
කෙහෙළිය මහත්තයාට එයාගේ පුතා හින්දා, එ්ක එයාට ගානක් නැතුව ඇති. නීතිය කාටත් එකයි. දඬුවම් දෙන්නම වෙනවා. (නි)
පිස්සු නැත්නම් හොඳයි කියලා හිතුනා. මේ වගේ අය රටට බරක් (නි)
මෙහි කාටවත් අනතුරක් වෙලා නැහැනේ. එතකොට චම්පික රණවකගේ සිද්ධිය? ඒකට කෝ ප්‍රතික්‍රියා (නි)