ෆියුචර් මයින්ඞ්ස් ලේකම් කාර්යාලය දෙවැනි වරටත් සංවිධානය කළ ‘ෆියුචර් මයින්ඞ්ස්’ වෙරළ ටැග් රග්බි සැණකෙළියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමත් විය. කොළඹ මහානාම විදුහලට අනු ශූරතාව හිමිවිය. ගල්කිස්ස වෙරළ තීරයේ ජීවිතාරක්‍ෂක සංගමය අසළදී පැවැති මෙම තරගාවලියට කණ්ඩායම් 19 ක සහභාගි වූහ.
තරගාවලියේ පළඟ ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහලටද, බඳුන ශූරතාව මරදාන සහිරා විදුහලටද, හිමිවිය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ රිචඞ් ධර්මපාල සම්මාන ලැබීය.
විද්‍යා විදුහල් ක‍්‍රීඩකයෝ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී මහානාම විදුහලට එරෙහිව ලකුණු 5x0 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
පළඟ ශූරතා අවසන් මහ තරගයේදී විද්‍යාර්ථ විදුහල ලකුණු 20.10 ක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කළේය. සහිරා විදුහල් ක‍්‍රීඩකයෝ බඳුන ශූරතා අවසන් මහ තරගයේදී තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 15.10 ක තියුණු ජයක් ලැබූහ.
(ඡයාරූප: සුමින්ද සුදර්ශන පතිරණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත... දක්ෂයන්ට කොහේ ගියත් හරි යනවා හොර බොරු වංචාව නැත්තම් හැමදාටම. ඒත් හැමතැනම තියෙන්නේ වංචාව. (නි)
විද්‍යා විද්‍යාලයේ රග්බි කණ්ඩායමට සුබ අනාගතයක් ! (ස)
දක්ෂයට නියම තැන ලැබෙනවා හොරු බොරු වංචා කාරයෝ නැත්නම්..(ස)
ආදී ශිෂ්‍යන්ගෙන් උණුසුම් සුබ පැතුම් . අපට හරි ආඩම්බරයි. (ස)