ලෝකයේ වෛද්‍ය පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් සිදු අනවශ්‍ය හේතු මත කරතියි වෛද්‍ය පරිපාලන විශේෂඥ, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කර ඇති සමීක්ෂණයකින් ඒ බව තහවුරු වන බව ද ඔහු සඳහන් කරයි.
වෛද්‍යවරුන්ගේ පළපුරුද්ද මත පර්යේෂණ වලින් තොරව රෝග නිශ්චය කර බෙහෙත් ලබා දුන්නද ඇතැම් රෝගීන් සෑහීමකට පත් නොවන බවත්, පර්යේෂණ වැඩි වැඩියෙන් කරනවාට සමහරුන් කැමති බවත්, ඒ මගින් නිරපරාදේ ධනය විනාශ වනවා පමණක් නොව විවිධ අහිතකර බලපෑම්වල ලක්වීම සිදු වන බවත් වෛද්‍ය හේවගේ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කථාව ලංකාවෙ කෙරෙන දෙයක්.විශේෂඥ වෛද්‍යවරු කරන්නෙ සාමාන්‍ය වෛද්‍යවරයාගේ වැඩේ.රෝගීන් මේ තත්වය අවබෝධ කරගෙන නැහැ.එංගලන්තෙ නම් විශේෂඥ වෛද්‍යවරයෙක් කෙලින්ම හමුවන්න බැහැ. ඒ සදහා සාමාන්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශ අවශ්‍යමයි.මෙහේ සල්ලි දෙනවා නම් ඕන දෙයක්.(හේ)
අපේ රටේ දොස්තරලා කීප දෙනෙක් ලගට ගියොත් හැම දෙනාම වෙනවනම පරීක්ෂණ කරන්න කියනවා. එක දොස්තර කෙනෙක් කියපු තැනින් ගත්ත එක අනිත් දොස්තර බලන්නේ නෑ. ඒ වුනත් වෙනත් රටවල ඒ පුද්ගලයට අයත් සෞඛය අංක එකෙන් ඕනෑම දොස්තර කෙනෙකුට අදාල කෙනාගේ සියලුම රෝග,පරීක්ෂණ සහ දුන් බෙහෙත් සොයාගත හැකියි. (අ)
වැඩි දෙනෙක් හොර දොස්තරලනේ.(හේ)
අපේ රටේ දොස්තරලා කීප දෙනෙක් ලඟට ගියොත් හැම දෙනාම වෙන වෙනම පරීක්ෂණ කරන්න කියනවා. එක දොස්තර කෙනෙක් කියපු තැනින් ගත්ත එක අනිත් දොස්තර බලන්නේ නෑ. ඒ වුනත් වෙනත් රටවල ඒ පුද්ගලයට අයත් සෞඛ්‍ය නොම්බර් එකෙන් ඕනෑම දොස්තර කෙනෙකුට අදාල කෙනාගේ සියලුම රෝග,පරීක්ෂණ සහ දුන් බෙහෙත් සොයාගත හැකියි.(හේ)
දැන් අපිට දොස්තර කියන්න වෙලා තියෙන්නේ 'දොස් වලින් තර වු' අයට (නි)
ලංකාවේ දොස්තරලා හැම දෙයක්ම කරන්නේ මුදලට කෑදරකමට. එංගලන්තේ ඉගෙනගෙන එංගලන්තෙට උගන්වන්න යනවා . එත් ලංකාවේ හැමදේටම දුර නොබලා සැරම බේත ඉස්සර වෙලාම දෙනව. පාරිබෝගිකයා තියාගන්ඩ. (ස)
අපේ රටේ තියෙන්නේ දොස්තර මාෆියාවක් (නි)
ඇමෙරිකාවේ වගේ රටවල නම් ඔය කතාව ඇත්ත වෙන්න ඇති. මොකද රෝහල් සියල්ල පුද්ගලික ආයතන සහ වැරදීමකින් ලෙඩෙකුට අවැඩක් වේවි යන බය නිසා. නමුත් ප්‍රංශය, එංගලන්තය, සහ කැනඩාව වගේ රටවල සෞඛ්‍ය සේවය නොමිලයේ ලැබෙන්නේ. ඒ නිසා ඒවායේ නම් ලාබ බලාපොරොත්තුවෙන් කෙරෙන දේවල් අඩුයි. ලංකාවේ රෝහලකට ගියොත් මැරෙන්න වෙන්නේ දොස්තරලා බෙහෙත් නොකරන නිසා. මොකද ලංකාවේ දොස්තරලාට විරුද්ධව නඩු දාලා සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? සමහරවිට තව කෙනෙක් කියාවි ටෙස්ට් කරලා බිල ගෙවනවාට වැඩිය හොඳයි මැරෙන එක කියලා. (නි)
ඉස්සර නම් ව්‍යාපාරිකයො තමයි ජනතාවගේ සල්ලි සූරාකෑවෙ. දැන් දොස්තරලා. අතීතයේ වෙදකමයි දොස්තරකමයි ගෞරවනීය රැකියා. මුදලට තිබෙන කෑදරකමට ගරුත්වය නැතිකරගෙන. (නි)