යාපනය පුංකුඩුතිව්හිදී ඝාතනය කැරුණු අට හැවිරිදි විද්‍යා දැරියගේ මව සහ සහෝදරයා වෙනුවෙන් වව්නියාව කුරුමන්කාඩුවේ ඉදි කළ නිවස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (03) ඔවුනට බාර දුන්නේය.
දැරිය ඝාතනය වීමෙන් පසුව ඔවුන් ජීවත් වූ ප්‍රදේශයෙන් බැහැරව ජීවත් වීමට අවශ්‍ය බව දැරියගේ මව කර තිබූ දැනුම් දීමක් අනුව නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයැවීමෙන් සිවිල් ආරක්ෂක බළකාය නිවස ඉදි කර දුන්නේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම හොඳයි ඇමති තුමා නිවාස අධිකාරියේ සභාපති පලන්සුරිය භයානකයි (බ)
නැති බැරි අයගෙන් විනාශ වුනේ විද්‍යා දැරිය විතරක් නොවන බවත් මතක් කරගන්න.(බ)
එතකොට සේයා දුවගේ කට්ටිය???(හේ)
මේ මොන විහිළුද අනේ ? මලක් වගේ හිටිය දුව දහා දුක් විදලා මැරුවට පස්සේ ගෙවල්ද මේ මිනිස්සුන්ට ඕනේ. වැරදි කරපු එවුන් එල්ලලා මරන්න ඕනේ ඉක්මනට. එ්කයි වෙන්න ඕනේ. (බ)
සමහර අදහස් කුහකයි. මළ කෙනාට පණ දෙන්න බැහැ. නමුත් ඉන්න දරුවන්ටවත් ආරක්ෂිතව දිවි ගෙවන්න හැකි මෙවන් දෙයක් කරදීම ගැන ප්‍රශංසා කළයුතුයි. (නි)
මේ ගත් පියවර ගැන ඇත්තෙන්ම සතුටුයි (නි)
ඒ කරපු දේ ලොකු පිනක්.(හේ)
දකුණේත්, මුළු රටේමත් කරදරවුණ දැරියන්ටත්, පවුලේ සැමටත් සාධාරණයක් ඉටුකරනවා නම් අපි සතුටුයි (නි)
මේ අසරණයන්ට පිහිටවීම වටිනා දෙයක්. (ර)