යාපනය පුංකුඩුතිව්හි පාසල් සිසුවියක කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරුවෝ දොලොස් දෙනා ලබන නව වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් රියාල් මහතා අද (22) නියෝග කළේය.
2015 මැයි මස 13 වැනිදා දැරිය ඝාතන කර තිබුණු අතර ජූලි මාසයේ සිටි සැකකරුවෝ රිමාන්ඩ් බාරයේ පසු වෙති.
සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස සැකකරුවන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ රට තුල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධියේ සැකරකුවන්ට ඇප ලබා දිය නොහැකි බවයි. ඔවුන් වෙනුවෙන් ඇප අවශ්‍ය නම් මහාධිකරණයට යන ලෙස මහේස්ත්‍රාත් කීවේය.
එම සිසුවියගේ මවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පෙර රිමාන්ඩ් කැරුණු කාන්තාවන් දෙදෙනකු ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් අතිරේක මහේස්ත්‍රාත් ජීවරානි මහත්මිය අද නියෝග කළාය.
ප්‍රධාන නඩුවේ සැකකරුවන් දෙදෙනකු වන ස්විස් කුමාරගේ සහ දුසාන්තගේ මව්වරුන් දෙදෙනා එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විද්‍යා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්
ටෙෂාන් Thursday, 23 June 2016 06:46 AM
නිකන් නෙමෙයි, අර සෞදි වල වගේ ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕනෑ. (නි)
ඉන්දු Thursday, 23 June 2016 02:19 AM
මහේස්ත්‍රාත්තුමාට මගේ ප්‍රණාමය! මේ වගේ අපරාධ කළ අය එල්ලා මරාදැමිය යුතුයි. (නි)
මදුසංක Thursday, 23 June 2016 03:00 AM
ඉන්දු, මම ඔබට එකඟයි. (නි)