(සුමිත් පොතුපිටිය)

වාද්දුව මොරොන්තුඩුව පාරේ මැලැගම ප්‍රදේශයේ නූල් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

එහි විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශවී තිබුණි .

කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කළ අතර, ප්‍රදේශවාසීන් සහ වාද්දුව පොලිසිය ඒ සදහා සහාය ලබාදෙන ලදී .

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැකකරන අතර , සිදුව ඇති දේපල හානිය රුපියල් කෝටියකට අධික බව සදහන් වේ.