මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (23) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින් ඇරැඹිණි.
සිසුහු විරෝධතා පුවරු රැගෙන කොළඹට පැමිණෙමින් සිටිති.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (23) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින් ඇරැඹිණි.
සිසුහු විරෝධතා පුවරු රැගෙන කොළඹට පැමිණෙමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කාදමන තවත් හරක් රැලක්, මෙයාල ලිඳේ ඉන්නා ගෙම්ම්බෝ වගෙයි. මෙයාල පශ්චාත් උපාධි ගන්න පිටරට වල තිබෙන පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යනවා, රටේ තියෙන එක විනාශ කරන්න හදනවා. කබර ප්‍රතිපත්ති. (බ)
පිට රටින් සල්ලි වලට ගන්න උපාධියට විරුද්ධ නැද්ද? ඒ උපාධි තත්වයෙන් උසස්ද? (ර)
මේ වෙද සිසු දූ පුතුන් සයිටම් වසා දමා මතු දිනක නොමිලේ වෛද්‍ය සේවයක් අරඹනු ඇති... ඔවුන්ට ජය පතමු... අනේ මගේ කට.... (ර)
කුහකකමට බෙහත් නෑනේද දරුවනේ.? (ර)
ඇයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල විතරක් ? උසස්පෙළ පුද්ගලික උපකාරක පන්ති වලට මොකද විරුද්ධ නොවෙන්නේ? ඒවා නැති නම් මේ අය භාගයක්ට කැම්පස් මායිම් ලකුණු වත් නැහැ. කරුණාකර උගත්කම කුහකකමක් කරගන්නේ නැතිව අනුන්ට රටට බරක් නැතිව ඉගෙන ගන්න කෙනෙකුට ඒ වැඩේට ඉඩ දෙන්න. (ර)
වෙද හාමුදුරුවොත් ඉන්නවද ? (බ)
පෞද්ගලික උපාධි ආයතන වලට සහයෝගය දක්වන්නන් 1. තමාට හෝ තමාගේ දරුවන්න්ට වෛද්‍ය විද්‍යාලය ඇතුලත් වීමට නොහැකි වීම නිසා පසුතැවෙන්නන්. 2. මුදල් සහිත දෙමාපියන් තමාගේ දරුවන් සැප වැඩිවීම නිසා මෙරට පාසල් වල ප්‍රතිඵල නොලබන බව දැන මහත් අපහසුවෙන් මුදල් සොයාගෙන විදේශ ගත වී මිලියන ගණනක් අපහසුවෙන් සොයාගත් ධනය එක මොහොතක් තුල විදේශ ආයතන වලට පූජා කොට සුසුම් හෙලන්නන් (බ)
ඇමෙරිකාවේ හාවර්ඩ් ඇතුළු විශ්ව විද්‍යාලවලට පහසුවෙන් ඇතුළුවිය නොහැක. ඔවුන් යුරෝපා ශිෂ්‍යයනට ඒවාට ඇතුලුවීමට දෙන්නේත් සියලු අංශවල විශිෂ්ට දක්ෂතා දැක්වූවොත් පමණි. (බ)
ඔලුව උදුම්මාගත්ත මොවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් විතරයි දොස්තරලා වෙන්න ඕනෑ කියලා (නි)
අනේ අප්පුහාමි, මටත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. මේවා දකිනකොට ඉහමොළ රත්වෙනවා (නි)
සිසු සටනේ වටිනාකම මතු දිනක වැටහේවි නුබේ දරුවන්ට අහිමි වූ දිනක හද ගැහෙන මිනිසුන් මේ දෙරණ මත.(ම)
ඔන්න මේකට විරුද්ධ කුහක නැති අය මාලඹේ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න ඕන හරිය (බ)
මාලබේ උපාධි කඩය වසා දමනු! මාලබේ අය රෝග නිශ්චය කරන්න දන්නවද? (නි)
තමන්ගේ පාඩුවේ තමන් ඉගෙනගන්නවා නම් ඉවරනේ (නි)
මේ පෙළපාලි වලින් මග අහුරනවට උසාවිය මගින් දැඩි දඬුවම් දෙන්න ඕන, කොපමණ මුදලක් රටට නැති කරනවද මේ කිසි වැඩකට නැති වැඩ වලින්, කී දාහකගේ දිනක අදායම නැතිවෙනවද,? දෙමාපියන් ඇතුළු ජනතාව ඉක්මනින් පියවරක් ගත යුතුයි. (ර)