මාලබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ අනුග්‍රහයෙන් රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට විරුද්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (16) කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකළේය.
මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය හා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක්ද පේරාදෙණිය, ගලහ මංසන්ධියේදී අද දහවල් පැවැත්විණි.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නොමිලේ දොස්තරකම ගත්ත අයට විතරද වෙදකම හරියට කරන්න පුළුවන් ? ලෝකේ වැඩියම තිබෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බව කෑගහන කුහක පිරිස දැනගත යුතුය (ම)
මේ අය තමන්ගේ අයිතවාසිකම් වෙනුවෙන් විතරක් නොවෙයි ලෙඩුන්ගේ අනාගතයත් සළකා කරන උද්ඝෝෂණයක් මේක.(ම)
අපිත් එක්ක කැම්පස් හිටපු මේවට විරුද්ධ කට්ටියගේ දරුවනුත් මේ ප්‍රයිවට් මෙඩිකල් කැම්පස් එකේ ඉන්නවා , මේවා බොරු වැඩ හැමෝටම එගෙන ගන්න අයිතිය තියෙනවා , මේක පැහැදිලි ඊර්ෂ්‍යාව (බ)
ඇයි මෙයාල මේ තරම් එකම රටේ සහෝදර සිසුන්ට මේ තරම්ම කුහක කම් කරන්නේ පැහැදිලි ඉරිසියාව (බ)
අනේ මුන්ව හදන්ඩ එකෙක් නැද්ද ලංකාවේ (බ)
පාලකයිනි, මේ තරම් ලොකු ප්‍රශ්නයක් ඇතිකළ මේ උපාධි කඩය රජයට පවරාගන්නේ නැත්තේ ඇයි...,,,?රහස තියෙන්නේ එතනයි...අපි අපි හැප්පුනාට වැඩක් වෙන්නේ නැහැ.මේක හොර දේශපාලුවන් රැසකගේ සංවිධානාත්මක වැඩක්.මේ ප්‍රශ්නයෙන් අනිවාර්යෙන්ම දෙස්පාලුවා දිනනවා දිනනවාමයි..අපේ රටේ හැමදාමත් වුනේ ඕකයි..ඉදිරියටත් ඒ දේම සිදුවේවි...(බ)
ඇන්ජලෝ ඔයා බොරු නොකියා ඉන්න.ඔයා වැස්සකටවත් කැම්පස් පැත්තේ ගිහින් තියෙනවාද. (බ)
දනුක ; අපි මේ ඊයේ පෙරේද දැක්ක එයාල තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෙඩුන්ගේ අනාගතය කෙසේ වෙතත් වර්තමානය මරණයට දාපු ආකාරය, ඒ නිසා යමක් කියන්න කලින් හොදට හිතල බලල කියන්න, (බ)
මෙයට විරුද්ධ වීමට වඩා විසදුමක් සෙවීම ඉතාම වටිනවා. මක් නිසාද ඉතාමත් සුළු ලකුණු ප්‍රමාණයකින් අද කීදෙනෙකුට විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව නැති වෙනවද. උසස් පෙළ සමත් සෑම කෙනෙකුටම විශ්වවිද්‍යාලයට යාමට අවස්ථාව හිමිවිය යුතුයි. අනෙක් අතින් සමහර රැකියා සදහා පිටරට ඉල්ලුමට තියා ලංකාවේ ඉල්ලුම සදහාවත් ප්‍රමාණවත් වෘත්තියකයන් බිහි කෙරීමට අපි අපොහොසත්. (බ)
ලංකාවේ නොමිලේ දොස්තරකම ගත්ත අයට පෞද්ගලික රෝහල් තහනම් කරනු. (බ)
අපේ දොස්තරලට වෙන රටවල ඉල්ලුමක් නැහ,අනිත් අයට වගේ රට රටවල ජොබ්ස් නැහැ. සැපයුම වෙඩි වුනොත් ඉල්ලුම අඩුවේවි. (බ)
අනේ එකෙක් ඉඩමක් හරි උගස් තියල ඉගෙන ගන්නවට විරුද්ධයි .පිනට ඉගෙන ගෙන ප්‍රයිවට් වැඩ කරලා සල්ලි හොයල අඹු දරුවන්ට කන්න දෙන්න හොදයි .නිකම් පජාත වෙනවා මිනිස්සු ඉදිරියේ .මුන්ට ලෝකෙටම ණයවෙලා පින් බත් බුදින්න හැම දෙයක්ම දෙන නිසා උගුඩුවො වගේ දගලනවා .ඉගෙන ගන්න වෙලාව නාස්ති කරමින් (බ)
අහෝ මෙයනම් මොනතරම් කුහක කමක්ද? මේ ළමයි මහජන මුදල් වලින් ඉගෙනගෙන, රජයෙන් දෙන සියලුම වරප්‍රසාදත් භුක්ති විදිමින් තමන්ගෙ වියදමින් ඉගෙනගන්න උත්සාහ කරන තවත් පිරිසකගේ අධ්‍යාපන අයිතිය කප්පාදු කරන්න කියල උද්ඝෝෂන කරන අපූරුව. (බ)
මේක පැහැදිලි ඊර්ෂ්‍යාව සහ කුහක කම .ඒ ළමයිනුත් ලංකාවේ ළමයි මිසක් වෙන රටක ළමයි නෙවෙයි. එතන බස්නාහිර පළාතෙන් රජයේ වෛද්‍ය විද්‍යාලයට තෙරුන් නැති ඔතන ඔය කෑ ගහන ගොඩක් අයට වඩා ලකුණු ගත්ත ළමයින් ඉන්නවා.දොස්තරලා කියනේ තවත් එක වෘත්තියක් විතරයි. නැතුව මේගොල්ලන් මේ රටේ එකම බුද්ධිමත් කොට්ටාසය නෙවෙයි. අනික අධිකරණයෙන් දීපු තීන්දුවකට විරුද්දව මේ ඇවිල්ල ඉන්නේ එක අධිකරණයට අපහාස කිරීමක්. පුදුම කුහක කමක් නේ මේ (බ)
සමන්, ලැජ්ජා නැතුව ඔයා ආයෙත් ආවද...? (නි)
මේ අය 100% හරි.මාලබේ උපාධි කඩේ කියන්නේ පුද්ගලික ආයතනයක්.ඒ අය අනිවාර්යෙන්ම වෛද්‍ය සභාවට ගරුකළ යුතුයි. එකේ දෙකක් නැහැ. අනුමැතියකින් තොරව පිහිටවපු මේ ආයතනයට ප්‍රබලම දේශපාලුවන් රැසකගේ අනග්‍රහය ලැබුනා.ඒ අයගේ අඩු සුදුසුකම් සහිත දරුවන්, බිරින්දෑවරු ඇතුළු හෙන්චයියන්ගේ දරුවන් මෙයට ඇතුලත් කළා. (බ)
තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා වෙනුවට මේ ළමයින් කතා කරන්නේ අනුන්ගේ අයිතිවාසිකමක් නැති කරන්න.. මේක පැහැදිලිවම ඉරිසියාව කුහකකම. කැතයි නින්දිතයි.. හැමෝටම ඉගෙන ගැනීමේ අයිතිය ඕනෑ.. සල්ලි තියෙන එකාය කියලා කොන් කරනවා නම් වැරදියි. (බ)
මුන් ටික එලවල ඊළඟට ලයිස්තුවේ ඉන්න විශ්ව විද්‍යාලයට යන්න වරම් නොලබපු කට්ටියට අවස්ථාවක් දුන්නනම් හොඳයි කියලයි මටනම් හිතෙන්නේ. ඉගෙනගන්න ශිෂ්‍යයන්ට ඕන විදියට පාසල් ක්‍රමය වෙනස් කරන රටක් ලෝකේ නැහැනේ. (බ)
අනාගත දොස්තර මාෆියාවට එකතුවෙන්න ඉන්න මෙයට සාමාන්‍ය දැනීමවත් නැති එක ගැන කනගාටුයි. සුප්‍රිම් උසාවිය ගත්ත තීරණයකට විරුද්ධව පෙළපාලි යාම උගතුන් නොකරන දෙයක් (බ)
මේ ළමයින්ට ඉගෙනගන්න වෙලාවක් තියනවද දන්නෙ නැහැ (නි)
රටේ නීතියට ගරුනොකරන අයගේ පන්ති තහනම් කරන්න තියෙන්නේ. (නි)
ධනාත්මක දෙයක් සිදු නොවේද රටේ (ම)
මේ උදවිය හිතන්නේ රටේ ඉගෙන ගන්න වරප්‍රසාද තියෙන්නේ තමන්ට විතරයි කියලා. පුදුම කුහක කමක්. වෙනත් දියුණු රටවල දොස්තරලා කියනේ තවත් එක වෘත්තියක් විතරයි. එකට මේගොල්ලන් හිතන්නේ රටේ එකම බුද්ධිමත් කොට්ටාසය දොස්තරලා විතරයි කියලා . (ම)
ඉගෙනීමට ඉල්ලීම ඇති නැති හැකි නොහැකි සැමගේ අයිතියක් (බ)
අර ස්ට්‍රයික් කරලා බිල්ලට දෙන්නේ රෝගීන් නැත්නම් කාවද? (බ)
අධිකරණයෙන් තීන්දු දීලා ඉවරයි (බ)