රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් හා සමානවම මාලඹේ පෞද්ගලික විද්‍යාලයේ සිසුන්ටද රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අවසර ලබාදුන් පරිදි රජයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙනයනු ලබන වැඩපිළිවෙළට එරෙහි වෙමින් ඒ පිළිබඳව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම්වත් කිරීම සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (5) සවස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පාගමනින් පැමිණියේය.
ඔවුහු එම ස්ථානයේ උද්ඝෝෂණයකද නිරත වූහ. ඒ අතර සිටි එක් සිසුවකු මාධ්‍යවේදීන්ටද චෝදනා කළේය.
ජනපති ලේකම් කාර්යාලයේ කිසිවකු නොසිටි හෙයින් ඔවුන්ගේ උද්ඝෝෂණය අවසන් විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සිසුවනි , ඔබලාගේ ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන්, එත් නුඹලා වෛද්‍ය සේවයට බැදුණු දා පටන් පුද්ගලික සේවාවල යෙදෙනවා නේද, ඒවායේ අයකරන මිල ගණන් කොයි තරම් සාධාරණද කියලත් හිතා බලන්න (බ)
ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මුදල් අයකළ යුතුය .අඩුම ගන්නේ රු 500ක්. (බ)
දොස්තර ඒකාධිකාරය නැතිකළ යුතුය රුසියාවේ ගිහින් ඉගෙන ගැන මෙහෙ පුලුවන්නම් මෙහෙ ඉගෙනගෙන දොස්තර වුනහම මොකෝ වෙන්නේ වෛද්‍ය විද්‍යාලයට ලකුණු මදිවුන හෝ අවම ලකුණු සම්පුර්ණ කළ සල්ලි තියන සිසුන්ට මේ සදහා ඉඩදිය යුතුය .දොස්තරලා මදි ලංකාවට (බ)
මෙහෙම කරමු. රාජ්‍ය විශ්ව විද්‍යාලවල උගත් සිසුන්ට රාජ්‍ය රෝහල්වල රැකියා පමණයි. පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න සිසුන්ට පුද්ගලික රෝහල්වල සේවය පමණයි. හැමෝම එකඟද? (නි)
මේක තනිකර ඊර්ෂ්‍යාව. ඔයවගේ කෑගහපු දොස්තරලගේ ළමයි තමයි මාලඹේ එකට දැන් යන්නේ.. (නි)
මෙහි ලියා තිබෙන පාඨක අදහස් සහ ඉස්පිරිතාල වල සහ චැනල් සේවා අසල රස්තියාදු වන ජනතාවගේ අදහස් සලකා බලනකොට ලංකාවේ ජනතාවගෙන් 99% මේ දොස්තර මාෆියාවට විරුද්ධය. මේකට හොඳම විසදුම ජර්මනියේ , එංගලන්තය වැනි රටවල කෙරෙන ආකාරයට පොලිස් , හමුදා, සෞඛ්‍ය සේවය වැනි අත්‍යවශ්‍ය සේවා වලට අධිකරණයේ අවසරයක් නැතිව වැඩ වර්ජන කිරීමට නොහැකි ආකාරයට නීති සම්පාදනය කිරීමයි. ජනතාව සිවිල් සංවිධාන හරහා මේ සදහා ආණ්ඩුවට බල කලයුතුය. බලගතු රාජපක්ෂ රෙජිමයත් ගෙදර යවපු අපිට දොස්තර මාෆියාව පාලනය කිරීම අපහසු නැත , මේ වැනි ප්‍රශ්නවලදී නිතරම දොස්තර මාෆියාවේ සහ බහුජාතික සමාගම් වල මාෆියාවට බය නැති අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නිතරම සටන්වදින ජනාධිපතිවරයෙකු රටපාලනය කරන එක ජනතාවගේ වාසනාවයි (නදී)
ඔවුන් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධයි. එහෙත් පුද්ගලික රෝහල් පවත්වාගෙන යනවාට සම්පුර්ණයෙන්ම සහය දක්වනවා. මේ දෙබිඩි පිළිවෙත කුමක් නිසාද? මුදල් නිසා නොවේද? (නි)
ලංකාවේ දොස්තරලට ගෙවන වැටුප ගැන දන්නේ දොස්තරලා. හොඳ පඩියක් තියනවා නම් පුද්ගලික සේවා කරන්නේ නැහැ. උසස් බුද්ධිමත් මොළ වලට නිගා කරන්න එපා. අපි හැමදාම අහන්නේ දුක. නිවාඩුවක් නැහැ. දරුවොත් එක්ක ඉන්න නැහැ. අපි විධායක ශ්‍රේණියේ අය නොවේ. (නි)
මේ ගැන මා කලිනුත් ප්‍රතිචාර දක්වා ඇත. මෙය හුදෙක් ආත්මාර්ථකාමී සහ කුහකකම ප්‍රදර්ශනය කිරීමකි. ලොව බොහෝ රටවල අධ්‍යාපනය සඳහා මුදල් ගෙවිය යුතුයි. ලංකාවේ ප්‍රශ්නය නම් සුදුසු හැම කෙනෙකුටම අධ්‍යාපනය ලබාදීමට පහසුකම් සැපයීමේ ඇති දුෂ්කරතාවයයි. එහි ප්‍රතිඵලය, විශ්ව විද්‍යාල ප්‍රවේශ ලකුණු මට්ටම ඉහළ දැමීමෙන් ඉහළ අධ්‍යාපනය ලැබීමට සීමාවන් පැනවීමයි. එක ලකුණක් මදිවීමෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට නොහැකි වෙන සිසුවා මෝඩයෙක් නොව එය ඔහුගේ නොලැබීම හෝ අවාසනාවයි. (නි)
ඒ අයත් අපේ ලංකාවේ පුරවැසියන්නේ! (නි)
මේ නම් කුහක පිළිවෙතක්..! ඔබගේ වරප්‍රසාද මතුවටත් රැකගැනීමට සහ මෙතෙක් වෛද්‍ය සේවයට නොතිබූ තරඟයට මුහුණදීමට ඇති බියත් වෛද්‍යය ඒකාධිකාරය අහිමිවීමේ බියත් මෙයින් පෙන්නුම් කරනවා. වෛද්‍ය උපාධියේ ගුණාත්මකබාවය පිළිබඳවද රජයේ අධීක්ෂණයට යටත්විය යුතුයි (නි)
ලංකාව තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තිබෙනවාට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ එය අදාළ ප්‍රමිතීන්ට තිබෙනවාද යන්නයි. මෑතක් වනතුරුම ඒ සිසුනන්ට අවැසි සායනියක පුහුණුව ලැබුනේ නැහැ. රෝහලක් තිබුනේ නැති නිසා. නමුත් දැන් තිබෙනවා. හැබැයි අදාළ ප්‍රමිතීන්ට නෙමෙයි. සාමාන්‍ය තත්වයන් තුළ සායනික පුහුණුවට අවශ්‍ය තරම් රෝගීන් නැහැ. කරන්නේ තනිකරම වංචාවක්. උගසට තියන්නේ ලංකාවේ අහිංසක රෝගීන්. මේකට කිසිදු ඉඩක් තබන්න පුලුවන්ද? අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන්න එපා (නි)
ආත්මාර්ථකාමී වෙන්න එපා. ඒ අයත් දොස්තර කෙනෙක් වෙලා මැරෙන්න යන ලෙඩෙක් ගොඩදමාවි. ඒ ගැන හිතන්න. (නි)
ඔබ චැනල් සේවය නතර කරන්න. ඉන්පසු පුද්ගලික වෛද්‍ය විද්‍යාල නතර කළහැක. " තණ්හාය ජායති ශෝකෝ " වැඩිපුර මුදල් තණ්හාව හොඳ නැත. ජනතවගේ ඉවසිමේත් සීමාවක් තිබේ. ඔබගේ බහුබූත වර්ජන නිසා ලෙඩ්ඩු දහස් ගණනක් මියගොස් ඇත. ජනතාව ඔබගේ පෙළපාලි වලට ගල්ගසන දිනය වැඩි ඈතක නොවේ (නි)
මම හිතන විදිහට මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන බොහොමයක් සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලයට යාමට ලකුණු මදිවුණ දුෂ්කර නොවුණු පාසල්වල ඉගෙනුම ලැබූ දරුවන්. හැමදෙනාම උසස් පෙළ විභාගයට ලියන්නේ එකම ප්‍රශ්න පත්‍රයට. දැන් කාලේ හැම ළමයම ටියුෂන් යන්නේ නගරයේ අමතර පන්ති වලට. හැම දෙනාටම ලැබෙන දැනුම සමානයි. අනික පුද්ගලික සේවයේ නොයෙදුනත් රජයේ රෝහල්වල දොස්තරලා තමන්ට නියමිත කාලය තුළ රෝහලේ රැඳී ඉන්නේ කීයෙන් කී දෙනාද. පැය දෙක තුනකින් දවසේ වැඩ අවසන් කරලා යනවා. මොකක්ද දොස්තරලගේ තිබෙන විශේෂත්වය? ඒකත් ජනතාවට අවශ්‍ය තවත් සේවයක් පමණි. (නි)
කාටවත් උස්ස පෙළ, ටියුෂන් නැතුව සරසවියට යන්න බැහැ.හැමෝම සල්ලි දීලා පන්ති යනවා.පණ යනකම් කටපාඩම් කරනවා.ටියුෂන් නැත්නම් මෙයාලා මෙඩිසින් කරලා ඉවරයි.මෙයාලා කුහකයි. (නි)
වෛද්‍ය සිසුවනි,ඔබගේ ඉල්ලීම සාධාරන නැහැ නේද? 1 ලකුණක් මදිව වෛද්‍ය විද්‍යාලයට ඔබ සැමට අවස්ථාවක් නොලැබුණා නම් ඔය කෑ ගහන කිසිවෙක් අද ඔතන නැහැ නේද? පෞද්ගලික පාසල් වලින් පිටවෙන සිසුන් කොහේ යන්නද? ඒ සිසුන් රජයේ විශ්ව විද්‍යාල වලට ගන්නේ නැත්නම් පෞද්ගලික පාසල් වහන්න කියලා උද්ඝෝෂණ කරන්න. ඔබ වැනි අය නිසා තමයි අද වෛද්‍ය වෘත්තිය අසරණ මිනිසුන් මරාගෙන කන තරමට කෙළෙසිලා තියෙන්නේ (නි)
උගත්කම තිබුණට ඊර්ෂ්‍යාව යන්නෙ නැහැ කියන්න උදාහරණයක්.ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු හිඟයක් තියෙනවා. මේ අයට නිකන් ඉගෙනගෙන චැනල් කරලා සල්ලි හම්බ කරන්න හොඳයි, පිටරට ගිහින් ඉගෙනගන්න කෙනාට මෙහේ පුහුණුව දෙනවට අකමැතියි. මේ අය තමා දොස්තර මාෆියාවට එකතුවෙලා ලෙඩ්ඩු හූරාගෙන කන්නෙ.. (නි)
අපේ රටේ උගත් නුගත් හැමෝම ආත්මාර්ථකාමීයි. ඒකයි අපිට සෙතක් නැත්තේ (නි)
මේක මොකුත් නෙමෙයි,ඊර්ෂ්‍යාව. තමුන්ට ඉදිරියේදී ඇති වියහැකි තරඟකාරිත්වය අවම කරගන්න දරන උත්සාහයක්. පිටවෙලා පෞද්ගලික චැනල් සේවාව පටන්ගත්තාම ඔය සමාජවාදය නැත (නි)
දොස්තර ඒකාධිකාරය අවසන් කළයුතුයි. (නි)
ලෝක අවස්ථා සළකා තව තවත් උපාධි ලබාදීමට පියවර ගතයුතුය. පිටරට සිසුන්ටද වැඩි අවස්ථා දියයුතුය (නි)
වෙද සිසුන්ව සිටිය දී 'අධ්‍යාපනය' මුදලට එපා! නමුත් වෙද සේවයට ආ විට 'සුවසේවාව' මුදලට කමක් නැහැ! මේ අයගෙන් සැළකියයුතු පිරිසක් කරන්නේ නොමිලේ දෙන සුවසේවය අසරණ මිනිසුන්ට එපාවන තත්වයකට පත්කර ඔවුන් මුදලට සේවා සපයන ආයතන වෙත යොමුකරවන 'ඒජන්තයින්' ලෙස කටයුතු කිරීමයි (නි)
කොළඹ මාතර වැනි දිස්ත්‍රික්ක වල කෝටා ක්‍රමය නිසා අනාදිමත් කාලයක සිට දක්ෂ සිසුන් වෙනත් වෘත්තීය පාඨමාලා සහ රැකියා වලට යොමුවෙනවා. අඩු ලකුණු ගත් පිටපළාත් වල සිසුන් කොළඹ මහනුවර වැනි නගරවල උපකාරක පන්ති පැමිණ අඩු ලකුණු මට්ටමේ වාසියත් රැගෙන සරසවියට යනවා. ඊළඟට එතනත් හැමදාම වර්ජන සහ තර්ජන තමයි ඔවුන්ගෙන් රටට ලැබෙන්නේ. මේ කෑගහන බහුතරයක් පත්වීම් ලැබුන ගමන් චැනල් සේවයත් කරගෙන ඊළඟට ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව වගේ රටකට පදිංචියට යනවා. (නි)
දැනට වෛද්‍ය සේවය හොඳ රටක් වශයෙන් නම් දරා තියන්නේ ඉන්දියාව. ඉන්දියාවේ රජයේ වගේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මොන තරම් තියනවද , ඉන්දියන් වෛද්‍යවරු ලෝකේ ඕනෑම රටක සේවය කරනවා. පිටරට උගත් ලංකාවේ සේවය කරන වෛද්‍යවරු මොන තරම් ඉන්නවද. වෛද්‍ය උපාදිය සීමා නොකර තව තවත් අවස්ථා පුළුල් කරන්න කටයුතු කිරීම රජයේ වගකීමක්. මේ අය කෑ ගහන්නේ තමන්ගේ එකාධිකාරිය රැක ගන්න (ම)
මොකක්ද මේකේ තියෙන වැරැද්ද? වෛද්‍යවරු රටට අවශ්‍යතරම් නැත්නම්, ඉන්න අයත් පිටරට යනවා නම්, ඒ වගේම නොමිලයේ අධ්‍යාපනය දෙන්න පුළුවන් ප්‍රමාණය සීමාසහිත නම්,ලංකාවේ ළමයි පිටරට ගිහිල්ලා ඉගෙන ගන්නවට වැඩිය කොයිතරම් හොඳද මෙය? (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමා රාජපක්ෂ රෙජීමය සමඟ සටන්කර අපට නිදහස ලබාදුන්නේය. බහුජාතික බෙහෙත් මාෆියාව සමඟ සටන්කර ඖෂධ පනත සම්මත කළේය. දුම්කොළ මාෆියාව සමඟ සටන්කර ජය ගත්තේය. දැන් වකුගඩු රෝගීන්ගේ ජිවිත බේරාගැනීමට සටන් වදී. කරුණාකර මේ දොස්තර මාෆියාවෙන් අසරණ දුප්පත් රෝගීන් ගළවා දෙන්න. ඔබතුමා මේ සටනට මුලිකත්වය දෙන්න.රටේ ඉන්න දුප්පත් මිනිසුන්ට වෙන සරණක් නැත. (නි)
මෙය හොද අවස්ථාවක් ලංකාවේ රෝගීන්ගේ ආයිතිවසිකම් ගැන කතා කරන්න එකමුතුවන්න. ලංකාවේ රජයේ වෛද්‍යවරුන්ගේ එකාධිකාරිය වහාම නැවත්වීමට දැඩි පියවර ගත යුතුය. (ම)
ලංකාවට දොස්තරලා මදි නිසා ඒ ළමයින්ටත් අවස්ථාව දෙන්න ඕනෑ (නි)
රටවල් 4 කට ගොස් තිබෙනවා. ඒ රටවල් වලින් පහත්ම සෞඛ්‍ය සේවය දැක්කේ ලංකාවේ. රෝහල් කම්කරුගේ සිට අධ්‍යක්ෂක දක්වා වගකීම ගැන නොදන්නා ලෙසයි හැසිරෙන්නේ. මේ සේවය නොමිලේ දෙන්නේ ඒගොල්ලන්ගේ ගෙදරින් ගෙනල්ලා වගේ කතාව. මට ඔවුන්ට කියන්නට සිදුවුණා මේක නොමිලේ සෞඛ්‍ය සේවයක් නෙමෙයි, අපි කලින් ගෙවා ඇති බදු මුදල් වලින් ලබාගෙන පෙරගෙවුම් සෞඛ්‍ය සේවයක් නිසා අපි ගෙවපු මුදලට සේවය ලබාදෙන්න කියලා. කවුද කවදද කොතනද උද්ඝෝෂණය කළේ යහපත් සෞඛ්‍ය සේවයක් ලබාදෙන්න? (නි)
කලෙකදී වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් අරගල වල මුලින් හිටියත් එදා ඉල්ලපු මනුස්සකම මුදලට අද යටවෙලා (නි)
මේ සිසුවෝ දවසේ වැඩිහරියක්ම ඉන්නේ පන්තිකාමර ඇතුළේ පුටුවල වාඩිවෙලා. ඉඳලා හිටලා මෙහෙම පාගමනින් යන්නේ ව්‍යායාම සඳහායි. ඒකට හිරිහැර කරන්න හොඳ නැහැ. බලන්න මේකෙන් ඒ දරුවන්ගේ ශරීර සෞඛ්‍යය කොයිතරම් වර්ධනය වුණාද කියලා. (නි)
රාගම මෙවැන්නක් දාලා මොකද වුණේ? සල්ලිකාරයන්ට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් අනෙක් අයට මොකද වෙන්නේ. කරන්න ඕනෑ පුද්ගලික ඒවා දාන එක නොවෙයි. රජය මගින් මේක බාරගන්න එක. දැනටත් තිබෙන විශ්ව විද්‍යාල ගෙනයන්නේ අමාරුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ නැහැ.කපාහැරලා. රසායන ද්‍රව්‍ය හිඟයක් තිබෙනවා. ඉතින් පර්යේෂණ කරන්නේ කොහොමද? දැන් ආණ්ඩුව කියනවානේ 6% වෙන් කළා කියලා.එහෙනම් පුද්ගලික විශ්ව විද්‍යාල ඕනෑ නැහැ. තියෙන ඒවායේ පහසුකම් වැඩිකරලා තව වැඩි පිරිසක් බඳවා ගන්න. (නි)
මුණසිංහ, 6% ක් වෙන්කරලා නැහැ. ක්‍රමයෙන් 6% සඳහා යාමට ප්‍රතිපත්තිමය ලෙස එකඟවෙලා තිබෙනවා. 6% ම ලැබෙන්න යම් කාලයක් ගතවෙනවා. ලංකාවේ වෛද්‍ය උපාධිදාරීන් සායනික වශයෙන් ඉදිරියෙන් සිටියත්, ජීව-වෛද්‍ය තාක්ෂණික, ජීවරසායනික, අණුක ජෛවීය, දැනුම මෙන්ම වෛද්‍ය සදාචාරය පිළිබඳව ඔවුන්ට උපාධි මෙම පුහුණු කාලයේදී ලැබෙන අධ්‍යාපනය හොදටම මදි බවයි පෙනෙන්නේ. අධ්‍යාපනයෙන් ඉහළම අවස්ථාවන් ලැබූ මොවුන් ආකලපමය වශයෙන් සිටින්නේ වැඩවසම් යුගයේ. සම සෞඛ්‍ය උපාධියට පවා බියවී එහි කාල සීමාව වසර 3 දක්වා අඩුකරන්නට වර්ජන පවා මොවුන් සිදුකළේ ඒ නොදැනුවත්කම එළිවේවි කියන බියට. ඇත්තටම ගත් කල රජයේ විශ්ව විද්‍යාල වල සම සෞඛ්‍ය උපාධිය කඩාකප්පල් කරන්න හදපු මේ රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය සිසුවෝ අද නිදහස් අධ්‍යාපන ගැන කතා කිරීම යුගයේ විහිළුවක්. (නි)
හැකි තරම් වෙදහල් හා වෙද විදුහල් පිහිටුවා ඒවායේ තත්වය වැඩිදියුණු කර ප්‍රමිති ගතකිරීමෙන් වෙද ප්‍රතිකාර ගැනීමට, කිරීමට හා වෙද ක්‍රම ඉගෙනුමට ඇති අවස්ථා පුළුල් කිරීම ජන සුව නැගුමේ හොඳ උපායමගකි. නොගැලපෙන පහත් සිත නම්, සල්ලි ගෙවලා ඉගෙන ගන්නවාට විරුද්ධයි, නමුත් සල්ලි ගෙවලා ප්‍රතිකාර ගන්නවාට එකඟයි! (ම)
රෝහල්වල නොසැලකිල්ල නිසා කොතරම් ජීවිත නැතිවෙනවද? කවදවත් වෛද්‍යවරයෙක් වැරදිකරු වී තිබේද? එවැනි අවස්ථාවලදී සියලු සාක්ෂි වාර්තා රෝගියාට එරෙහිව සැකසෙන බව දන්නෝ දනිති. මෙවැනි දේ සිදුවන්නේ ලංකාවේ වෛද්‍යවරුන්ට තරගයක් නොමැති අති දුර්ලබ සත්ව කොට්ටාශයක් නිසා. දැන් පොඩි තරගයක් එනකොට බය වෙලා. මේක විය යුතුම දෙයකි. ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ගැනීමට පැමිණෙන විදේශිකයන් නිසා එරටට විදේශ විනිමය ගලා ඒ. ඉන්දියාවට එන විදේශිකයෝ ලංකාවේ පෞද්ගලික රෝහල්වලට ගෙන්න ගන්නත් පුළුවන්, හොද සේවයක් දුන්නොත්. (ම)
මේ ප්‍රතිචාර වලින් පෙනෙනවා ලංකාවේ වෛද්‍ය සේවය කොතරම් පිරිහිලාද කියලා. (නදී)
මගේ සහෝදරයා දොස්තර කෙනෙක්. මම ඉංජිනේරුවෙක්. අපිට සාමාන්‍ය මිනිසුන් ලබන්නට කැමති සියලුම දේවල් තිබෙනවා. නමුත් අපේ රටේ අතිබහුතරයකට මේ දේවල් නැහැ. මම ඉගෙනගන්න කාලේ මට ලංකාවේ ආණ්ඩුවෙන් සල්ලි ගෙව්වා මහපොළ කියලා. නොමිලේ සුපිරි උපාධියක්ද සමඟ මා රට හැර ආවා. මා සමඟ වැඩකරන සුදු ජාතික තරුණ ඉංජිනේරුවාට තවමත් ලක්ෂ ගණනක් අධ්‍යාපන ණය තියෙනවා ගෙවන්න. මේ රටවල ණයට සල්ලි අරගෙන ඉගෙනගන්න ඕනෑ. මම නම් කැමතියි සාමාන්‍ය ජනතාව නැඟිටලා මේ අසාධාරණ වෙනස සාධාරණ ලෙස වෙනස් කරනවා දකින්න. ඒ වගේම රට හැරයනවා නම් උපාධියේ මුදල් ගෙවන්න ක්‍රමයක් හදන්න ඕනෑ. (නි)
මහජන බදු මුදල් වලින් ඉගෙනෙගෙන රජයෙන් මහජන බදු මුදල් වලින් වැටුප් ලබමින් පුද්ගලික රෝහල්වල සේවය කරමින් නැවත අහිංසක රෝගීන්ගෙන් ගසාකන ක්‍රමය නැවැත්විය යුතුයි. නැතිනම් පිනට දෙන අධ්‍යාපනය නැවැත්විය යුතුයි. මෙය කල නොහැකි නිසා රජයේ විශ්ව විද්‍යාල වසා දමා පුද්ගලික විශ්ව විද්‍යාල පමණක් පිහිටුවීමට කටයුතු කල යුතුයි. හැම පැත්තකින්ම තැලෙන්නේ ජනතාව. (නදී)
කියුබාව ලෝකේ හොඳම වෛද්‍ය සේවය තියෙන රට උනේ පෞද්ගලික වෛද්‍ය උපාදි දීල නෙවෙයි. (නදී)
ලෝකයේ නිකම් වෛද්‍ය විද්‍යාව උගන්වන්නේ ලංකාවේ පමණයි. මහපොලත් අරගෙන මේ අය කියන්නේ ලංකාවේ අධ්‍යාපනය ඔවුන් ගේ පමණක් උරුමය කියාද ? ආත්මාර්තකාමී කම අද වෛද්‍යවරුන් ඉහලින් පෙන්නුම් කරනවා (නදී)
මම නම් හරිම කැමතියි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට. මොකද අපේ ළමයින්ට රජයේ පැසැලක්වත් නැති නිසා මෙයාල රෝගීන්ගේ හදවත් බයි පාස් කරන්න කලින් මේ අයගේ හදවත් බයි පාස් කරගන්න කියල කියන්න ඕනා (නදී)