කොළඹ බණ්ඩාරනායක සමරුහලේ දී 2007 වසරේ ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍ය ශිෂ්‍යයාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් රුපියල් කෝටි පහක වන්දි ඉල්ලා පැවැරූ නඩුව සානුකම්පිතව සලකා බලන්නැයි ඇගේ නීතිඥ ජී ජී අරුල් ප්‍රකාශම් මහතා දිසා විනිසුරු ජී ඒ ඩී ගනේපොල මහතාගෙන් ඉල්ලා සිටියේය.සමන්මලී අවසන් වසරේ උගෙන ගනියි. වගඋත්තරකාර සම්මන්ත්‍රණශාලාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ජයමාන්න මහතා අසනීප වී සිටි හෙයින් නඩුව කල් තබන්නයි ඉල්ලා සිටි අවස්ථාවේදී අරුල් ප්‍රකාශම් මහතා එසේ කීය. නඩුව ලබන 27 වැනිදාට කල් තැබූ විනිසුරු එදිනට එම කරුණ සලකා බලන බව කීවේය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි
ප්‍රභාත් Sunday, 01 March 2015 07:38 AM
පොඩි මිනිහට තමයි සේරම . අපිට තමයි සේරම අවනඩු. (බ)
දිනාලි Friday, 30 March 2012 07:47 PM
කෝටි දහයක් වන්දි ලැබුනත් මදි. එයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම අදුරුකළාලු. මේ වන්දිය ගෙවිය යුත්තේ හරිනම් දැයට කිරුල කට්ටිය විසින්.
මිල්රෝයි. Friday, 30 March 2012 07:52 PM
ඕක ලොක්කෙක=ගේ ඔලුවට වැටුනනම් මෙලහකටත් කෝටි 100 වත් අරගෙන පොඩි මිනිහට තමයි සේරම නැත්තේ. අපිට තමයි සේරම අවනඩු.
සුදත් Friday, 30 March 2012 09:57 PM
මේක සිද්ධ වුනේ දැයට කිරුළ ප්‍රදර්ශණයකදි නෙමේ, එයාලගෙ වෛද්‍ය ප්‍රදර්ශණයකදි. කඩන් වැටුනෙ එයාලම හදපු මඩුවක්. ඔය කෝටි පහ රට ජාතිය වෙනුවෙන් යුද්දෙට ගිහින් ආබාධිත වුන සෙබළුන්ට දෙන්න.
රසික Friday, 30 March 2012 10:30 PM
අනේ දිනාලි දන්න තරම තමා දැයට කිරුල නිසා නෙමේ මේ සිද්දිය උනේ මේක සංවිධානය කළේ ඒගොල්ලෝම තමා,
මොහොමඩ් නිසාම් Friday, 30 March 2012 11:26 PM
කොහොම හරි, පව් අසරණ ළමයි. ඕක ඔහොම යට ගහවි. අනාගත දොස්තර කෙනෙක් අපිට නැති වුනා. මොන කෝටි පහ ද
ඒ.ආර්.එල්.බණ්ඩාර Saturday, 31 March 2012 07:02 AM
හරි අපි මෙහම් කියමු , ඔයාලගේ ගෙදරට කෙනෙක් ආපු වෙලාවක වහලයක් කඩාවැටිලා ඔහොම දෙයක් වෙනවා කියල, ඔයාල වන්දි ගෙවනවද 50 මිලියනයක් අරයට? අනේ තරහ ගන්න එපා කිව්වට... ඔය නඩුව මුලික සිද්දාන්ත වලින්ම පරදිනවා. කමක් නෑ, සානුකම්පිතව බලන්න
එන්.ලලිත Saturday, 31 March 2012 07:14 AM
මේ රටේ මහ එවුන්ට තියෙන වරප්‍රසාද පොඩි මිනිහට නැහැ. පොඩි මිනිහත් මෝඩයි. ඒකනේ දේශපාලන පක්ෂ වහළුන් වෙලා. ඒත් කැපුවත් අපි අහවල් පක්ෂයේ කියලා ඡන්දය දෙන්නේ. පෙඩි මිනිහව රවටන අයව ඡන්දෙන් ඡන්දෙට මාරැ කරන්න ඕනේ. විශේෂයේන ඔය මඩුව හදවපු හොර තක්කඩි ඉංජිනේරුවට දඩුවම් කරන්න ඕනේ. ඌත් දේශපාලුවෙකු අල්ලගෙන බේරේවි. මේ වගේ අහිංසකයෝ වෙනුවෙනුයි හාමුදුරුවරු යුක්තිය ඉල්ලා සත්‍යක්‍රියා කරන්න ඕනේ.
දර්ශන Saturday, 31 March 2012 12:00 PM
ඒ.ආර්.එල්.බණ්ඩාර 2012-03-31 07:02:57 - මෙතන එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මුදලක් අය කරලා යම් පහසුකමක් (මෙතනදී ප්‍රදර්ශන කුටි) සැපයීමේදී නොසැලිකිලිමත් ලෙස ක්‍රියාකිරීමෙන් සිදුවූ සිදුවීමක් නිසයි මේ ළමයා මේ තත්වයට පත් වුනේ. මෙතනදී සම්පුර්ණ වගකීම දැරිය යුත්තේ අදාළ පහසුකම් සැලසූ පක්ෂයයි. කරුණාකරලා නීතියේ මුලික සිද්ධාන්ත නැවත හදාරන්න.