කොළඹ බණ්ඩාරනායක සමරුහලේ දී 2007 වසරේ ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍ය ශිෂ්‍යයාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් රුපියල් කෝටි පහක වන්දි ඉල්ලා පැවැරූ නඩුව සානුකම්පිතව සලකා බලන්නැයි ඇගේ නීතිඥ ජී ජී අරුල් ප්‍රකාශම් මහතා දිසා විනිසුරු ජී ඒ ඩී ගනේපොල මහතාගෙන් ඉල්ලා සිටියේය.සමන්මලී අවසන් වසරේ උගෙන ගනියි. වගඋත්තරකාර සම්මන්ත්‍රණශාලාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ජයමාන්න මහතා අසනීප වී සිටි හෙයින් නඩුව කල් තබන්නයි ඉල්ලා සිටි අවස්ථාවේදී අරුල් ප්‍රකාශම් මහතා එසේ කීය. නඩුව ලබන 27 වැනිදාට කල් තැබූ විනිසුරු එදිනට එම කරුණ සලකා බලන බව කීවේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිහට තමයි සේරම . අපිට තමයි සේරම අවනඩු. (බ)
කෝටි දහයක් වන්දි ලැබුනත් මදි. එයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම අදුරුකළාලු. මේ වන්දිය ගෙවිය යුත්තේ හරිනම් දැයට කිරුල කට්ටිය විසින්.
ඕක ලොක්කෙක=ගේ ඔලුවට වැටුනනම් මෙලහකටත් කෝටි 100 වත් අරගෙන පොඩි මිනිහට තමයි සේරම නැත්තේ. අපිට තමයි සේරම අවනඩු.
මේක සිද්ධ වුනේ දැයට කිරුළ ප්‍රදර්ශණයකදි නෙමේ, එයාලගෙ වෛද්‍ය ප්‍රදර්ශණයකදි. කඩන් වැටුනෙ එයාලම හදපු මඩුවක්. ඔය කෝටි පහ රට ජාතිය වෙනුවෙන් යුද්දෙට ගිහින් ආබාධිත වුන සෙබළුන්ට දෙන්න.
අනේ දිනාලි දන්න තරම තමා දැයට කිරුල නිසා නෙමේ මේ සිද්දිය උනේ මේක සංවිධානය කළේ ඒගොල්ලෝම තමා,
කොහොම හරි, පව් අසරණ ළමයි. ඕක ඔහොම යට ගහවි. අනාගත දොස්තර කෙනෙක් අපිට නැති වුනා. මොන කෝටි පහ ද
හරි අපි මෙහම් කියමු , ඔයාලගේ ගෙදරට කෙනෙක් ආපු වෙලාවක වහලයක් කඩාවැටිලා ඔහොම දෙයක් වෙනවා කියල, ඔයාල වන්දි ගෙවනවද 50 මිලියනයක් අරයට? අනේ තරහ ගන්න එපා කිව්වට... ඔය නඩුව මුලික සිද්දාන්ත වලින්ම පරදිනවා. කමක් නෑ, සානුකම්පිතව බලන්න
මේ රටේ මහ එවුන්ට තියෙන වරප්‍රසාද පොඩි මිනිහට නැහැ. පොඩි මිනිහත් මෝඩයි. ඒකනේ දේශපාලන පක්ෂ වහළුන් වෙලා. ඒත් කැපුවත් අපි අහවල් පක්ෂයේ කියලා ඡන්දය දෙන්නේ. පෙඩි මිනිහව රවටන අයව ඡන්දෙන් ඡන්දෙට මාරැ කරන්න ඕනේ. විශේෂයේන ඔය මඩුව හදවපු හොර තක්කඩි ඉංජිනේරුවට දඩුවම් කරන්න ඕනේ. ඌත් දේශපාලුවෙකු අල්ලගෙන බේරේවි. මේ වගේ අහිංසකයෝ වෙනුවෙනුයි හාමුදුරුවරු යුක්තිය ඉල්ලා සත්‍යක්‍රියා කරන්න ඕනේ.
ඒ.ආර්.එල්.බණ්ඩාර 2012-03-31 07:02:57 - මෙතන එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මුදලක් අය කරලා යම් පහසුකමක් (මෙතනදී ප්‍රදර්ශන කුටි) සැපයීමේදී නොසැලිකිලිමත් ලෙස ක්‍රියාකිරීමෙන් සිදුවූ සිදුවීමක් නිසයි මේ ළමයා මේ තත්වයට පත් වුනේ. මෙතනදී සම්පුර්ණ වගකීම දැරිය යුත්තේ අදාළ පහසුකම් සැලසූ පක්ෂයයි. කරුණාකරලා නීතියේ මුලික සිද්ධාන්ත නැවත හදාරන්න.