මරදානේ සිට කොළඹ කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලයයට පෙළපාළියක් සංවිධානය කළ බව කියන වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් 11 දෙනකුට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නොතීසි නිකුත් කළේය.
පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝණය වන පරිදි නීති විරෝධී ජන රාශියක සාමාජිකයන් වෙමින් මහජන පීඩාවක් ඇති වන පරිදි ඔවුන් කටයුතු කළ නිසා ඔවුන් අධිකරණයට කැඳවන්නැයි කොළඹ කොටුව පොලිසිය ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික වෙද ව්‍යාපාර අහෝසි කරන්නත් මේ අයගේ හර්දසාකිය එකඟද (අ)
මේ ඔක්කොම නිකන් දෙන නිසා සල්ලි අරන් ඉගැන්නුවා නම් අනිවාර්යෙන්ම අගය තේරෙනවා (නදී)
මේ ගොල්ලන්ට ඉගෙන ගන්න උවමනා නැතුව ඇති. ශිෂ්‍යභාවය අහෝසි කරන්න තියෙන්නේ උසාවි නියෝගයකින් (ම)
රජයේ රෝහල් වල වර්ජන නිසා රෝගීන් රස්තියාදුවෙනවා , වෛද්‍යවරුන්ගේ, සාත්තු සේවකයන්ගේ නොසැලකිල්ල නිසා රෝගීන් මිය යනවා. ජනතාවගේ මුදලින් ඉගෙන ගත්තා. ජනතා මුදලින් වැටුප් ලබන බව මේ රෝහල් වල සේවකයන්ට අමතක වෙලා හැසිරෙන්නේ නිකන් රජවරු වගේ. සල්ලි තිබෙන මිනිස්සු පුද්ගලික රෝහල් වලට ගිහින් කිසිම කරදරයක් නැතුව ප්‍රතිකාර ගන්නවා දුප්පත් මිනිස්සු තමයි හැම දෙයක්ම විඳදරා ගන්න ඕනේ. ජනතාවගේ ඉවසීමේ සීමාවක් ඇත. ජනතාව කුපිතවී මෙවැනි උද්ගෝෂණ වලට ගල් මුල්වලින් පහරදී මොවුන් රෝහලට යවන දිනය වැඩි ඈතක නැත (නදී)
මේ ළමයින්ටත් තිබෙන ප්‍රශ්න හැබෑටම?? (නි)
මුදල් ගෙවන තැන්වලට යවන්න කලින් හොඳට හොයන්න ඒ වගේ උගන්නන්නේ කව්ද කියලා.(නදී)
උපුල්, කලින් ආණ්ඩු සමයේ අන්තරේ පෙළපාලි යනකොට ඔහොම නෙමෙයි නේද කිවුවේ? (නි)
සම්පත්, සල්ලි ගෙවලා උගන්වන තැන්වල ඉන්නේ උගත් කථිකාචාර්යවරු. අනික මේ අය වෛද්‍යවරු වුණාම ඔයා හිතනවද රටට වැඩක් වෙයි කියලා? (නි)
ඉගෙනගන්න තිබෙන කාලයේ ඉගෙනගන්නවා හැරෙන්න මොනවද මේ කරන විකාර? (නි)
ඇයි මේ සිසුන්ට තමන් ගිය කාර්යය කරගෙන ඉන්න බැරි? (නි)
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අන්තරයේ සටන් ක්‍රම අත්හදා බැලීම නොවිය යුත්තක්.කමිටුවේ ආරම්භක සගයෙක් ලෙස මෙය මට මහත් කණගාටුවට කරුණක් (නි)
එතකොට තැන තැන පවත්වන දේශපාලන රැස්වීම්? ඒවත් ජනරාශි මුල්කරගෙන නේද පවත්වන්නේ? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
අපේ කාලේ මේ අය එලියට ගන්න තිබිච්ච අමාරුව ඒකට දැන් ගුටිත් කාලා හිරෙත් යනවා.(නදී)
මේගොල්ල උද්ඝෝෂණ කරන්නේ අනාගතය ගැන හිතල , අනාගතයේදී වෛද්‍යයවරුන් අපේ රටේ අඩු වුණාම මේගොල්ල ලඟට දවසකට එන ලෙඩ්ඩු ගණන වැඩි වෙනවා සහ මෙගොල්ලට ඕනේ විදිහට හිතු හිතු ගණන අය කරගන්න පුළුවන් , එතකොට මේගොල්ලන්ගේ අදායම ඩබල් වෙනවා , මේක අනාගතය ගැන හිතල කරන ආයෝජනයක් , හරිම ලජ්ජයි මේ ගොල්ලද ලංකාවේ අනාගත වෛද්‍යවරුන් ? (අ)
මේ ගොල්ලන්ට තියෙන්නේ ඉරිසියාව. අනිත් අයට තියන ඉගෙනීමේ නිදහසට බාධාකරනවා. විශ්ව විද්‍යාල වරම් ලැබුන නැති අයටත් ඉගෙනීමේ අයිතිය තියනවා.(නදී)
ඇත්ත නොදැන මේකට කොමෙන්ට් කරන අයගේ අම්මල දුක්වෙනවා ඇති පුන්නක්කු නොදී මව් කිරි දීපු එකට. (නදී)
මුදල් ගෙවලා ඉගෙනගන්නකොට තමා ඒකේ අගය තේරෙන්නේ. ජනතාවගේ මුදලින් ඉගෙනගන්නකොට ඒකේ කිසිම අගයක් නැහැ. විශ්ව විද්‍යාල , රජයේ පාසල් වල ශිෂ්‍යයෝ තමා වර්ජන කරන්නේ. පුද්ගලික ටියුෂන් පන්ති ඉදිරිපිට, මුදල් ගෙවා ඉගෙනගන්න ජාත්‍යන්තර පාසල් ඉදිරිපිට වර්ජන කරනවා මම නම් කවදාවත් දැක නැහැ. මොවුන් කල්පනා නොකරන එකම දෙය විශ්ව විද්‍යාල වලට ආණ්ඩුවෙන් වැයකරන්නේ ලංකාවේ වෙසෙන මිනිස්සු පරිභෝජනය කරන කිරිපිටි පැකට්ටුවෙන් , සිනි ටිකෙන් , පරිප්පු 250 න් අයකරගන්න බදු මුදල් බවයි. ඉගෙනගෙන රටේ සහ තමන්ගේ දියුණුවට වැඩ සළසාගන්නවා වෙනුවට නාඩගම් නැටීමේ සීමාවක් තිබිය යුතුය.මගේ මතය නම් රජයේ විශ්ව විද්‍යාල වලිනුත් ඉගෙනීමට මුදල් අය කළයුතුය (නි)
ඉසුරන්දි, යහපලයට විරුද්ධ නම් නොතිසි නැත්නම් අවුලක් නෑ (ම)
මේක නීති විරෝධී වන අකාරය හෝ මැතිවරණ නීතිය උල්ලංඝණය වන විදිය, දන්නා කවුරු හරි කියලා දෙන්න නිකං බොරුවට කෑ ගහන්නේ නැතුව.. මහජන පීඩාවක් ඕනෑම උද්ඝෝෂණයක දී ඇතිවන බව තේරුම් ගන්න අමාරු නෑ නේ... (ම)