ප‍්‍රසිද්ධ පාරවල මහජනතාව අපහසුවට පත්වන අයුරින් අයුරින් යන විරෝධතා පෙළපාලි විසුරුවා හැරීමට පොලිසියට මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
නුගේගොඩ පදිංචි එස්.කේ. අතුකෝරළගේ මහතා සහ ඔහුගේ දියණිය විසින් ගොනුකර ඇති බව පෙත්සමෙහි වග උත්තර කරුවන් වශයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 8 දෙනෙකු නම්කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
.එතකොට පාරවල් වල යන එන මගී ජනතාවට නිදාහසේ ගමනක් බිමනක් යන්න අයිතිවසිකමක් නැද්ද..කාගේද මේ නීතිය..උද්ගෝෂණය කරන්න නිදහස දීල තියෙන්නේ ඔය කියන අර්ථදැක්වීම මත නෙමෙයි මහත්තයෝ.(දී)
මිනිසුන්ට ප්‍රස්න නැත්නම් මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ නැහැ. ප්‍රශ්න නැත්නම් උද්ඝෝෂණත් නැත.(නදී)
නියම වැඩක්. සම්පුර්ණ සහය (නි)
ඔව් උද්ගෝෂණ කරන්න අයිතිය තියෙන්න ඕන මහත්තයෝ. ඒවාට සම්බන්ධ නැති මිනිස්සුන්ට පාරේයන්න අයිතියක් තියෙන්න ඕන නැ නේද? එකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ - මාරයි නේද?(දී)
මිනිස්සුන්ගේ සාධාරණ ප්‍රශ්න වලට ක්ෂණික විසදුම් දුන්නොත් නීති හදන්නය් ඒව නඩත්තු කරන්නය් යන සල්ලි ඉතුරුයි. හොඳ නීති හදන්න මිනිස්සු උසාවි යන්නම ඕනද? පාර්ලිමේන්තුව තියෙන්නේ එයිකට තමයි (අ)
මේකට අමුතු උසාවි නියෝග ඕන නැහැ. පොලිසිය ඉන්නේ මේ ජොබ් එක කරන්න තමයි.(නදී)
එහෙනම් යුද්ධ කරනකොට අහිංසක දෙමළ මිනිස්සුත් මැරෙන්න ඉඩ තියෙන නිසා ඒකත් නොකර ඉන්න තිබුනා නේද ? (දී)
මම හිතන්නේ ඕක බන්දුල පෙරේරාගේ වැඩක්.(නදී)
බන්දුල මහත්තයෝ, ඔය බස්වල යන මිනිස්සුම තමයි උද්ඝෝෂණය කරන්නෙත්. නැතුව ඔබ වගේ කාර් වල යන අය නෙමෙයි.(නදී)
උද්ගෝෂණ වැලක්වීමට උසාවි යෑමෙන් පලක් නැත .එයට කල යුත්තේ උද්ගෝෂණයට හේතුවන අසාධාරණය ඉවත් කර නිවරදි කිරීමයි .උසාවි පිහිටුවා තියෙන්නෙ ජනතාව අසාධරණයට විරුද්ධව කරන අරගල මර්දණය කිරීමට නොවේ.මහජන අරගල වලදි සමහර කිසිවෙකුට අපහසුතාවයක් ඇති නොවන පරිදි ඒවා කිරීමට පුලුවන් කමක් නැත .එවැනි අපහසු තාවයක් සිදුවන්නේ නම් එයට වගකිව යුත්තේ අරගලයට හේතුවන අසාධාරනය සිදුකරන බලධාරින්ය.(නදී)
කුමාර බලපන් උඹට අන් එනවද කියලා.(නදී)
අගය කල යුතු පියවරක්. සාමකාමී ජන ජීවිතය අගයන අප සැමගේ සහය ඔබ දෙපලට.. (නි)
දැන් බලනකොට රට කරන්නෙ සාමාන්‍ය මිනිස්සුනේ! (නි)
දිසානායක මහත්තයෝ , මසුරන් වටින ප්‍රතිචාරයක්.(නදී)
සෙනිත්, පිටබැද්දර ජයා, දෙන්නගේම ඔළු පරික්‍ෂා කරන්න ඕන මොළය තියෙනවද බලන්න.(නදී)
ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය තිබෙන අපේ රටේ ඇමතිවරු සියල්ල තමන්ගේ විෂයට අධාල ප්‍රශ්නවලට අවධානය යොමු කරමින් කාර්යක්ෂමව කටයුතු කරනවා නම් මේ ජනතා ප්‍රශ්න බොහෝදුරට අඩු වෙනවා , අපේ ඇමතිවරු කරන්නේ තමන්ගේ අමාත්‍යංශයට අදාල ප්‍රශ්න වලට විසදුම් සොයන්නේ නැතුව තමන්ට අදාල නැති දේවල් වලට හොට දැමීමට යාමත් නැති ප්‍රශ්න ඇති කිරීමත් , අන්තිමට මේ ප්‍රශ්න සියල්ල විසදන්න වෙන්නේ ජනාධිපති තුමාට සහ ආරක්ෂක ලේකම් තුමාට , අමෙතිවරු කරන්නේ ආරක්ෂක රථ පිරිවරාගෙන , කාර්ය මන්ඩල නඩත්තු කරමින් ජිවත් වීම , මේ ක්‍රමය තවදුරටත් නඩත්තු කරනවද යන්න පිළිබඳව ජනතාව ඉදිරි මැතිවරණවලදී තීරණය කල යුතුයි. (නදී)
එක එක පුද්ගලයන් යොදා ගෙන මේවා නතර කර ගන්න සැලසුම් හදනවාට වඩා ලෝකේ වැඩිම ඇමති මණ්ඩලයක් ඉන්න රට විදියට කඩිනමින් මිනිසුන්ගේ දැවෙන ප්‍රශන වලට විසදුම් ලබා දීම වටිනවා.ජනතාවගේ ප්‍රශ්න නොසළකා සිටින විට කළ යුත්තේ මේ ප්‍රශ්න හඬ නගා බීරි අලින්ට වීන වයනවා සේ දැනුම් දීම පමණි.මෙසේ නොකර ජනතාවගේ සියලුම වරප්‍රසාද අහිමි කරන තෙක් ඇස් ,කන් පියා බලා සිටිනවා නම් පාලයන් සතුටු වේවි. (නි)
නියමයි නියමයි.. ඔහොම තමා වෙන්න ඕනා. අනිත් ස්ට්‍රයික් කාරොයොන්ටත් ඔය වගේ එකක් කරන්න බැරිද? මහජනතවට නම් හරිම කරදරයි.(නදී)
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අපට එපාද? (නි)
ජනතාවගේ ප්‍රශ්න වලට සංවේදී නොවන පසුබිමක් නිර්මාණය වී තිබේ.පසු ගියදා එක්තරා මන්ත්‍රීතුමෙක් පාර්ලිමේන්තුවේ දී විශිෂ්ට කතාවක් කරමින් විමසා සිටියේ ,අදාල පුද්ගලයාගේ පංචේන්ද්‍රිය නිර්වින්දනය වීමක් පිළිබවදය.අප ද විමසන්නේ එයමය. (නි)
මේවා අපිම පුළුවන් විදිහට විසදගෙන,"විල මැද බංගලාවේ" ඉන්න අයට ගෙදර යන්න කියමු.එතකොට කඩේ යන මහන්සියත් ඉතුරුයි.(නදී)
වීදි සටන් නතර කරන්න උසාවි යන එකට වියදම් කරන්නේ රජයද? නැත්නම් බදු වැඩි කරපු එකට,විදුලි බිල වැඩි වුණ එකට,බඩු මිල වැඩි කරපු එකට නොවැ උසාවි යන්න ඕනෑ. (නි)
උද්ඝෝෂණ කරන එක මිනිස් අයිතිවාසිකමක් මහත්තයෝ. (නි)
ජනතා නිදහස සහ එම ප්‍රශ්න වලට විසදුම් සෙවීම කියා පෙළපාලි යමින් උද්ගෝෂණ කරමින් මහජනයාට ගමන් බිමන් යාමට අපහසු තත්වයක් ඇති කරමින් මංමාවත් අවහිර කිරීම සුදුසු නැත. එකතැන සිටගෙන උද්ගෝෂණ කලට කම් නැත. එම නිදහසයි මහජනයා ඉල්ලන්නේ (නි)
උද්ගෝෂණය මිනිස් අයිතිවාසිකමක් තමයි. හැබැයි අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් නොවෙන්න ඒක කරන්න ඕනෑ (නි)
බන්දුල පෙරේරාගේ තාත්තයි නංගීයි වගේ මට හිතෙන්නේ. (නි)
මේ හැම දෙයක් පිටුපසම දේශපාලනය තියන්නේ (නි)