මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙසත් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට නොදෙන ලෙසත් සෞඛ්‍ය ඇමැතිවරයාට බල කරමින් අද (14) අධ්‍යාපන සෞඛ්‍ය වෘත්තීය සමිතිය හා වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය.
උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලබේ වෙද විදුහල පමණක් නොව රජයේ දොස්තර මාෆියාවටත් බෙහෙත් ඕනෑ. (නි)
ඉරෝෂ්, ඔයා 50% හරි. මාලබේ කියන්නේ උපාධි කඩයක් තමයි. තව එකක්. ඒකේ ඉගෙනගන්න අය නම් ඇත්තටම අසරණවෙලා ඉන්නේ. මගේ අදහස නම් එය වහාම රජයට පවරාගන්න ඕනෑ. ඊටපස්සේ දැනට ඉගෙනගන්න අයට පමණක් කොළඹ එම්.බි.බි.එස් උපාධිය කරන්න ඉඩදීලා, ඊළඟ වසරේ එන කට්ටියට අනිවාර්යෙන්ම අපොස උසස් පෙළ ඉහළින්ම සමත් අය පමණක් බඳවාගත යුතුයි. මහජනයාට පසුගිය කාලයේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නොහැකිවයි හිටියේ. මම ඔයාට යමක් පෙන්නා දුන්න විතරයි. (නි)
නොමිලේ ඉගෙන ගෙන අනික් අය සල්ලි ගෙවලා ඉගෙන ගන්න හදනකොට ඒකටත් වල කපන්න හදන මෙහෙමත් කුහක ජාතියක්. දැන් එහෙනං මෙයාලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන පෞද්ගලික රෝහල් වල වැඩ කරන්නේ. ලංකාවේ ළමයි කී දෙනෙක් විදේශ රටවල වෛද්‍යය උපාධිය ගන්නවද? ඒක මෙහෙ දුන්නම මොකද වෙන්නේ. (බ)
වෛද්‍ය සභාවේ නියාමනය යටතේ පෞද්ගලික වීශ්ව විද්‍යාල විය යුතුය. සල්ලි තියෙන අය සල්ලි දීල ඉගෙනගත්තම අනිත් අයට තියෙන අමාරුව මොකක්ද. (බ)
ඇත්තටම මොකක්ද ඔය කියන ප්‍රමිතිය? (නි)
එම පුහුණු ආයතනයේ ගුණාත්මකබවේ ගැටළු තිබේ නම් ඒවා ගැන කටයුතු කිරීම වරදක් නැත.එම ගැටළු නිවැරදි කළයුතුය. ඒ මඟින් විදේශ වලට ගොස් ලබාගන්නවාට වඩා අඩු මුදලක් වැයකර මෙම උපාධිය ලබාගත හැක.මොකද වෙනත් රටවලට මෙම පුහුණුව සඳහා විශාල වියදමක් වැයකර යන ඕනෑතරම් පිරිස් ඉන්නවා . එහෙම නැතුව වෙනත් යටි අරමුණක් ඇතුව විරෝධය පෑම අනුමත කළනොහැක. වෙනත් රටවල් ලෝකයේ සමඟ ඉදිරියට යාමට මෙවැනි පුද්ගලික ආයතන පිහිටුවීම කළයුතුය. (නි)
මේක ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් ජාත්‍යන්තර පාසල් වලට ගිහින් ඉගෙනගන්න ළමයින්ට රට ඇතුළේ අනාගතයක් නැද්ද ? එහෙනම් මුලින්ම කරන්න ඕනෑ ජාත්‍යන්තර පාසල් වහන එක. එහෙම නැතුව මෝඩයෝ වගේ කෑගහලා වැඩක් නැහැ. ඒ ළමයින්ගේ අනාගතය ගැනත් හිතන්න ඕනෑ. (නි)
එතකොට රජයේ උපාධි දන්සල් වලින් කන එක හොඳද (බ)
මාලබේ ඉගෙනගන්න අය එම මුදලින් පිටරටකට ගිහින් ඉගෙනගත්තොත් අපේ සල්ලි පිටරටකට ඇදිලා යන්නේ නැද්ද? දැනට වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා කියන නිසා එහෙම හරි ඉගෙනගත්තොත් ඒකෙන් වාසියක් ලැබෙන්නෙ පොදුවේ රටවැසියන්ට නේද? අනෙක් අයට ඉගෙනගන්න ඉඩදෙන්නේ නැහැ කියන්නේ අනාගතයේත් එම හිඟය පවත්වාගෙන ගිහින් තම තමන්ගේ ඒකාධිකාරය පවත්වාගෙන යාමට උත්සාහ ගැනීමක් නොවේද? ඒ අනුව බලනකොට ඔය කෑගහන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහා මිස පොදු මහජනතාව ගැන හිතා නොවේ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේ රටේ සියල්ලම පෞද්ගලිකරණය කරන්න ඕනේ අකුරට වැඩ කරවා ගන්නනම්. දැන් ඔය ජාත්‍යන්තර පාසල් කොච්චර ලංකාවේ තියෙනවද. කෝ ඒවාට කවුරුත් කෑ ගහනවද නවත්තපල්ලා කියලා.කොහොම හරි සල්ලි වියදම් කරලා උසස් අධ්‍යාපනයක් ලබන්න නේද (ම)
හොඳ දෙයකින් ප්‍රයෝජන ගන්න බැරි මිනිස්සු. (ර)
ඇයි මේ කුහකකම් කරන්නේ, එතන වරදක් ඇත්නම් එහි උගන්වන දේ ගැන පරික්ෂණ පවත්වන්න අදාල බලධාරින් ක්‍රියාකරයි (බ)
ලක්ෂ 120 ක් දීලා ඉගෙන ගන්නවා කිව්වම මෙයාලාගේ ඇහේ කටු අනින්නා වගේ ඇති. බැරි වෙලාවත් උසස් පෙල ටියුශන් පන්ති වලට මාසෙට රුපියල් 25,000 ක් විතර ගත්තොත් මෙයාලා ඒකටත් කෑ ගහයි ටියුෂන් පන්ති තහනම් කරනු කියලා. (ර)
ඒවා උපාධි කඩනම්, මේ අය ඉගෙන ගන්නේ උපාධි දන්සැල් වලින් කියලා මතක් කරගන්න. (ර)
රටේම මිනිස්සු මළපොතේ අකුරක් ඉගෙන ගන්න ඒක නවත්වන්න පුළුවන් නම් ඒ ටිකත් කරාවි. පුදුම කුහක කොට්ඨශයක් . (ර)
ඉරෝෂගෙ මොලේ තමයි මොලේ. (ර)
ඉරෝෂ් අය්යා, මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? නිසි පුහුණුවක් නැතුව ලයිෂන් ගත්ත ඩ්‍රයිවර් කෙනෙක් එලවන වැන් එකක ඔයාගේ ළමයි ඉස්කෝලේ යවනවද ඔයා? ඔය කියන තැන පුහුණුව ප්‍රමාණවත් නැහැ කියලා මහාචාර්ය මණ්ඩලයක්ම පෙන්වලා දීලා තියෙනවලු. (ර)
මේ ගැටළුවට විසඳුමක් නැද්ද? (නි)
රජයට වගකීමක් තිබෙනවා මේ සම්බන්ධයෙන් නීති මාලාවක් ගෙනවිත් මෙම ප්‍රශනය විසඳීමට (නි)
අනේ මෙහෙමත් කුහක ජාතියක්. ඔච්චරම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ නම් පෞද්ගලික රෝහල් වල සේවය කරන එකත් නතර කරන්නකෝ. මෙයාලට විතරද ඉගෙන ගන්න අයිතිය තියෙන්නේ. අනික් අයට ඒ අයිතිය නැද්ද. (බ)
ඔච්චර පහසුකම් තිබුනත් ඉන්දියාවේ පවා ඉගෙන ගන්න සල්ලි දෙන්න ඕන. (බ)
අර උඩම ඉන්න දෙන්න දැක්කම හිනා යනවා. දැන් කැලේ ඉන්න වැද්දෝ වගේ බදාගෙන කන්න හදන එක හරියන්නේ නැහැ. ලෝකේ අනිත් රටවල් අපි පහු කරලා ඉදිරියට ගිහින්. (බ)
නිදහස් අධ්‍යාපනය භුක්තිවිඳ වෛද්‍ය පීඨයට ගොස් තමන්ගේම අයට කරන කුහකකම් ඉතාමත් කණගාටුදායකයි. අද වනවිට වෛද්‍යවරුන් යනු සමාජයේ අනෙකුත් කණ්ඩායම් වල අධ්‍යාපනයට හා දියුණුවට බාධාකරන,වළ කපන කොට්ඨාශයක් බවට හංවඩු ගැසී හමාරයි. (නි)
පෞද්ගලික චැනල් සේවාව හොඳයි හැබැයි පුද්ගලික අධ්‍යාපන ආයතන නරකයි. මේගොල්ලන්ගේ ළමයින්ව කවදාහරි යවන්නේ ජාත්‍යන්තර පාසල් වලට. හැබැයි රටේ අනෙක් මිනුස්සුන්ට ඒවා වලංගු නැහැ. මෙයාලා විතරයි සමාජයේ උඩට ගිහින් ඉන්න ඕන . (ර)
අර කෑගහන එක්කනා දොස්තර කෙනෙක් වෙන්නද දන්නේ නැහැ ඉගෙන ගන්නේ . වැදගත් වෘත්තිකයෙකුගේ හැසිරිමක්ද ඇත්තට ? (ර)
තව ටික දවකින් කියාවි සිමා වගේ අන්තර් ජාතික පාඨමාලාත් නවත්වන්න කියලා. මේගොල්ලන්ට ඕන රටේම මිනිස්සු නුගත්තු වෙලා, මේ ගොල්ලන් වාහනේ යනකොට පාරේ යන මිනිස්සු කම්බි ලේන්සු අතට අරන් කාණුවට බස්ස්වන්නද කොහෙද. (ර)
රමසි ඕකට ඩ්‍රයිවර් කෙනෙක් ගාව ගන්න එපා. ඔය කියන තැන පුහුණුව ප්‍රමාණවත් නැති නම් මුදලක් අරගන හරි ප්‍රමාණවත් පුහුණුව ඒ ළමයින්ට දෙන්න කියන්න. එත් ලංකාවේ ළමයි ඉන්දියාවේ ,ඇමෙරිකාවේ නෙවෙයි. . ඕකට කියන්නේ පට්ට කුහක කම. ඕක ගොඩක් තියෙන්නේ ගමේ අයගේ. බස්නාහිර පළාතේ මිනිසුන්ගේ ඕක අඩුයි. (ර)
මම හිතන්නේ අර කෑගහන වැඩේට කුලියට මාළු වෙළඳාම් කරන මහතෙක්ව ගෙනල්ලාද කොහෙද. (ර)
ප්‍රමිතිය හදන්න නියාමනයක් කරන්න. රජයට පවරාගන්න එපා. (නි)
අනික් මිනිස්සු ඉගෙනගන්නවට ඊර්ෂ්‍යාව දක්වන මෙහෙමත් කුහක කොට්ඨාශයක්? මෙයාලට රටේ මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙනගන්න හොඳයි. අනික් අය සල්ලි ගෙවලා ඉගෙනගන්න ගියාම නරකයි. ඔය කියන තැන ප්‍රමිතිය මදි නම් ඒක වැඩිදියුණු කරන්න කියන්නකෝ මෙහෙම පාරවල් වහගෙන මිනිසුන්ට හිරිහැර නොකර. (නි)
උඩ ඡායාරූපයේ කෑගහන ස්වරුපය නම් "එන්න එන්න ලාභයි ලාභයි" කියනවා වගේ. මගේ ඇස පෙනීමේ දෝෂයක්ද මන්දා! (නි)
මහත්වරුනි, උසස් පෙළ අසමත්වුණ පළියට ඒ මනුස්සයාට ඉගෙනගන්න බැරි නැහැ. ඔබතුමන්ලාත් එය දන්නවා. එහෙත් ඔබ අකමැතියි ඔබට දැන් හිමි රටේ ඒකාධිකාරය නැතිවෙන එකට. දොස්තරවරු වැඩිවුණාම අහිංසක මිනිසුන්ව හූරගෙන කන්න බැහැනේ... (නි)
මලී, රම්සි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වහන්න මෙයාලා ගන්න උත්සාහය රජයේ රෝහල් වලින් බෙහෙත් දෙද්දිත් තිබෙනවද? වෛද්‍ය වෘත්තිය උතුම් බවත් එය ගුණාත්මක වියයුතු බවත් සත්‍ය වුණාට වෛද්‍ය සේවය අද පත්ව ඇති තත්ත්වය කණගාටුදායක බව නොතේරෙන්නේද? (නි)
අර බෙරිහන් දෙන කෙනා නම් ලොතරැයි විකුණන ගමන් සහයට කැඳවා ගත්තු කෙනෙක් වගේ (බ)
කුහකකම විනා වෙනත් දෙයක් මෙතන නැත. (ස)
අර කෑගහන එක්කෙනා හොඳයි නේද පුද්ගලික චැනල් සේවාව පටන් ගත්තු දවසට පාරේ යන මිනිස්සුන්ට අඬ ගහන රාජකාරියට. (බ)
දොස්තරලා ස්ට්‍රයික් කරන හැටියට ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හොඳයි. (බ)
දොස්තරලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක හොඳනම් ප්‍රයිවට් කැම්පස් නරක ඇයි ? (බ)
මම මාලබේ කැම්පස් එකට හොඳ කිව්වේ නැ. පරණ ආණ්ඩුවත් එක්ක සසඳලා යහ පාලනෙන් මේ කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්නවා කියල මම කිව්වේ. පුළුවන්නම් තේරුම් ගන්න (බ)
පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමේ වරදක් මම දකින්නේ නැහැ (නි)
මමත් උසස්පෙළ අසමත්වෙලා පුද්ගලික ආයතනයකින් ඉගෙනගෙන දැන් ඉතාමත් සාර්ථකව රැකියාව කරගෙන යනවා. මමත් පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නැහැ. හැබැයි මේ කියන ආයතනයේ ප්‍රමිතිය ගැන ගැටළුවක් තිබෙනවා නම් අපි සෙල්ලම් කරන්නේ රෝගීන්ගේ ජිවිත එක්ක. අනික එකවරම මේ ළමයින්ට බනින්න එපා හේතුව නොදැන. (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිවීම යන කරුණ සමඟ මට නම් එකඟවෙන්න බැහැ. නමුත් නියමිත ප්‍රමිතියක් නැතුව එවැනි තැන් පවත්වාගෙන යාම නම් සම්පූර්ණ වැරදියි. ඒකට අවශ්‍ය කටයුතු නොකරනවා නම් දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි. නියම ප්‍රමිතියකට එය ගෙනඒමට රජයද සහය දැක්විය යුතුයැයි සිතනවා. නිකන්ම වහලා දාන එක නෙමෙයි පිළියම. (නි)
මෙයාලා අපේ සල්ලි වලින් ඉගෙනගන්නවා. ඉගෙනෙගෙන චැනල් සෙන්ටර් දානවා. දොස්තරලා ලංකාවේ අඩුවෙන තරමට මොවුන්ගේ පොකට් එකට හොඳයි. (නි)
පොලීසියට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. ඇයි ඉතින් මේ විකාර වලට ඉඩදෙන්නත් එපායැ. (නි)
අපි විතරයි ඉගෙනගන්න ඕනෑ. අපි විතරයි කාර් ගන්න ඕනෑ. (නි)
හැමදෙයක්ම ලෝකෙට ණයවී නොමිලයේ නොදෙනු! මොවුන් ඒවා නැවත නොගෙවන නිසා උපාධිය ලැබීමෙන් පසු අවුරුදු 5 ක්වත් නොමිලයේ වැඩ කිරීමට නියම කළයුතුයි. (නි)
තව ටික දවසකින් මෙයාලට ඕනෑ විදියට ප්‍රශ්න පත්‍ර හදන්න කියලත් උද්ඝෝෂණ කරයි. රටේ සංවර්ධනයට අවශ්‍ය පිරිස් පුහුණු කරන්නේ ඒ ඒ වෘත්තිකයන්ට අවශ්‍ය විදියටද? මෙයාලා රටේ ළමයින්ට උගන්වනවාට විරුද්ධව පෙළපාලි යනවා. මෙයාලට ඕනෑ විදියට වැඩ කළොත් රටත් ඉවරයි (නි)
මෙතන ඉන්න හුඟ දෙනෙක් වල්ගය පාගාගෙන වගෙයි. මෙතන තිබෙන්නේ එම ආයතනයේ පුහුණුවේ ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක්. (නි)
මුදලාලි කෙනෙක් රියදුරු පුහුණු පාසලක් පටන්ගන්නවා. සල්ලි අරගෙන ළමයි බඳවාගන්නවා. ඒ වුණාට එයාට වාහන නැහැ. ඉතින් එයා ලංගමේ බස් ඉල්ලනවා පුහුණුව දෙන්න. මේකත් අන්න ඒ වගේ වැඩක්. (නි)