වකුගඩු බද්ධ කැර ගැනීමට මෙරට පිරිස් එදා ඉන්දියාවට ගියද අද මෙරට වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය හේතුවෙන් ඉන්දියා රෝගීන් ශ්‍රී ලංකාවට එතියිද ඒ නිසා සැලසුම් සහගතව ඉන්දියා පොලිසිය මෙරට වෛද්‍යවරුනට චෝදනා කරතියි රජයේ දේශීය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා පවසයි.
යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම මගින් මෙරට රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුනට තිබෙන අවස්ථා අහිමි වන බවත් කුමන රටක් සමග කුමන ගිවිසුමක් ගැසුවද මෙරට වෘත්තිකයන්ට බලපෑමක් වන ආකාරයේ ගිවිසුම් අත්සන් නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
පෙබරවාරි 11 වැනිදා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෙද සංගම් රැසක් එකතුව කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිත බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත (හේ)
වකුගඩු ජාවාරමෙන් ලැබෙන ගණන නැතිවුනහම හිතේ අමාරුවට කියන කතා... ලෝකෙ 10 වැනි බලවත්ම ආර්ථිකය ඇති රටට පුංචි ලංකාවේ වකුගඩු බද්ධ කිරීම් එක්ක තරගයක් තියෙනවද? (බ)
එක තමයි වුනේ,ඉන්දියාවේ රෝ එකේ මෙහෙයවීමෙන් කොහෙවත් ඉන්න වදුරු පොලිස් කාරයන්ගේ කීම පිට මේ රට සේවා කේන්ද්‍රස්තානයක් වීම වෑලෑක්වීම තමා සිද්ද වෙන්නේ. ඇවන්ට් ගාර්ඩ් එකටත් වුනේ මේකමයි, රටට ලෑබෙන විශාල ආදායමක් අහිමිවුනා. දෑන් සීපා හරහා ඉන්දියනුවන්ම මෙහාට ඈවිත් ඔය අාදායම් ඉන්දියවටම අරගෙන යන විදිහට වෑඩ සලස්වයි.නාවික හා තොරතුරු තාක්ෂනය ඉන්දියාවට විවෘත කිරීම දෑන් සිද්ද වෙනවා. රොහල් සේවයටත් එම සෙතේම තමයි. (බ)
නුවන්, තව ටිකක් ලෝකය, වටපිටාව ගැන දැනුම ලබාගෙන මෙවැනි පුවත් වලට අදහස් ලියනවනම් තමා හොඳයි. (කෞ)
ඉන්දියාවේ කෝටි හැටක ජනගහණයක් සිටින එකේ මෙම කතාව ප්‍රායෝගික නැත. (නි)
ඉන්දියානුවන් නිසා මුළු මැදපෙරදිග රටවල් 7 ම දැන් ඉතා අසීරු තත්වයකට වැටිලා බව නොබෝද සිදුකල සමීක්ෂණයකින් හෙළි වුනා . මේ සමීක්ෂණය කලේ මෙම රටවල කළ දැනුම්දීමක් අනුව ඇමරිකන් සමාගමක් මගින්. දැන් මෙදපෙරදිග සිටින වසර 25 ට වැඩි කාලයක් පවුල් පිටින් හිටපු ඉන්දියානුව දින 7 වැනි සුලු කලයක් තුල පිටු වහල් කරනවා. මී ලගට මේ ඉන්දියානුවන් තෝරාගන්නේ ලංකාව. දැන් ලංකාව රජය සුදානම් වෙන්නේ එම ගිවිසුම් වලට හරියන විදියට ලාංකිකයන්ට බොරු කියා ඉන්දියානුවන්ට තැන දීමට. (හේ)
ඇඳන් 1000ක් වත් නැති පොඩි ඉස්පිරිතාල දෙක තුනක් එක්ක මොන තරඟද අනේ, ලංකාව වගේ 60 ගුණයක් විශාල ඉන්දියාවට? අනෙක ඔය කියන වකුගඩු බද්ධ කිරීම ලංකාවේ කළේ ඉතින් ඉන්දියාවෙන්ම දායකයෝ ගෙනල්ලනේ. ඉතින් ඉන්දියාවට මොන තරඟයක්ද? දැන් හැමදේටම විදේශීය කුමන්ත්‍රණ කියලා හිතන මානසික රෝගයක් හැදිලා තියෙන්නේ අපේ අයට. (නි)
නුවන් වගේ අයගේ අනුවණ කතා ගණන් ගතයුතු නැත (නි)
වකුගඩු ගැටලුව ටිකක් සංකීර්ණයි. මේක හොඳම පාරදෘශ්‍යභාවයකින් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. කළු කඩ ව්‍යාපාරයක් විදියට කරගෙන ගියොත් අපේ වකුගඩුත් බලෙන් ගලවාගන්න ඉඩ තිබෙනවා. (නි)
සෙනරත්,ඔබගේ අදහස මාද පිළිගනිමි. (නි)
හොඳටම වෙදකම කරනවා වගේ. (නි)
සෙනරත් කියන දේ හරියටම හරි (නි)
නුවන්, ඔයාගේ මොළේ කොහෙද තියෙන්නේෙ? (නි)
දේශපාලුවොන්ගෙ ගුණ්ඩු වලට අහුවෙන, සල්ලි වලට කහින අය ඉන්නාතුරු මේ රට හැදෙන්නෙ නැහැ. නුවනුත් නම වෙනස් කරගත්තොත් හොඳයි. පොඩ්ඩක්වත් උගත් මිනිස්සු කියන දේ තේරෙන්නෙ නැහැ. මේකෙන් වෙන්නෙ ඇත්තටම රටට ආදරේ මිනිසුන්ටත් රට එපාවෙලා යන එකයි. (නි)
ඉන්දියාවේ ඔය වගේ හොර ජාවාරම් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නේ. ඉතින් ඉතිරි සොච්චම් හොරකම් ටික තමයි ලංකාවට ලැබෙන්නේ. ඕක සුළු දෙයක්. (නි)
මෙහෙට ඉන්දියන් වෙද්දු එනවා කියලා වකුගඩු හොරකම කරන්න, ඒකට ඉඩදෙන්න කියලද කියන්නේ? රටේ අපරාධයක් ගැන හොයන්න ඉඩක් දෙන්නෙම නැහැ. මොනවාහරි දෙයක් පටළලා යට ගහන්න හදනවා. (නි)
මම හිතන්නේ අපිට ඕනෑ දේවල් බොහොමයක් අපිටම කරගන්න පුළුවන් කියලයි. විදේශගතවෙලා ඉන්න අපේ අය ගෙන්නාගෙන (වයස ගැන බලන්නේ නැතුව, වැඩ ගැන බලලා) ඒ අයට පහසුකම් දීලා වැඩ අරගෙන රට දියුණු කරමු. අපේ දක්ෂයෝ ඉන්නේ පිටරටවල. (නි)
ඉන්දියාව දිගටම හදන්නේ වටේ තිබෙන රටවල් යටකරලා ඔවුන්ගේ ආධිපත්‍ය උඩට ගෙන්න. ඔවුන් යන රටවලත් එහෙමයි. අද ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉන්දියන්කාරයන් රැකියාවට ගිය තැන්වල ලංකාවේ අයට එක්කෝ රැකියා ගන්න දෙන්නේ නැහැ. නැත්නම් ඉන්න අයට කරදර ඇති කරනවා. මම වැඩකරන තැනත් අපිට ඉන්දියන්කාරයන්ගෙන් පුදුම වදයක් තිබෙන්නේ. ඉන්දියාව හොඳයි කියලා හැමදේම බදාගන්න ගියොත් ලංකාවේ පුරවැසියන්ට ජාති භේදයක් නැතුව පරිප්පු කන්නයි වෙන්නේ. (නි)
නුවන්ලා වගේ ඉන්දීය වන්දිභට්ටයින් නිසා තමා ලංකාවට කවදාහරි වරදින්නේ. ළිං ගෙම්බෝ දකින්නේ ළිඳ ඇතුළේ දේ විතරයි (නි)
අපි නම් දන්නා විදියට මිල අඩු නිසා සහ ඒ වගේම නීති දුර්වල නිසා මෙහෙට එන්නේ. (නි)
ඕකේ දෙපැත්තක් තියෙනවනේ. ඉන්දියානුවන් අඩු පඩියකට එයිද? නවාතැන් පහසුකම්, කෑම බීම, රැකියා වීසා, ගමන් වියදම් බැලුවහම අතින් කාලා අනුන්ගේ හරක් බැලුවා වගේ තමයි (නි)
හැබැයි ප්‍රශ්නය වෙන්නේ ඉගෙනගන්නේ නැතිව නිතරම පෙළපාලි යන, මල්වතු වල මුහුදු වෙරළේ රස්තියාදු වෙන අයට තමයි. හොඳට වැඩ දන්නවා නම් ඉංග්‍රීසිත් ඉගෙනගත්තොත් ඔය කාටවත් බයවෙන්න අවශ්‍ය නැහැ (නි)
ඇඳන් 1000ක් වත් නැති පොඩි ඉස්පිරිතාල දෙක තුනක් එක්ක මොන තරඟද අනේ, නිල්මිණි දන්න මගුලක් කතා කරන්න. ලංකාව වෛද්‍ය සේවා අතින් ඉන්දියාවට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්නේ, (බ)
ස්තුතියි රන්ගි. හරියට හරි (නි)