IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


වත්කමේ දෝෂ මකන්න මැති ඇමති රොත්තක් අල්ලස් කොමිසමේ

(සුජිත් හේවාජුලිගේ)

මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කරගෙන ඇතැයි වාර්තාවේ.

ඔවුන් මෙම වැරදි නිවැරදි කරගෙන ඇත්තේ කොමිෂන් සභාවට ලිපි සහ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙනි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ  වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමා අතින් වරදක් සිදුවූ යැයි  පිළිගන්නා බවයි.

එය වංචාවක් නොවන බවත් පැහැදිලිවම අතපසුවීමක් බවත්   ඔහු සඳහන් කළේය.

තමා ඒ අඩුපාඩුව නිවැරදි කළ බව පැවසූ අමාත්‍යවරයා  අධිකරණ ඇමැති වුණත් තමා මනුස්සයෙකු බවද ප්‍රකාශ කළේය.

වත්කම් බැරකම්  පුරවන ලේඛනය  සංකීර්ණ එකක් බවත් තොරතුරු  පිරවීමේදී ඕනෑම  කෙනෙකුට  වරදින බවත්  නානායක්කාර මහතා පැවසීය.

එසේම තවත් මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කිරීමට සූදානම් වෙමින් සිටින බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග වලින්  දැනගන්නට ඇත.

මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල ඇති වැරදි සම්බන්ධයෙන් සමාජයේ පසුගිය දිනවල දැඩි කතාබහක් මතු විය.



අදහස් (1)

වත්කමේ දෝෂ මකන්න මැති ඇමති රොත්තක් අල්ලස් කොමිසමේ

සෙනෙවිරත්න Saturday, 25 October 2025 02:24 PM

ගම්මන්පිලලා, චාමරලා මාලිමා පාපිසිවල කලිසම් ඔලුවෙන් ගැලෙව්වාට පස්සේ වෙන මොනවා කරන්නද ඉතින්..?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1291 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site