බුවිනි අමුතු නමක් වගෙයි මොකක්ද එහි තේරුම?
‘‘භූමියට දෙව්දුව’’ කියන.
කොළඹ.
කෝට්ටේ ජනාධිපති බාලිකාවෙන්.
ඇයි රඟපෑමට ආවේ? අක්කාගෙ අඩුව පුරවන්නද?
මටත් පොඩිකාලයේ ඉඳලාම රඟපෑමට ආසාව තිබුණා. ඒත් අක්කා මට වඩා අවුරුදු 6ක් වැඩිමල්. අක්කා රඟපාද්දි මට ඒ ආසාව තවත් වැඩිවුණා. ඒත් A/L ඉවරවෙනකල් රඟපෑම් අංශය ගැන හිතුවේ නැහැ. කොහොම වුණත් අක්කා දැන් ‘‘බබා’‘එක්ක. කාර්ය බහුල නිසා මේ දිනවල අලූතින් රඟපාන්නෙ නැහැ. ඒනිසා අක්කා නැති අඩුව මම නිසා පිරවෙනවා ඇති.
උතුම් පැතුම් ඔබ රඟපෑ කී වැනි ටෙලි නාට්‍යයද?
මේක තුන්වැනි එක. ඊට පෙර තවත් දීර්ඝ නාට්‍ය දෙකකට දායක වුණා. තව ඉදිරියේදී විකාශයට නාට්‍ය කීපයක් තියෙනවා.
රඟපෑම ගැන විතරක් හිතුවේ ඇත්තටම කිව්වොත් A/L කළෙත් කලා අංශයෙන්. මගේ හිත තිබුණේ කලාවට. ආස කළේ ඒ අංශයේ වැඩ වලටයි. අපේ අම්මත් පොඩි කාලයේ ඉඳලම කලාවට සමීපව සිටි කලාවට ආදරය කළ කෙනෙක්. ඊට පස්සේ අක්කා ඒ අංශයට දායක වුණාම මට ඒ ආසාව වැඩිවුණා.
අක්කා සහ ඔබ අතරින් කවුරුද 2 කියලා හිතන්නේ?
ඒක පේ‍්‍රක්ෂකයින්ට බාර දෙයක්.
එහෙම නම් ඔබගේ ප‍්‍රියතම නිළිය කවුද?
වත්සලා දියලගොඩ.
එහෙම කිව්වේ නැත්නම් ගෙදර යන්න බැරිවේවිද?
අපෝ එහෙම නැහැ. අක්කාගේ රඟපෑම් හරි තාත්විකයි.
ගොඩාක් අය ඉන්නවා.
ඒ අතරින් 5 දෙනෙකුගේ නම් කීවොත්?
උද්දික පේ‍්‍රමරත්න, බිමල් ජයකොඩි, අමිල අබේසේකර, කාවිංග පෙරේරා, විශ්ව කොඩිකාර.
විනෝදයෙන්, සැහැල්ලූවෙන් ජීවිතය ගත කරන්න කැමති කෙනෙක්.
ඇවිදින්න යන්න ආසයි. නුවරට තමයි වැඩිපුරම ආසා. ඒ පරිසරයට වගේම දළඳා මාළිගාව තියෙන නිසාත් ආසයි. මුළු ලෝකෙන්ම ආසත් නුවරට.
සිහින කුමාරයාගේ ගම නුවර නිසාද?
ඒක රහසක්
ඔබ කොහොම චරිතයක්ද? ආදරණීය චරිතයක්ද බැ?රුම් චරිතයක්ද?
නිතරම උත්සාහ ගන්නෙ ආදරණීය චරිතයක් වෙන්න. නමුත් එහෙම වෙන්න අමාරු අවස්ථාවලදී බැ?රුම් චරිතයක් වෙනවා.
ශිහාන් මිහිරංගට විශේෂ කැමැත්තක් තියෙනවා කියන්නේ?
එයා තමයි මගේ ප‍්‍රියතම ගායකයා.
ගැහැනු ළමයකු කොහොම විය යුතු කියලද හිතන්නේ?
දැන් තියෙන්නේ ඉස්සර සමාජය නොවෙයි. ඉස්සර මතයක් තිබුණා ගැහැනු ළමයකුට අධ්‍යාපනය ඕනෙ නැහැ, ගෙදර වැඩ ඉගෙන ගත්තාම ඇති කියලයි. නමුත් වර්තමාන ලෝකයේ ගැහැනු ළමයකු දැනුම අතින් ඉහළ වෙන්න ඕනෑ. ඒක හොඳ දෙයක්. කාන්තාව ලිප් බොක්කේ මුළුගැන්විලා සිටිය යුතු නැහැ. හැබැයි උයන්න පිහන්න වගේම ගෙදර දොර වැඩ නම් දැන ගන්න ඕනෑමයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වත්සලාගේ අඩිපාරේ යන බුවිනි
සලාම් Saturday, 10 January 2015 12:50 PM
රත්නායක ආරච්චිගේ සහෝදරයට තියෙන්නේ ඉරිසියාවක්. (නදී)
සන්ජය Tuesday, 30 December 2014 03:33 PM
තාම ආදරේ කරන්න කෙනෙක් ලැබුනේ නැද්ද? (ර)
රත්නායක ආරච්චිගේ Sunday, 04 January 2015 06:24 AM
අනේ අම්මප අදකාලේ ළමයින්ගේ නම් වල හැටි? බුවිනිට වඩා හොදයි බුරියානි කිව්වනම්? (නදී)
සරත් Monday, 29 December 2014 11:10 PM
ලස්සනයි දුවේ. ඉදිරියටම යන්න.... (නි)
ප්‍රියා Wednesday, 31 December 2014 10:54 PM
අලුත් දක්ෂ නිළියක්. කලාවෙන් හොඳ අනාගතයක් ලැබෙයි (නි)
සමන් Saturday, 10 January 2015 01:37 AM
කුමාරිකාවක් වගෙයි (නි)