මේ මස 23 වැනිදා එංගලන්තයේදී පැවැත්වෙන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සැසිවාරයේදී ඉන්දීය නියෝජිතයා කවුරුන් වුවද විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් ඉන්දියාව සිය සුපුරුදු විරෝධයම දක්වනු ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතා සිය තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වූ අතර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ කටයුතු සොයා බැලිම සඳහා සභාපති තනතුර තාවකාලිකව හිටපු සභාපතිවරයකු වන ජග්මෝහන් දල්මියා මහතාට බාරවී තිබේ.
එසේ වුවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව තමන්ට හිමිවිය යුතු යයි සිය ඉල්ලා අස්වීමට පෙර ශී‍්‍රනිවාසන් මහතා කොන්දේසියක් පනවා තිබිණ. එබැවින් මෙවර අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සැසිවාරයට සහභාගි වන්නේ දල්මියා මහතාද නැතහොත් ශී‍්‍රනිවාසන් මහතාද යන්න සෙනසුරාදා (15 වැනිදා) වන තුරුත් ස්ථිර වී නොතිබිණ.
අන්තර්ජාතික කි‍්‍රකට් තරග වලදී විනිසුරු තීරණ ක‍්‍රමවේදය යොදාගැනීම සම්බන්ධයෙන් 2008 වසරේදී ශී‍්‍ර ලංකාවේදී පැවති ටෙස්ට් තරගාවලියකදී අත්හදා බැලූණු අතර එම තරගාවලියේදී ශී‍්‍ර ලංකාව 2 - 1 ක තරගාවලි ජයක් ලබාගත්තේය. ඉන් දෙවසරකට පසුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ටෙස්ට් තරගාවලි සඳහා විනිසුරු තීරණ විමසීමේ (විතීවි) ක‍්‍රමවේදය අනිවාර්ය කරන ලද නමුත් ඉන්දියාව දිගින් දිගටම ඊට විරෝධය දැක්වීය. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයන් අතුරින් විතීවි ක‍්‍රමවේදය සඳහා විරෝධය දක්වන එකම සාමාජිකයා වන්නේද ඉන්දියාවයි.
විතීවි ක‍්‍රමවේදය අන්තර්ජාතික තරගාවලි සඳහා භාවිතා කළ යුතුයයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නීතියක් පනවා තිබියදීත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීතිරීති පැනවීමේ හිදැසක් සොයාගත් ඉන්දියාව එය භාවිතා නොකරයි. මේ වන විට කිසියම් තරගාවලියක් සඳහා එය යොදාගනු ලබන්නේ තරගාවලියට සම්බන්ධ වන කණ්ඩායම් දෙකම ඊට කැමැත්ත ප‍්‍රකාශ කරන්නේ නම් පමණි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විතීවි ක‍්‍රමවේදයට ඉන්දියාවේ සහයෝගයක් නෑ
සුදේශ් Saturday, 15 June 2013 07:08 PM
මෙම ක්‍රමය ක්‍රියාත්මක වුනොත් ඉන්දියාවට තමන්ට ඕනෑ විදියට ක්‍රිකට් පාලනය කරන්න බැරි වෙනවා. (නි)