(එම්.සුසිල් පියන්ත, චන්ද්‍රසිරි ගුණසේකර සහ ඇත්කඳුර ජනක් ද සිල්වා)

ඇල්පිටිය වතුරවිල තේ කර්මාන්ත ශාලාවක අද(19) පස්වරුවේ  හදිසි ගින්නක් හට ගෙන ඇති බව ඇල්පිටිය පොලීසිය කියයි.

මේ ගින්නෙන් එම කර්මාන්ත ශාලාවට බරපතල අලාභහානි සිදුව ඇති බවද පොලීසිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැති බවත් ගින්නෙන්වූ අලාභහානිය මෙතෙක් ගණන් බලා නැති බවද පොලීසිය කියයි.

මේ ගිනිගත් තේ කර්මාන්ත ශාලාව එවර්ගීන් සමාගමට අයත් එකක් බවද පොලීසිය කියයි.