පොළොන්නරුව කිරිඔය,දිගන්නාව, විසි එකේ කණුව ගම්මාන තුනකට දින කිහිපයක් තිස්සේ වල් අලි එතියි ගැමියෝ කියති
ඊයේ රාත්‍රියේදී ද කිරිඔය නිවසකට ආ වල් අලියකු නිවසේ බිත්තියක කොටසක් කඩා එහි ගබඩා කැර තිබු වී ගෝනි කා දමා තිබේ
අලියා පහර දීමෙන් නිවසේ ගරාජයේ නවතා තිබු වෑන් රථයටද හානි සිදු වී ඇත.
වස්ගමුව රක්ෂිතයෙන් එන අලි පනහක් හැටක් පමණ මේ ගම්මානය ආශ්‍රිත දිගන්නාව වැවට දිනපතා රාත්‍රියේ එතියිද එම රැළේ දෙතුන්දෙනා ගම්වලට කඩා වදිතියිද ගැමියෝ පවසති
විදුලි වැට ක්‍රමවත්ව ඉදි නොකිරීම නිසා මේ අලි මිනිස් ගැටුම ඇති වී ඇති බවද ඔවුහු කියති
(නිවසේ හිමිකරු කිරිඔය ගම්මානයේ එස් කේ බණ්ඩාර මහතා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ දේ දෙවියන්ටත්, සීසර්ගේ දේ සීසර්ටත් දෙන්න කියනවනේ. අලින්ගේ දේ අලින්ටත් මිනිසුන්ගේ දේ මිනිසුන්ටත් වෙන්කරලා දෙන්න. නැත්නම් සනාතන ගැටුම දිගටම පවතීවි කවුරුහරි වැනසිලා අවසන් වෙනකල්. ආලෝක යෝජනා කරලා තිබෙනවා වගේ නිසි සැලසුමක් ජාතික මටමින් දියත් කිරීම වහාම කළයුතු දෙයක්. (නි)
අවුරුදු දහස් ගණනක් ගමේ ඉන්න ගොවියෝ කැලෑ ආරක්ෂා නොකර අල්ලාගෙන විනාශ කරන එක හරිද? ගම සූරාකාලා නගරයට ආ පරම්පරා වලට තම සහෝදරයෝ අමතක වෙලා. වල් ඌරන්, වල් අලි සම්පත වනයට කොටු කරලා දුන්නොත් ඔවුන් රටටම කෑම දෙයි. (නි)
අලි ප්‍රශ්නයෙන් මේ මිනිසුන් හෙම්බත් වෙලයි ඉන්නේ (අ)
බළධරයන් නෑහෙනවා වගේ ඉන්නවා (අ)
විදුලිවට ක්‍රමවත්ව නොහදන්නේ කුමන හේතුවක් නිසාද?වගකිව යුත්තන්ට නිසි දඩුවම් පැමිණිය යුතු,එවිට හරියි.(අ)
හුඟ දෙනෙක් ඉන්නවා මේ අදහස් වලට එකඟ. කලකට පෙර වනජීවී එකට ගිහින් දුන්නා මේ යෝජනා. එයාලා ගණන් ගත්තේවත් නැහැ. ඒකාබද්ධ සැළැස්මකුයි ඒක ක්‍රියාත්මක කරන්න බලය තියෙන නිලධාරියි, ඔවුන්ට ඉහළින් අවංක පළාත් පාලකයොයි ඉන්න ඕනෑ. හැම දෙපාර්තමේන්තුවක්ම එකතුවෙන්න ඕනෑ විසදුම හරියන්න නම්. දැන්වත් මිනිස්සු බලකරලා මේ වගේ විසදුමක් ඇති කළේ නැත්නම් ළඟදීම අලි පිටරටින් (ඉන්දියාවෙන්- තායිලන්තෙන්, ඒ රටවල මෙහෙම විනාශ වලට ඉඩ නැහැ) ගෙන්නන්න වෙයි කියලත් කියනවා. අනික සංඝයාට කැප නැහැ සත්තු තියාගන්න, රටේ තිබෙන විශාල ප්‍රශ්නයක් මේක. මේ වගේ යෝජනා ගොඩක් අපි එක් කරලා තිබෙනවා. ඒවා කරන්න පුළුවන් තවමත් ප්‍රමාද නැහැ. (නි)
මේ ගෙදර අලි කැඩුවද ? වී අරගෙන ගියාද දන්නේ නැහැ? ගේ වටේට කටු තියෙන තල් වැටක් හදන්න, නැවත එන එකක් නැහැ. අලින්ට කෑම අඩුයි වන විනාශය නිසා. කැළෑ වල් බෙලි, දිවුල් වවන වැඩසටහනක් පටන් ගන්න පුළුවන්නේ අපේ ප්‍රාදේශීය ඇමතිලාට? ඒකෙන් මිනිස්සුන්ටත් ඒවා ලාබෙට ලැබෙයි. ලෙඩ නැතුව ඉන්නටත් ඒවා හොඳයි නේද? කරන්න කොච්චර දේවල් තියෙනවද? කෙරෙන්නේ නැතුවා මිසක්. (නි)
දඬුවම් දෙන්න ඕනේ කැලා ආරක්ෂා නොකර අල්ලගෙන විනාශ කරන අයටයි. නීතිය ක්‍රියාත්මක නොකරන පාලකයන්ටයි, 'අලිමංකඩ ' අවුරලා බිස්නස් කරන අයටයි. සැලැස්මක් නැතිව කැලා වල් සංවර්දනය කරමින් 2009 පස්සේ විනාශයක් කරන නිසයි මේක පටන් ගත්තේ.. වැටවල් ගහන්න ඕනේ අලි යන පාරවල් වලට ඉඩ තියලා. රටටම සැලැස්මක් ඕනේ. ගෙවල් වටේට කටු තියෙන ගස්, පැල,කටුවැල්බටු, මිරිස්, දුරියන්, තේක්ක, ගජම දාරා, හන වගේ අලි ආස නැති දේවල් වවන්න ඕනේ. නැගෙනහිර දෙමල පවුල් ඉන්න ගෙවල් වටේටම තල් අතුවලින් වැටවල් ගහල තියෙනවා, ඒ ක්‍රමය හැමෝම කරන්න ඕනේ. අලි මන්තර හැමෝටම කියල දෙන්න, මිනිස්සු එකතුවෙලා මේවා සංවිධානය කරලා ආණ්ඩුවෙන් උදවු ගන්න ඕනේ. එක තැනක වැටක් ගහල වෙඩි ගහල තාවකාලිකව විසදුම් කරලා මේක විසදන්න බැහැ. අලි ජාතික සම්පතක්, ඒක මිනිස්සුත් පාලකයෝත් තේරුම් ගන්න ඕනේ. අවුරුදු දහස් ගානක් අලි උන්ට අයිති කැලාවල හිටියා. හේතුවට විසදුම් සැලැස්මක් හදන්න අලිමංකඩ සැලැස්ම ප්‍රසිද්ධ කරලා ඒක නිදහස් කරන්න මිනිස්සු වෙන තැන් වලට යවල, උතුරේ විතරක් නෙමේ අනිත් ලොකු ප්‍රශ්න ගැනත් බලන්න දැන්වත්.(නදී)
ආලෝක ,ඔබට ස්තුති හොද දනුවත්කිරීමක් කලාට,තව මීමැසි ජනපද එකලගින් වාගේ ඇත කලහමත් අලි එන්හතිලු,නිලදාරීන් දැනුවත් නැහැ එම නිසා ජනයා දැනුවත් නැහැ ,හිගන්නාගේ තුවාලය වාගේ තියාගෙන ඉන්නවා.(අ)
මම හරි ආසයි බලන්න අලියෙක් ඇවිල්ලා කොළඹ ගෙවල් ටිකක් කඩනවා බලන්න. තීරණ ගන්න අය, මහා හොරකම් කරන අය, ඔක්කොම ඉන්නේ කොළඹ. අහිංසක මිනිස්සුන්ගේ දුක ඒ අයට තේරෙන්නේ නෑ. තමන්ට වෙන්න ඕනෑ. (නදී)