සතියක් තිස්සේ හික්කඩුව පන්නරගොඩ හා වවුලගොඩට නළ ජලය නොදෙතියි කියමින් එම ගම්වාසීහු අද හික්කඩුව ජල සම්පාදන හා ජලඅපවහන දෙපාර්තමේන්තු කාර්යාලයය වට කරමින් විරෝධතාවක් පැවැත්වූහ.
දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ආරක්ෂාවට පොලිසියද කැඳැවිණි.
එහි ස්ථාන භාර නිලධාරී එම් ජේ කේ ජයරත්න මහතා කීවේ එම ප්‍රදේශවල කඳු සහිත බැවින් ජලය සැපයීමේ ගැටළු මතුව ඇති බවයි. බලප්‍රදේශයටම ඇත්තේ ජල බවුසර තුනක් නිසා බවුසර මගින් හෝ ජලය ලබා දීමේ ගැටළුවක් ඇතැයි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් උද්ගොසන වල අගයක් නැතිවෙන තරමට උද්ඝෝෂන, අන්තිමට කවුරුත් ඕව ගණන් ගන්නේ නැතුව යයි (බ)
ඉතින් ජලනල දමද්දි ඔය කියන කඳු තිබුනෙ නැද්ද? (නි)
හැම තැනම උද්ඝෝෂණ. ඒ අතරතුර මහජනතාවට දහසක් බලාපොරොත්තු දී පාර්ලිමේන්තු ගිය අය පක්ෂ බේදයෙන් තොරව තම බද ,මදිය පුරවා ගන්නවා. ජනතාවගේ හඬ අනුව, දරුවාට මව් කුසයේදීම යහතින් වැදීමට අවැසි දේ රජයෙන් සැපයිය යුතුය, උපතින් පසු හොඳම පාසලක්, හොඳම විශ්ව විද්‍යාල අධ්‍යපනයක්, අවසන රැකියාවක් ලැබිය යුතුය, ,ගොවියාට අඩු මිලට පොහොර ලබා දිය යුතුය, ඉහල මිලකට අස්වැන්න මිලදී ගත යුතුයි, අසිංහලයිනට වෙනම පළාත් දෙන ගමන් සිංහලයන් පෙළමින් මුළු රටේම ජිවත් වීමට ඉඩ දිය යුතුය. නමුත් මෙවන් කෙසේ හෝ සිදුවන්නේ දෙසපාලකයන් තම මඩිය තර කර ගැනීම සහ සිංහලයාට සිය මව් බිම අහිමිවීම පමණි. මෙයට හොඳම විසදුම වැඩිවෙන ජනගහනය අනුව මේ සියල්ල කිසිවෙකුට ලබා දිය නොහැකි බැවින්, සිංහල වේවා, දෙමල වේවා,වෙනත් ජන වර්ගයක වේවා ආගමික විරෝදය නොතකමින් සියලුම වැසියන්ට උත්පත්ති පාලනයක් පැමිණ වීම සහ බහු විවාහ තහනම් කිරීමය. (අ)