මේ වසරේ ගෙවීමට ඇතැයි අගමැති පාර්ලිමේන්තුවේදී කී ණය ප‍්‍රමාණයෙන් 62%ක්ම ලබාගෙන ඇත්තේ පසුගිය වසරේදී බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
ඒ අනුව ගෙවීමට ඇති බව කියන ඩොලර් මිලියන 4000න් 2497ක්ම ලබාගෙන ඇත්තේ වත්මන් රජය බවද ඔහු කීවේය.
තමන්ගේ කාලයේ ලබාගත් ණයවලින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කළ නමුත් වත්මන් රජය ගත් ණයවලින් බෝක්කුවක් හෝ ඉදිකර නැතැයිද රාජපක්‍ෂ මහතා කීවේය.
වත්මන් රජයේ ආර්ථික අවපාලනය නිසා ඉදිරි කාලයේදී තවත් බදු වැඩිකිරීම්, සුභසාධන හා සහන කප්පාදු, ජල, විදුලි, විදුලි සංදේශ හා ගමනා ගමන ගාස්තු වැඩිවීම් ආදියට මුහුණදීමට ජනතාවට සිදුවනු ඇතැයි ද හිටපු ජනාධිපති කීවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ‘යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය‘ මැයෙන් බත්තරමුල්ලේ සිය කාර්යාලයේදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල, මගේ ඉඩම නඩුවකින් නිදහස් කළ පෙරකදෝරුවාට ඉඩම දෙන්නද ඔයා කියන්නේ? (නි)
සංවර්ධනය කියන්නේ රටටම මිස එක පවුලකට හෝ වටේ ඉන්න හොරුන්ට විතරක් නොවෙයි. මෝඩකමේ තරම කියන කතාවලින් තේරෙනවා. (නි)
ඒ ගත්තු ණයවලින් රට ඇතුලට ආවේ කීයද, වැඩේට ගියේ කීයද, කොමිස් කීයද ආදී වශයෙන් විග්‍රහයකුත් දුන්න නම් තමයි හොඳ. (බ)
මහින්ද මහත්තයෝ, ඔයා ගත්ත ණය කව්ද ගෙවන්නේ? ඒවා ගෙවන්න තව ඉදිරියටත් ණයවෙන්න වෙනවා. මොකද ණය අරගෙන කරපු සංවර්ධන කටයුතු බොහොමයක් පුස්සක් විතරයි. (නි)
ඇත්ත එළිවෙනකොට සමහර අයට රිදිලා. පසුගිය කාලෙ ණයවුණත් එකපාරට ගෙඩිය පිටින් ගෙවන්නෙ නැහැ. කොටස් ලෙසයි ගෙවන්නෙ. මේකෙ අදහස් දාන නාමල් වගෙ අය එහෙම කොළේ වහන්නයි අදහස් ලියලා තියෙන්නෙ. (නි)
සම්පූර්ණ ඇත්ත කතාව. අපිත් පිළිගන්නවා (නි)
ඔබතුමා ගත් ණය මෙන් 4-5 ගුණයක් අරන් එදාවේල පිරිමහන්න යහපලනෙන් (බ)
මේවා බලනකොට දේශපාලනය කෙසේවෙතත් මහින්ද මගේ රටට කළ සේවයට දැනට ජීවත්ව ඉන්න සැවොම ණයගැතියි. පසුගිය ආණ්ඩුව පහුගිය මාස 15 ට ගත් ණය වලට මොනවද කළේ? (නි)
කරපුවා මදීවට තව බයිලාත් ගහනවා.(බ)
මහින්දගේ වටිනාකම දන්න නිසා තමයි පරද්දලා ගෙදර යැව්වේ. ආය මොනවද තව කතා. (ර)
වත්මන් ආණ්ඩුව කරන්නේ එකක් කියන්නේ තව එකක්. අපිට කියන්න තියෙන්නේ බැරි නම් පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන්නන කියන එකයි. (නි)
බොරු එපා. අපි රට වටේ හැමදාම යන මිනිස්සු. පොඩ්ඩක් නුවර පැත්තේ ඇවිදලා බලන්න අවුරුදු 10 කට නොකළ සංවර්ධනය දැන් කෙරෙන හැටි... (නි)
අනේ මේ කට වහගෙන පිනක් දහමක් කරන් ඉන්න හොරා කාපුවා ගෙවන්න තමයි තමන්ගේ පියාගේ මොකද්ද හැදුවෙත් නයට අරන්ලුනේද (අ)
බොක්කු හදන්නේ කොහොමද? ඔබතුමා ගත් ණය ටික ගෙවලා එපැයි අනිත් හරිය ගැන බලන්න (නි)
වැදි බන කියන් නැතුව පිනක් දහමක් කරගෙන යන ලෝකෙට හොඳක් කරගෙන යන්ද බලනවා. පිස්සු කෙලින්ඩ එපා . දැන්වත් ඔය කුහක දුෂ්ට කම් නැතිකරගෙන හොඳට ඉන්ඩ බලන්න (අ)
මේ කොමන්ට් දාන ඔක්කොටම මහින්ද හොරා නම් කෝ හලෝ මහලොකු හොද මිනිස්සු අවුරුද්දක් තිස්සේ ගත්තු ණය වලට කරපුවා.දැන්වත් කඩේ නොගිහින් හිතන්න. (බ)
මහින්දගේ කාලේ හොරකම් කරන්න ඇති එ්ත් ඔය විදිහට ගරහන අය මහින්ද නොහොටියනම් අදත් ජීවත් වෙන්නේ ප්‍රභාකරන්ගේ බෝම්බවලට බයේ.නැත්නම් කෑලි කෑලි වලට කුඩුවෙලා ගිහින් කියල මතක තියාගන්න.ප්‍රභාකරන්ම කිව්වනේ.."සිංහලයාගේ මතකය සතියයි තියෙන්නේ" (බ)
ටිකිරි බන්ඩත් මෙහෙම වීම ගැන කනගාටුයි. (ර)
කුරැණැගලට ජනතාව පත්කර ගත් මහින්ද හමිබන්තොට තමයි වැඩ කරන්නෙ පළාතේම කෙනෙකු පත් කර ගන්ට බැරි මෝඩ මිනිස්සු ඉන්නේ කුරැණෑගල බව මෙයින් පැහැදිලි වේ (බ)
ඔබ තුමා හිතා ගෙන ඉන්නෙ මේ රටේ මිනිස්සු හරක් කියලද මහත්තයෝ (අ)
මේ කොමෙන්ට්ස් දාන අය එක්කෝ ඉපදිලා තියෙන්නේ ගිය අවුරුද්දේ. නැත්නම් කුහකයෝ. නැත්නම් මන්ද බුද්ධිකයෝ. මහින්දගේ අගේ තේරෙන්නේ නැත්තේ එයාලට විතරයි. මේ ආණ්ඩුව කරපු කෙන් ගෙඩියක් නැහැ කියලා පංචෙන්ද්‍රිය තියෙන අයට නම් තේරිලා තියෙන්නේ.(බ)
අන්වර් දවසට කී සැරයක් කඩේ යනවද? (ර)
හරක් හින්ද තමයි ලලීන්ද මහත්තයෝ ඔය සිංහලෙන් කියා තියෙන්නේ.අර කිව්වා වගේ පෙන්නන්න කියන්නකෝ කරපු එක වැඩක්.මහින්ද හොරකම් කරලා හරි කරපු දේවල් පේන්න තියෙනවනේ.මට මතක් වෙන්නේ මගේ අත්තා ජීවතුන් අතර ඉන්නැද්දි කියපු කතාවක්.පුතේ දෙමළා විශ්වාස කරපන් යූ එන් පී එවුනුයි චේගුවේරා එවුනුයි විශ්වාස නොකර කියල.ඒ කතා සම්පුර්ණ ඇත්ත. (බ)
කුරුණෑගල මෝඩයෝ නැහැ. මනුස්සකමට ඡන්දේ දුන්නා. ඡන්දේ අරන් මාරු වුණා. පේනවද (බ)
කතාව ඇත්ත. අපි ඔබ සමගයි (ම)
ටිකිරිගේ ලොන්ඩරිය නැගල යනවා. (බ)
මහින්ද හොරා නම් ඒවා ඔප්පුකරල උසාවියේ නඩු දාන්න පුළුවන් නේ මේ ආණ්ඩුවට. නමුත් එහෙම කරන බවක් පෙන්නේ නැහැ. මේ ආණ්ඩුව පහුගිය මස 15 ට ගත්ත අමෙරිකන් ඩොලර් මිලියන 6361 ට මොකද වුණේ කියල අපි අහනවා. එක්කෝ මේ කට්ටියත් පරණ කට්ටිය වගේම ගේම දෙනවා. අන්තිමට රට හා ජනතාව විඳවනවා. අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා. (අ)
එතකොට මෙයා පිටරට පටවපු රත්තරන් වල වටිනාකමට මුදල් ගෙවුවෙත් ඔය ණය සල්ලි වලින්ද? (අ)
මොලේ උඩ ඉදගන ප්‍රතිචාර දාන අය සිංහල ජාතියටත් අවමන් කරනවා කියලයි මගේ නම් වැටහීම.මහින්ද කියන්නේ අපේ දරු පරපුරට දේශය ගලවා දුන් නායකයෙක් වසර ගානක් කොටින්ගේ මෙලෙච්ච වද හිංසා නිසා නොමැරී මරුන පිරිසක් අපි.කවදාවත් නියම සිංහලයාට මුල අමතක නැහැ .මහින්ද මතිදුනි අපි ඔබට සදා ණයගැතියි. (අ)
සසික. අද ජීවත් වෙන්නෙත් නයට අරන් - පුනරාවර්තන වියදම් පියවන්නේ ණයට අරන්. (අ)
අපේ රටේ මිනිස්සු ගැන හරිම කණගාටුවක් දැනෙනවා.හොර, වංචා , දුෂණ තියන මහත්වරු ටික තමයි ,පවතින රජයට හේත්තුවෙලා වැඩ ටික කරගෙන යන්නේ. අපේ විද්වත් පාඨකයෝ ,මහින්දව පතුරු ගහනවා, මේකද ඔබතුමන්ලාගේ භූමිකාව දේශපාලනය කොහොම වෙතත් මහින්ද රාජපක්ෂ කියන්නේ තමන්ගේ මව් භුමියට ගරු කරන. එය කැබලිවලට වෙන්වීමට ඉඩ නොදුන්න,රටම එක් සේසත් කළ සැබෑ ජාතික වීරයෙක් , කොන්ද පණ ඇති ශ්‍රී ලංකික නායකයෙක්,එවැනි මිනිසෙකුට අවමන් කිරීමෙන් වලකින්න.. (බ)
ගුවන් යානයට නාන කාමර කට්ටලය අල්ලන කොන්ත්‍රාත් එකට ගුවන් යානය දවස් දෙකක් නතර කරන්න ඕනේ.නැවත ගලවන්න දවස් දෙකක් නතර කරන්න ඕනේ.ඒකාධිපති නැති වුනත් කොන්ත්‍රාත් කාලය ඉවර වෙනකම් අපි කඹුරන්න ඕනේ.ඉතින් ගුවන් සමාගම පාඩු වෙන එක අහන්න දෙයක්ද? (බ)
මම යහපාලන කාරයෙක්.අපි එදා ෆේස්බුක් එකෙන් කඩේ ගියා. හැබැයි මේ යහපාලානේ කරන්න හදන්නේ මගේ අහිංසක අයිටී ජොබ් එකත් ඉන්දියාවට විකුණන එක වගේ පෙනෙනවා. (බ)
රාජපක්ෂලා හිතන් ඉන්නේ රටේ ඉන්නේ ඔක්කොම බත් කන ගවයන් කියල.තවමත් ඉන්නවා ඒ වගේ අය.මට දුක ඒ ගැනයි. (බ)
අද ඇමති මණ්ඩලය 80 ට වැඩිය ඉන්නවා කිව්වේ 30 කියල නේද ? තව දීමනාත් දෙන්ට යනවා ඒවාට ණය වෙනවා අනික රජයේ සේවකයන්ට මහින්ද ජනාධිපතිතුමා 3000 ක් 2014 ඔක්තෝබර් මාසේ වැඩි කළා හරියට අම්මගේ අප්පාගේ බුදලේ වගේ ආණ්ඩුව 7000ක් වැඩි කරලා ටික දෙනෙකුට විතරක් සලකල පොහොර සහනය කපල දැම්මා දැන් 2500 ට මිටියක් ගන්නලු රජයෙන් ගෙවනවලු නමුත් දෙනකොට ඇතිමුත් ලොකු ගානක් ගෙවන්ට වෙලා බදු මිල අහස උසට නැගල බදු බර දරන්ටම බෑ හාමුදුරුවරු 48 ක් හිර ගෙවල් වල රටේ අපරාධවැඩි වෙලා පාතාලේ අායෙත් අපරාධ කරන්ට පටන් අරගෙන රටේ කිසිම සංවර්ධනයක් පේන්ට නෑ (බ)
රාජපක්ෂලාගේ පව් හෝදන්න සිද්ධ වෙලා තිබෙන්නේ අසරණ මහජනතාවට සහ රටේ උපදින පරම්පරා සියයට.තවත් වහල්ලු වගේ හිතන බුරුවො ඉන්න්නවනේ .ලැජ්ජයි .(බ)
හොරකම් කළා කියල කිවුවට තවම ඔප්පු කරගන්න සාක්කියක් වත් හොයාගන තියනවද ? යහපාලනය අද වෙනකොට බිලියන් 2ක් නය අරගන මොනවාද කරලා තියෙන්නේ (බ)
කවදත් ඔබතුමා අපට ජනපති ඔබතුමාට ගහන මඩ ඒවා මල් වේවා. (ර)
දැන් නය අරගෙන පාලම් බෝක්කු හදල කොමිස් ගහන්න බැරි නිසා ඔයා දුකට කියන කතා ... (අ)
බෝක්කු හදලා නැති වුණාට බෝක්කු කටා ලගේ කටවල් ටික වහලා තියනවා. දැනට ඒ ටික ඇති. මහින්ද රාජපක්ෂ කියන නායකයාව විනාශ කලේ වෙන කවුරුත් නෙමේ, එතුමාගේම සහෝදරයෝ දෙන්නා (අ)
දැන්වත් නීතියක් රීතියක් තිබෙන රටක් කියල ලෝකෙටම පෙන්වන්න. උපරිම දඩුවම් දීල ගසා කාපු ධනස්කන්ධයත් නැවත ජනතා සතු කරලා අසරණ මිනිසුන්ට සහන දෙන්න. ලක්ෂ 62 කගේ බලාපොරොත්තුව එයයි. (බ)
ඔය කියන වැරදි, එ් කියන්නේ මාලිගා හදලා, පුතාට ලැම්බෝගිනි අරගෙන දීල ඔක්කොම කරලා තියෙන්නේ ඩොලර් මිලියන 1.5 කින්. එතකොට ගිය අවුරුද්දට විතරක් ගත්ත ඩොලර් මිලියන 2.5ත මොකද වුනේ ? (බ)
අන්වර්, දන්නේ නැති දේවල් කියවන්න එපා. ගිය ආණ්ඩුවත් ණය ගෙවන ගමන් තමයි සංවර්ධන වැඩ කළේ. එ්කනේ ණය අනුපාතිකය 105% තිබිල 71% දක්වා අඩුකර ගත්තේ. මේ ආණ්ඩුව තමයි ණය ගෙවනවා කියා කියා ඒවා ගෙවන්නේ නැතුව ඉන්නේ. එක අවුරුද්දක් ඇතුලත 75% දක්වා නැවත වැඩි වෙලා තියෙන්නේ! (බ)
ඇත්ත කතාව. (ර)
හිටපු පාලකයාගේ දවසේ වියදම පමණක් රුපියල් කෝටි 2.65.රටේ හතර දික්බාගයේ ජනාධිපති මන්දිර, භාවනා මධ්‍යස්ථාන, කුමාරවරුන්ට ලැම්බෝගිනි, ෆෙරාරි, පොර්ච් කාර් 7-8 ගුවනින් ගෙනත් දෙනවා,රජාට යන්න වෙනම ගුවන් යානා,කුමාරවරුන්ට වෙනම ශරීර සුවතා මධ්‍යස්ථාන,ඇමරිකාවේ වෙනම අධි සුඛෝපබෝගී නිවාස.......කාගේ මුදල්ද?තව මොනවද කතා කරන්නේ ? මෙය බෝක්කුවක් හැදුවනම් එ්ක හදන්නත් මිලියන 25 ගන්නවා හදන්න යන්නේ ලක්ෂයයි ඉතිරි ටික සාක්කුවේ (බ)
මමත් යහපාලනෙට ඡන්දෙ දුන් කෙනෙක්, එත් මෙහෙම වෙයි කියල බලාපොරොත්තු උනේ නැහැ, හරිම කණගාටුවක් දැනෙන්නේ. (ර)
ඕන ජරා වැඩක් කළාට කමක් නෑ යුද්දෙ විතරක් ඉවර කරල දුන්නොත් ඇති කියල හිතන අනේ මෙහෙම රටක් (බ)
මහින්ද ජනපතිට වසරක වියදම කෝටි 740. මෛත්‍රී ජනපතිට වසරක වියදම කෝටි 56 වෙනස පේනවාද? රටම කාබාසිනියා කරපු අයට කඩේ යන්න තවත් ඉන්දිකලා ඉන්නවානේ. දුකයි (බ)
මේකේ මහින්දට බැන්නට එයාලගේ කතා සිහින විතරයි. තව තව රැවටී රැවටී බඩ පටිය තද කරගන්න. (බ)
කතාව ඇත්ත. අපි ඔබ සමගයි. (ර)
ටිකිරි බණ්ඩා -ඔබ ගේ රැකියාව වෙනස් කලාද.? (ර)
කතාව නම් ඇත්ත. ඒත් ඔබතුමා හදපු මහා පරිමාණ ව්‍යාපෘති වලින්වත් වැඩක් වුණාද? (නි)
කවුරුත් එකයි තුසිත. මේක තමයි දේශපාලනය! ජනතාව මෝඩයො. (නි)
ජාත්‍යන්තර මුදල් වෙළඳපොළේ අය මේවා බලාගෙන ඉන්නේ. (නි)
මේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරි කාලයේදී තවත් බදු වැඩිකිරීම්, සුභසාධනය හා සහන කප්පාදු, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනාගමන ගාස්තු වැඩිකිරීම් හා විරැකියාව තවත් වර්ධනය වීම අපිට බලාපොරොත්තු වෙන්න සිදුවෙනවා. (නි)
බෝක්කු හදන්නේ කොහොමද, ඔබතුමා කාපු ඒවායේ පොළිය ගෙව්වහම ණය ටික ඉවරයිනේ. (නි)
මෙහි අදහස් දමා තිබෙන අයට, නැවත වතාවක් 2009 කලින් තිබුන යුගය පැමිණ බුදු මහින්ද මහත්තයෝ කියවෙනතුරු හරියන්නේ නැහැ වගෙයි (නි)
ඔබතුමාගේ ණය බර කරගැහුව කෙනෙකුට බෝක්කුවක් තියා අඩිපාරක්වත් හදන්න පුළුවන්ද? (නි)
තවමත් මේ යහපාලනයට කඩේ යන අය ඉන්නවනේ. ලැජ්ජයි (නි)
හිතේ හොරයක් නැත්නම් පාර්ලිමේන්තු විවාදයකදී පුලුවන් නම් කතාකරලා පෙන්වන්න. අන්න එතකොට ලුණු ඇඹුල් ඇතුවම අහගන්න පුළුවන් ගත් ණය සහ වියදම් කළ ප්‍රමාණය කොපමණද කියලා (නි)
මහින්ද යනු න්‍යාය ටොන් එකට වඩා ප්‍රයෝගික අවුන්සය විශ්වාස කළ කෙනෙකි (බ)
යහපාලනයද මොන පාලනයද මන්දා? මෙලෝ රහක් නැහැ. අපි ඉල්ලන් කනවා කියලා තමා කියන්න තියෙන්නේ. (නි)
රටේ සංවර්ධනයේ වගකීම වැඩි කොටසක් ජනතාව බාරගත යුතු බැවින් වැට් බද්ද 25% ක් දක්වා ඉහළ නැංවිය යුතු අතර, විදුලිය කැපීම පැය 12 දක්වා දීර්ඝ කර බලශක්ති අර්බුදය විසඳාගත යුතුය (නි)
යහපාලනයට කඩේයන අයට ඡන්දෙකට ආවහම තේරෙයි මහින්ද මහත්තයාගේ වටිනාකම. (නි)
මෙතුමා කියන්නේ ඇත්ත. රටේ සංවර්ධනය එක තැන පල්වෙනවා (නි)
මෙතන මහින්දට බනින අයට මොනවද දන්නෙ නැහැ මේ ආණ්ඩුවෙන් ලැබුණේ? (නි)
මිනිස්සුනේ පටු දේශපාලන අරමුණු පැත්තකට දාලා මේ රටට වෙන දේ බලාපල්ලා .කැපුවත් කොළ, නිල් හෝ රතු කියන මානසිකඅත්වයේන් මිදිලා රට හා තමුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න පුරුදුවෙමු. මහින්ද කළත්, රනිල් කළත් ඒ විනාශ කරන්නේ ජනතාවගේ සල්ලි. මහින්දගේ වැරදි හොයලා දඩුවම් කරන්නේ නැත්තන්, ඒ එක්කෝ මහින්ද හොරකම් කරලා නැති නිසා නැත්තම් මේ අයටත් එ්කම කරන්න ඕන නිසා කියලා තේරුම් ගන්න. (බ)
හොඳම දේ තමයි බොරුවක් කියලා හරි වගකීමෙන් පැනලා යන එක. එතකොට ආයෙත් බලයට ඇවිල්ලා පරණ දේවල්ම කරන්න පුලුවන්නේ. අපි ඇත්ත දන්නවා බොහෝ කාලයක ඉඳලා. ඒ කොහොමද කියලා අහන්න එපා. (නි)
මුහුනු සයකි අත් දොළසකි මයරා පිට වාහනේ.... රුහුණු රටේ කදිර කන්ද දේව රාජ සාමිනේ... කෝටි ගණන් ජනතා මුදල් මංකොල්ල කෑ පාලනේ... යළිදු ගෙන නොඑනු මැනවි ඒ දුෂ්ට පාලනේ.... (නි)
බලය ගන්නකොට ඕවා කිසිදෙයක් කිව්වේ නැහැනේ. අපිට ණය ගෙවන්න තියෙනවා ඒ හින්දා පටි තද කරගන්න කියලා. මොකද මහා බැංකු වාර්තා අධ්‍යයනය නොකරද ආණ්ඩුව බාරගත්තේ? (නි)
මහින්ද සෞදි, මම දවසට ඕනෙනම් ඇති වෙනකන් කඩේ යනවා. එහෙත් ඔබ ඕනෙවටත් වඩා සුපර් මාර්කට් යනවා. තමන්ගේ ඇහේ පොල් පරාලේ පෙනෙන්නේ නෑ අනුන්ගේ ඇහේ ඉදිකට්ට සොයනවද.? (ර)
කෝ දැන් පේනවනේ වැඩ. කයිවාරුව විතරයි. දුන්නා වෙනසක් නම්, අඳුරේ මුළු රටම (නි)
මේ ආණ්ඩුව මොනවා නොකළත් අනේ ආයෙත් අපිට ගිය ආණ්ඩු කාලේ හිටිය අය නම් එපා. මහින්ද වටේ හිටිය කට්ට්ය දවසට දෙකට පොහොසත් වුණ හැටි ගමේ අපි ඇස් දෙකට දැක්කා. වන්දිබට්ටයන්ගෙ ගෙම්බර් අපි දැක්කා. අහිංසකයින්ට බලපෑම් කරලා ගසා කාපු හැටි මේ නේත්‍රා දෙකට දැක්ක නිසා ආයෙත් නම් මතක ඇති කාලයක් වෙනතුරු එපා. (නි)
තමුන්ගේ නොහැකියාව වහගන්න මහින්දට බැන බැන ඉන්නකෝ (නි)
නාමල්ගේ සිට සෑම් දක්වා අදහස් දාන අය අද ලංකාව වගේම අඳුරේ ඉන්නේ. (නි)
පැරණි රජය හාරපු බෝක්කු වහන්න නම් තව හුඟක් කල්යයි (නි)
රටක පාලකයා කෞතුකාගාර කඩා "දුටුගැමුණු රජුගේ ජය කුන්ත" සොයන තරමේ විඥාන වාදියෙක් වූ විට?මෙි දවස් වල මහින්ද අායෙමත් ජයකුන්ත කරකවමින් සිටියි සුමනදාස ගේ බල කිරිමක්ද? (බ)
කතාව හරියට හරි. මේ රටේ අය මැරිලා ඉපදිලාද දන්නෙ නැහැ (නි)
සංවර්ධන ව්‍යාපෘති කියන කෑත විතරක් දෑනුයි ගෙවන්නෙ ඒවට ඔහේ ගෙවලද ගියේ?(අ)
කලින් අය ගත් ණය පියවලා අවසන් වෙද්දී කොහොමද බෝක්කු හදන්නේ?
ඔයා ණය ගත්තා තමා. බාගයක් ගෙදර ගෙනිච්ච එක තමා ප්‍රශ්නේ (අ)
මේවා කියන්න ඕනෑ දියවන්නාවෙදිනේ. ඒකටනේ ඔබතුමන්ලාව දියවන්නාවට යැවුවේ (නි)
මහින්ද මහත්තයෝ, බත්තරමුල්ලේ මොන මගුලක් කතා කරනවාද? පාර්ලිමේන්තුවේ දී කතා කරල පෙන්වන්න.අපේ හිටපු නායකයානේ. ඇයි දැන් බය වෙලා වෙන තැන් වල බයිලා ගහන්නේ. (බ)
න්‍යායකාරයෝ ශතවර්ෂ ගණනාවක් ඉඳලා කෙස් පැලෙන්න තර්ක කරනවා ප්‍රතිඵල නැතුව. ඒ අතින් මහින්ද ප්‍රායෝගිකව වැඩ කරපු නායකයෙක්. මහින්දට එරෙහි හොරු කතාව විරුද්ධ පක්ෂ බලයට එන්න සමාජගත කරපු බොරුවක්. ප්‍රේමදාසටත් ඔය වැනි චෝදනා කළා. (නි)
ඇයි ඔබතුමා මේක පාර්ලිමේන්තුවේදී කියන්නේ නැත්තේ? (නි)
ඕවා කියන්න පාර්ලිමේන්තුවේදී. නිකන් තැන් තැන් වල කියලා වීරයෙක් වෙන්නේ නැතුව. (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ, රට පොඩ්ඩක් හරි ගොඩගත්තා නම් ඒ මහින්ද විතරයි. එයාගෙත් වැරදි නැත්තෙ නැහැ. හැබැයි දැනෙන්න දෙයක් කළේ ඒ මනුස්සයා විතරයි. (නි)
මෙතැන හුඟ දෙනෙක් කියන කතා සාධාරණයි. හුඟ දෙනෙකුට දුකයි තමන්ගේ රටට මෙහෙම වෙනකොට. මහින්ද රාජපක්ෂ හරි කියලා කියන්නේ නැහැ. නමුත් එයා කෝටි ගණන් සල්ලි හොරකම් කළත් රට වෙනුවෙන් සෑහෙන වැඩක් කළා. යහපාලන ආණ්ඩුවට දැන් අවුරුද්දක් ගියා. නමුත් රට වෙනුවෙන් කළ කිසිම දෙයක් නැහැ. (නි)
රටින් ගත් සල්ලි වලින් හදපු නැව් නැති වරාය වලටත් ගුවන් යානා නැති ගුවන් තොටුපොළටත් පොළිය ගෙවන්නත් ගත් සල්ලි මදි යන මතය ජනතාව හොඳටම දන්නවා. නමුත් තවමත් උත්සාහ කරන්නේ මහජනයා මෝඩයට අන්දවන්න. (නි)
අනේ පින් අයිතිවෙයි කට වහගෙන ඉන්න ඔබතුමාගේ කෙරුවාව අපි දන්නවා (බ)
හිටපු ඒකාධිපතියාගේ දවසේ වියදම පමණක් රුපියල් කෝටි 2.65.රටේ හතර දික්බාගයේ ජනාධිපති මන්දිර,භාවනා මධ්‍යස්ථාන,කුමාරවරුන්ට ලැම්බෝගිනි,ෆෙරාරි,පොර්චේ කාර් 7-8 ගුවනින් ගෙනත් දෙනවා,රජාට යන්න වෙනම ගුවන් යානා,කුමාරවරුන්ට වෙනම ශරීර සුවතා මධ්‍යස්ථාන,ඇමරිකාවේ වෙනම අධි සුඛෝපබෝගී නිවාස.......කාගේ මුදල්ද?තව මොනවද කතා කරන්නේ ? (බ)
අර කොටින්ගෙන් අල්ලගත්තු රත්තරන් වලට මොකද කළේ (බ)
අන්න සාලියට ටිකක් තේරිලා තියෙනවා. “එයා කෝටි ගණන් සල්ලි හොරකම් කළත් රට වෙනුවෙන් සෑහෙන වැඩක් කළා“ කියලා. නමුත් මොන නීතියෙද රටට වැඩක් කළා කියලා කෝටි ගණන් හොරකම් කරන්න අවසර තියෙන්නේ? එතනයි වැරදුනු තැන. මිනිස්සු දහදුක් විඳිද්දි දෙව්ලොව සැප ලංකාවෙ ඉඳලා හත්මුතු පරම්පරාව එක්ක විඳින්න ගියා (නි)
මේ ක්‍රමය යටතේ ඔයා ගියෙත් මෙයාල යන්නෙත් එකම මගේ මහින්ද මහත්තයෝ...අවුරුදු 68ක්ම ගියෙත් ඒ පාරේ...ඔය දෙගොල්ලම මාරුවෙන් මාරුවට ගිය මාර්ගය දැන් හොදටම අබලන්..අලුත් තාක්ෂණයට හැමදෙනාටම කරදරයක් නැතිව යන්න පුළුවන් පාරක් අනිවාර්යෙන්ම හැදිය යුතුමයි...ජනතාව ඊට සුදානම් විය යුතුයි....(බ)
හිටපු ඒකාධිපතියාට දගලන්න දුන්න හොදටම ඇති.දැන්වත් දුෂණ වංචා හොයන්න ජෙනරල් ෆොන්සේකාට බාර දෙන්න.මිනීමරු ප්‍රභාකරන් කල්ලිය විනාශම කළ ජෙනරල්ට ,කම්බා හොරු මර්දනය කරන්න,ගසා කාපු ධනස්කන්දය නැවත ජනතා සතු කරන්න මාසයක් හොදටම ඇති. (බ)
අපේ අය හිතන්නේ රජයේ සේවකයො කියන්නේ ආණ්ඩුවට කඩේ යන්න ලයිසන් තියෙන අය කියලයි. මේ මත වෙනස් කරන්න කාලය හරි. (නි)
මහින්ද සොරකම් කරනවා නම් අපි ඇහැට දැක්කේ නැහැ. හැබැයි මහින්ද හිතවාදි බයිසිකල් කට්ටකවත් නැතුව අපේ ගමේ හිටපු අය දවසට දෙකට හදපු ගෙවල්, ගත් වාහන, ගත් ඉඩම් නම් කියලා වැඩක් නැහැ. ලැබුනු තනතුරු උසස්වීම්, පිටරට සංචාර නම් අපි ඇස් දෙකට දැක්කා. ඒ නිසා ඒ අය නැවත එනවාට කොහෙත්ම කැමැත්තක් නැත. (නි)
මට කවුරුහරි කෝටියක් දිලා කිව්වොත් ලක්ෂයක වැඩක් ඉක්මනට කරලා පෙන්වන්න ඉතුරුටික ඔයා තියාගන්න කියලා මමත් කරනවා දවසට දෙකට. ඕක කරන්න දේශපාලඥයෝ ඕනෑද? කාටද බැරි? (නි)
කරපු බයිලා වැඩ නිසා ගන්න ණයත් මදි ණය ගෙවන්න. ලැජ්ජා නැතුව කියන්නත් එනවා (බ)
කොයි ආණ්ඩුවෙත් හිටපු සහ ඉන්න හොර ඇමතිලයි, ඒ අයට උදව් කරන ඉහළයැයි කියන නිලධාරීනුයි දෙකම ජනතා අධිකරණයකට ගෙනවිත් ප්‍රශ්න අහලා නැවත හොර කරන්න බැරි තත්වයකට පත් කළයුතුයි. නැතුව බැන බැන ඉඳලා හරියන්නෙ නැහැ. (නි)
රණවිරුවන් බේරාගත් රට හූරන් කෑවා , කොල්ලෝ දෙන්නව හිරගෙදරට යන්න පාර කැපුවා මුළු ජනතාවට හිගාකන්න මග පෑදුවා (බ)
ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය හදන්න වියදම් කළෙත් ලෝකෙන් ණයට ගත් සල්ලි නේද? ඒවත් ගෙවන්න වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවට (බ)
දේශ පාලනය කෙසේ වෙතත් මහින්ද මගේ රටට කළ සේවයට දැනට ජීවත්ව ඉන්න සැවොම ණයගැතියි. සමස්තයක් වශයෙන් එතුමා සිංහල ජාතියට රට බේරාදුන්න වීරයෙක් මිස හොරෙක් නොවෙයි. දේශපාලන අදහස් කුමක් වුවත් මනුස්සකමට සළකන්න. (නි)
ඕව පරණ කතා ඕව කියල තමයි යහපාලනය දිරවගන්න බැරුව ඉන්නේ ඔය මොකුත් හොයාගන්න බැරි උනා (කෞ)