(ඩයනා උදයංගනී)
ජනතා කැමැත්තෙන් තොරව පස්සා දොරෙන් තනතුරට ආ වත්මන් නායකයා ජනතාවට යුක්තිය ඉටු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මෙම අවස්ථාවේ දී පීඩාවට පත්ව සිටින ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවට රටේ සෙසු දේශපාලන නායකයන් ද එකිනෙකා ඇනකොටාගනිමින් බලය වෙනුවෙන් කටයුතු කරන බව කාදිනල්තුමෝ සඳහන් කළහ.
එබැවින් එළඹෙන නත්තල බොරු ආටෝපවලින් තොර ගවලෙනේ නත්තලක් බවට පත්කරගෙන දුගී දුප්පත් ජනතාවට උපකාර කරන්නැයි තමන් සියලු කිතුණු බැතිමතුන්ගෙන් සහ දේවස්ථානවලින් ඉල්ලීමක් කරන බව කාදිනල්තුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බටපත්තල සාන්ත තෙරේසා දෙව් මැදුරේදී ඊයේ (16) පැවති ජුබිලි මංගල මහා දිව්‍ය යාගය වාර්ෂික මංගල්‍යයට එක්වෙමිනි.
2019 අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැතැයි කී අගරදගුරුතුමෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, හා නීතිපති දෙපාර්තමේන්තුව කයිවාරු ගැසුවත් මේ සම්බන්ධයෙන් කිසිවක් කර නැතැයි ද පැවසූහ.
එම විනාශයෙන් පසු හිටපු ජනාධිපතිවරයා පත්කළ උසස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුව, වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස සිටියදී පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්ම හිටපු ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවෙන් ආ නිර්දේශවලින් කිසිවක් ක්‍රියාත්මක වී නැතැයි කී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ දෙවියන් වහන්සේගේ විනිශ්චය ගැන විශ්වාසය තැබීම හැර කළ හැකි දෙයක් නැතැයි ද කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ... හැරෙන්න කළින්ම අපි නම් දැනගෙන හිටියේ මොවුන්ගේ නිරුවත...
හිටපු කෙනාගෙනුත් බැරි වුණා. ඉන්න එක්කෙනා හරි යන්නෙත් නෑ. එහෙනම් ඊළඟට වැඩේ කරගන්න ගේන්න ඕනෑ කෙනත් කියන්න...!
නන්දසේනව එළෙව්වා වගේ ඉන්න සෙට් එකම එළවන්න ඕනෑ.
මට හොඳට මතකයි මීට කාලෙකට කලින් කාදිනල් තුමා," බටහිර රටවල් හා ඇමරිකාව අපට ආයේ අමුතුවෙන් මානව හිමිකම් ගැන උගන්වන්න ඕනා නැහැ" කියලා ඔබතුමාගේ කටින්ම කියනවා. දැන් තේරෙනවා ඇතිනේ ඒ රටවල හා මේ රටේ වෙනස නේද? ඔය දේශප්‍රේමය ඉහට ගහගෙන හිටපු ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ, දේශපාලකයින්ගේ උප්පරවැට්ටි. දැන් ඉතින් මෙතන නාහෙන් අඬලා පලක් නැහැ. ඔය හිතේ තියන වේදනාව දරාගෙන නොදැන කල පව් වලට දුක් මනස්තාපවී දෙවියන්ට යාඥා කරන්න. දෙවියන්ගේ රැකවරණය හැර වෙන පිළිසරණක් නම් නැහැ පීඩිත අපට. මොනා උනත් පහුගිය චන්දෙ කාලේ ඔබ තුමාගේ වටේ හිටපු අර යාළුවො රැල නම් ගොඩ ගිහින් තියනවා නියමෙටම.
රටේ යහපත වෙනුවෙන් ඔබවහන්සේ නගන හඬ අගය කරමු. ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ මේ නායකයන්ගේ රටට කිසිම යුක්තියක් බලාපොරොත්තු විය නොහැක.
යුක්තිය දෙසපාලඥයකුගෙන් ඉෂ්ට වේවිද?
දෙවියෝ යුක්තිය ඉෂ්ටකලානම් පල්ලි ආපු බැතිමතුන් පාස්කු පරහාරයට අසුවෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද දෙසපාලඥයකුගෙන් යුක්තිය ඉෂ්ට වේවිද අහන්නේ.