පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් නොකර කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩුවක් හැදීමට කිසිවෙකුට නොහැකි බවත් අද වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් යමින් සිටින බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්, පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමින් ජනපති මේ බව කීවේය.
‘අද තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් නොව පක්ෂය තුළ සිට පක්ෂය පරාජය කළ දූෂිත කල්ලියක් සහ පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ දර්ශනය ආරක්ෂා කරමින් පිරිසිදු දේශපාලනයක් තුළ පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන පිරිසක් අතර මතු වු තත්ත්වයක්. පවුලේ කිහිප දෙනෙක් එක්වී උදෑසන තේ මේසයේදී ගත් තීන්දු තීරණ එදා මේ රටේ අනාගතය තීන්දු කෙරෙන තීරණ බවට පත්වුණා. එදා ඇමැති මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂය බල රහිත ඇමති මණ්ඩලයක් සහ ආණ්ඩු පක්ෂයක් බවට පත්ව තිබුණා‘ යැයි ද කී ජනපති පැවති රජයේ කි‍්‍රයාකාරීත්වය අද ඇතැමුන්ට අමතක වී යන අයුරු පෙනෙන්නට තිබෙන අතර එවන් දරදඩු, දූෂිත පාලනයක් නැවත මේ රටේ ඇති කිරීම වෙනුවෙන් ඇතැම් මාධ්‍ය ආයතන ද පෙනී සිටීම කණගාටුවට කරුණක් බව කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වසර 48 ක් හඬ නැගූ තමා ආණ්ඩුවෙන් එළියට බැස්සේ, රටේ ජනතාව වෙනුවෙන් ද්‍රෝහී ගමනක් යන්නට තීන්දු කළ පාලනයක් නවතා දමා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ආරක්ෂා කිරීමට බවද මෙහිදී ජනපති ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට මුකුත් කියන්න බයයි. අපිටත් කුඩුවට යන්න වුණොත්. (අ)
ශක්තිමත් ගමනක් ගියාට දැන්නම් ඡන්දය දුන්න අපට නම් කිසිම ශක්තියක් නැහැ හිටන්. (අ)
අපිටත් පේනවා ඒ බව(අ)
කොහේද යන්නේ? (බ)
ජනදිපති තුමනි , කරුණාකර ප්‍රථමයෙන් ඔබ කන්නාඩියක් ලගට ගොස් ඔබගේ මුණ බලමින් ඔබ ඔය කල ප්‍රකාශය නැවත කියවන්න ...එවිල ඔබට තේරේවි රට ශක්තිමත් ගමනක් යන හැටි සහ පක්ෂය පරාජය කළ අය ගැන (අ)
මහින්ද හිටයනම් අද මෙරට බොස්නියාවක් නැත්නනම් චෙට්නියාවක් තමයි තාමත් ඒකාධිපති මහින්දව ඉල්ලන මැටි මොල්ලු ටිකක් රටේ ඉන්නවා (අ)
ඒ ගමන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.(හේ)
ශක්තිමත් ගමනක් ගියාට ජනතාවට ඒ ගැන දැනිලා නෑ.(හේ)
ඔබතුමාට පත්තර බලන්න වෙලාවක් ලැබිල නෑ වගේ. වෙලාවක් ලැබුනම පත්තරේ බලන්න. එතකොට තේරේවි ශක්තිමත් ගමනෙ තරම.(බ)
යනවා නේන්නම්....!!!(හේ)
අනේද කියන්නේ..මේ අය ශක්තිමත්ව යනවා..ඒ යන ගමන් රට වලපල්ලට අරන් යනවා..(හේ)
අපිනොදන්න ශක්තිමත් ගමන.... (ර)
ශක්තිමත් ගමනක් යනවා අපේ කරපිටින්. දේශපාලකයෝ මොනවද කරන්නේ? අපෙන් හම්බකරන් මුන් රජ සැප වින්ද වින්ද ශක්තිමත් ගමනක් යනවා. (බ)
කියන්ඩ නම් ගොඩාක් දේවල් තියෙනවා ඒත් එක්කෝ ඕන නැ (බ)
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. තව ටිකකලකින් හොම්බෙන් තමයි අපිට යන්න වෙන්නේ. (හේ)
ඔබ තුමාලා කියනවා අපි අහගෙන ඉන්නවා.(හේ)
ලියන්න දේවල් ගොඩක් තියෙනවා.(හේ)
ශක්තිමත් ගමනක් යනවා උතුරේ සටන් කාමීන් ඔබ තුමාගේ කතාව හරි (බ)
ඔව් ෆසීර් රජ සැප වින්දත් කමක් නැහැ රටට ජනතාවට වැඩක් කරලා. එකත් නැහැ . නිකම්ම කාලය හා පඩි ගෙවීම විතරයි.(බ)
එaත් දැන් අපි කබලෙන් ලිපට වැටිලනේ ඉන්නේ ආයුබෝවන්. (බ)
වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් යනවා කියමින් කටින් බතල හිටවනවා. (බ)
හැමදාම බැන,බැන ඉන්නේ නැතුව එකම පක්ෂෙ අය සාමුහිකව ඔය යන ගමන ගියානම් නේද හොද......(බ)
තත්වේ තියාගන්න සුපිරිසිදු අමතිලට ලක්ෂ 400-500 කාර් දෙන්නත් එපැයි. ඒගොල්ලන්ට ලක්ෂ 60-70 කාර් එකක ගියාම තත්ත්වේ බාල වෙනවලු, ඉතින් මේ රටේ මෝඩ මටිමෝල් මිනිස්සුන් රවට්ටලා පාර්ලිමේන්තු ගිහින් ඒ මෝඩ මිනිස්සුන්ගෙම සල්ලි වලින් ලක්ෂ 400-500 කාර් ගන්නවා! මිනිස්සුන්ට වැට් වැඩිකරලා වියදම හොයාගන්නවා. (අ)
අලුත් මහබැංකු වාර්තාව අරන් බැලුවම ඒකාලේ හොඳට දියුණු වෙමින් පැමිණි ආර්ථිකේ එක අවුරුද්දක් ඇතුලේ වැටිලා තියන වැටිල්ල බැලුවම අපිට නම් දැන් හිතෙන්නේ ඔය උදේ තේ බොද්දි ගත්තු තීරණ වලින් රටට වැඩක් වෙලා තියන බවයි. වැඩබරියන්ට වැඩ බාර දුන්නන්නම් එකලෙත් අද වගේම කිසි වැඩක් නොවී තියෙයි ඇදී ඇදී. දැන් ඉන්න බොරු කියවිලිකරයින්ගේ කතා විතරයි, වැඩ නෑ. (අ)
ඔව් ඉතින් කුමන්ත්‍රණය කරලා පරාජිතයන් පාර්ලිමේන්තු ගෙනත් පාර්ලිමේන්තුවේ නියම සංයුතිය වෙනස් කරලා ඉවරනේ...ආයේ මොනවා වෙනස් කරන්නද? (අ)