වත්තල ප්‍රාදේශීය සභාවේ නිල රැස්වීමේ දී සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දෙදෙනකු වන ඇන්ටන් කුරේ සහ සනත් පියසිරි ගුටි බැට හුවමාරු කර ගත්හ.
සභාපති ද සෙසු මන්ත්‍රීවරු ද, ඔවුන් දෙපසට කර ගැටුම සමතයකට පත් කළහ.
එහෙත් ඒ වන විට ඇන්ටනි කුරේ මහතාට ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රහාරයක් ද එල්ල වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සබා, පළාත් සබා, පාර්ලිමේන්තුව කියන්නේ මතවාද මුහුණට මුහුණ ගැටෙන තැන්..එම තැන් වලදී මේ වගේ සිදුවීම් ස්වාභාවිකයි ..මතවාද ඉවසන්න පුළුවන් එව්වොත් ඉන්නවා..බැරි එව්වොත් ඉන්නවා..ජපානේ පාර්ලිමේන්තුවේත් මරා ගන්න හැටි අපි මාධ්‍ය වල දැක්කා..මේ අදහස් දාන අයත් මුණට මුණ බලාගෙන අදහස් දැම්මනම් බලා ගන්න තිබුන අයියලගේ තරම, අනුන්ගේ මතවාද වලට ගරු කරන..ඉන්ටෙර්නෙට් එක හින්දම අපි බේරිලා ඉන්නවා මිසක්. ඉන්ටෙර්නෙට් එකෙන් අත දාල ගහන්න ක්‍රමයක් තිබුනානම් මට ඉස්පිරිතලේම තමයි ඉන්න වෙන්නේ.... (ස)
බන්දුල පෙරේරා , ඔබ අද කියන්නෙත් මේ වැඩ සාධාරණී කරමින් කියන කතාවක්. සැබවින්ම ලෝකේ සමහර රටවල පාර්ලිමේන්තුවල ඕවා සිදුවෙනවා තමයි. ඒ උනාට අපේ රටේ වගේ පුද්ගලික ජීවිතයට කරන අපහාස එම රටවල නැහැ. එකම පක්ෂේ මන්ත්‍රී වරු ගහගන්නේ මෙහෙ විතරයි. මේකට හේතුව ඔබ කියනවා වගේ මේගොල්ලන්ට මතවාද ඉවසන්න බැහැ. සේරටම හේතුව නිසි අධ්‍යාපනයක් නැතිකම. (ස)
මේ අය තරගෙට හොරා කන්ඩත් දන්නවා.(නදී)
බන්දුල පෙරේරා, එයාගේ අදහසේ මුල් වාක්‍ය ටික කෙසේ වෙතත්, අවසාන වාක්‍යයෙන් නම් ඇත්තම කිව්වා. (ස)
ප්‍රාදේශීය කට්ටිය අවංක මතවාදයන් දරන නිසා ගුටි ඇනගෙන හරි මහජන ප්‍රශ්න විසඳන්න හදනවා කියලද හිතන්නේ? නැහැ මහත්වරුනි, අපි වෙනුවෙන් ගුටි ගහගන්න තරම් මේ නියෝජිතයෝ මෝඩ නැහැ. එහෙනම් ඇයි මේ තරම් උද්වේගයක්, ආවේගශීලිත්වයක්? හිතාගන්න අමාරුවෙන එකක් නැහැ මගේ හිතේ. (ස)
වැඩි දෙන්නෙක්ගේ මතය අධ්‍යාපනයක් නැති අය පත්වෙලා කියන එක. ඒක ඇත්ත ඔක්කොම චන්ඩි තමයි ජනතාව පත් කර ගෙන ඉන්නේ. කාගේද වැරැද්ද??? (ස)
ගුරාලා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවට තමයි (නදී)
සෑම දෙයකින්ම ආශ්චර්යක් බලාපොරොත්තුවෙන අපට මේවා හොද පාඩම් (නි)
මේක දැන් පුරුද්දකට ගිහින් වගෙයි (නි)
පළාත් සභා වලට ගිහින් තියෙන්නේ මැරවරයෝනේ බලනකොට (නි)
ඕකනේ. ස්වයං පාලනය දෙන්න ඕනෑ,පොලිස් බලතල සමග. හැබැයි නරකද පොලිසියටම පළාත් සබා බලතලත් දුන්නා නම්. (නි)
අපේ අය පළාත් සභා වල ඉන්න දන්නෙත් නැහැ, ප්‍රාදේශීය සභා වල ඉන්න දන්නෙත් නැහැ (නි)
ජනතාව ඡන්දය ප්‍රකාශ කර මන්ත්‍රීවරුන් පත්කර ගන්නේ ජනතාවගේත් රටෙහිත් ආර්ථික සංවර්ධනයක් ඇතිකරගෙන රජය ඉදිරියට ගෙනයාම සඳහායි. එහෙත් ආදර්ශමත්ව ව්‍යවස්ථානුකුලව රටේ නීතියට යටත්ව වගකීම ඉටුකිරීමට නොහැකි අය සඳහා අලුතින් නීති සකස්කර යුක්තිය සහ සාමය ආරක්ෂා කරන උත්තරීතර අධිකරණයෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුය. (නි)
ඔය පළාත් සභා කියන්නේ හරක් ගාල් වගේ. නිතරම ඇන ගන්නවා (නි)
ජනතා සේවයට තියෙන කැපවීම, ඒ සඳහා ඇති ඕනෑකම , නායකයින්ගේ ආකර්ෂණය ලබා ගැනීම, මහා උගත්කම, සංවරශීලී බව, අවංක සහ නිහතමානීකම නිසයි මේ අය මේ තරම් "උසස්" තත්වයකට පත් වෙලා තියෙන්නේ. බොහෝ ප්‍රාදේශීය සභා වල මේ තත්වය දකින්න පුළුවන්. එය අපේ රටේ කීර්ති නාමයට මහා ආඩම්බරයක්. (නි)
ආරියසේන .... වයස කීයද? ළඟදීද ඉපදුනේ ?? (ස)