නඩු භාණ්ඩයක් සම්බන්ධයෙන් සාවද්‍ය ලෙස ක‍්‍රියා කළැයි වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් රත්නායක මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. හොරෙන් ප‍්‍රවාහනය කළ ගවයන් 13 දෙනකුගෙන් වැඩුණු ගවයන් තිදෙනකු අයිතිකරුට දී රුපියල් පනස් දහසක අල්ලසක් ගෙන පැටවුන් තිදෙනකු උසාවියට ඉදිරිපත් කළැයි කියන සිද්ධියක් ගැන ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන බවත් තවත් තිදෙනකුට එරෙහි විනය පරීක්ෂණ පැවැත්වෙන බවත් මාධ්‍ය ප‍්‍රකාශක කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ, පොලිසියට මක් වෙලාද මේ?
ඇති යන්තම් දැන්වත් ඇස් ඇරුනනම්
මටත් ලස්සන කතාවක් කියන්න තියෙනවා. මගේ මස්සිනා පොලිසියේ. දවසක් එයයි මමයි පොලිස් වාහනේක එයාලගේ ගෙදර යනවා අලවතුගොඩදී මස් කඩයක් ගාව නැවැත්තුවා. මුදලාලි මස් කිලෝ දෙකක් දාන්ඩ කිව්වා. මස් කිලෝ දෙකක් කිරල පාර්සල් කරලා දුන්න. ඊට පස්සේ මේ රාලහමිටත් දෙකක් දෙන්න කියල මාව පෙන්නුවා. අනේ ඒ මුදලාලි තව දෙකකක් කිරල දුන්න.ඒ හතරටම සල්ලි දුන්නේ නෑ. මම ගුරුවරයෙක්. මගේ ඔලුව විකුණලත් මස් කොල්ල කෑව.
හරක් පැටවු නෙමෙයි, මිනී මැරුම් වලට සම්බන්ධ නිලධාරීනුත් පොලිසි වල තාම රජ කරනවා
අයි.පි. අමාරුවේ වැටෙන්නේ නෑ. නඩුව ඉවර වෙද්දි පැටවු ටික ලොකු වෙයි
ඕනැම ආයතනයක අය කිහිපදෙනෙක් වැරදි කරනව තමයි. මොකද ඒවායෙ ඉන්න අය රහත් නෑනෙ. ඒගොලොත් සාමාන්‍ය රටවැස්යො. හැබයි කිහිපදෙනෙකුගෙ වරදට හැමෝට්ම නින්දා කරන එක හරිද?
පොලිසියේ ඉන්න ගොඩක් කට්ටිය වැඩ කරන්නේ පොලිසියේ නම කැත කරන්නමයි
පාලකයෝ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කනවා. ඒවා අපේ මිනිස්සුන්ට කිසි ගාණක් නෑ. මම කියන්නැ ඕ.අයි.සී. කරපු වැඩේ හරි කියලා. ඕක පොලිසියේ සමස්ත දැක්ම නෙමෙයි. කොහොම උනත් ඔය දූෂිත නිලධාරීන් වැඩ තහනමට ලක් නරලා මදි. සේවයෙන් පහ කරන්න ඕනේ
ඇති යන්තම්
ගොඩක්ම හොරු ඉන්නේ පොලිසියේ තමයි
මේ වගේ ඇයි පොලිස් දෙපාර්තමේන්තුවෙන් අයින් කරන්නේ නැත්තේ?
එක්කෙනෙක් කළ වරදකට සමස්ත පොලිසියටම අපහාස කිරීම අනුවණ කමක් බව බුද්ධිමත්ව සිතිය යුතුයි
පොලිසිය යකාට ගිහින් තියෙන්නේ
නඩුත් හාමුදුරුවන්ගේ නම් බඩුත් හාමුදුරුවන්ගේ නම් ආයි මොකක්ද? අනික මේක පොලෝසියේ වැඩක් නේ. ඉතින් මේවට කටදාලා විහින් නහින්නේ අහවල් කාරියකටද? අනේ අපේ රටට ගිය කලක්.. මේවට වැරදි කාරයෝ චන්දදායක තමුන්නාන්සේලාම තමයි ඉතිං..
හෑග්.. කමෙන්ට්ස් දාන අය ගොඩේ පොලෝසියේ අයත් ඉන්නවද? ඔන්න මම නම් කිසිම දෙයක් කිව්වේ නැහැ පොලෝසියට හොඳේ.මම හොඳායි..නේද?
අනුන්ට කන්න දුන්න කෑම මේ අයත් කන්න ඕනේ
ඔය හැම පරීක්ෂණයක්ම පවත්වන්න කියන්නෙත් හොරුන්ටමනේ....ඉතින් කොහොමද ....
O.I.C. උනාට ඒ මනුස්සයටත් ගෙදර ප්‍රශ්න ඇති.
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ... මෙහෙම කියපු ඔයාලට හරක් මස් රස වැටිල වගේ.
අස්සය ගියාට පස්සෙ ස්ථාලේ වහල වැඩක් නෑ. මිනිහ අල්ලන්න තිබ්බෙ අවුරුදු 4 කට කලින්.එහෙම උනානම් අහින්සක මිනිස්සු ගොඩක් දුක් විදින්නෙ නැතිව ජීවත් වෙනව.මෙයා කරපු දේවල් වලින් අදටත් දුක් විද විද නඩු කියන අන්ත අසරණ තත්වෙට පත්වෙච්ච මිනිස්සු ඉන්නවා.කල කල දේ පල පල දේ...
නඩුත් පොලෝසියේ බඩුත් පොලෝසියේ ආයිත් මොනවද නේද? දන්නවනේ ලංකාවේ පොලෝසිය ගැන..ඉන්දියාවේ පොලීසිය පරාදයි කෙරුවාව අනුව
පොලීසිය කියන්නේ ........ ම තමා
තේරෙන්නෙ නැද්ද මිනිහ පරණ මැජික් කාරයෙක්..
මේ වගේ දේවල් හොයල බලල වැරදි කරුවන්ට දඩුවම් දුන්නොත් රට හැදෙයි.
රිමාන්ඩ් කරලා මදි.ප්‍රසිද්ධියේ තියලා ගල් ගහන්න ඕනේ
අමුතු හරක් ජාතියක්
අද නෙමෙයි අල්ලන්න තිබුණේ.දැනටත් පරක්කු වැඩි
බලාගෙන යනකොට හරක් හොරුයි මේ ගොල්ලොයි දෙගොල්ලොම එකයිනේ
අහංසකයෙක් මේ දේ කළා නම් පොලිස් ලොක්කො දෙන දඩුවම බලන්න තිබුණා.
ජරාව කන්නම උපන් ජාතියක්නේ
පොලිසිය කිවුවොත් ඉතිං හොරුන්ගෙත් හොරුනේ අනේ
තරාතිරම නොබලා දඩුවම් කරන එක හොදයි. නමුත් මීට වඩා දේ සිද්දවෙන මේ ලංකාවේ මෙවැනි දෑ සුළු දේවල්.....................
පොලීසිය = ජරාව
පොලිසිය .......................ගිහින්ද ? .....................පොලීසියට ඇවිද්ද ? ජනතාව සොයයි.
අපේ ලංකාවේ පොලීසිය ඔහොම තමා.
එදත් අපි හරි සූරයි - අදත් අපි හරි සූරයි අපේ පැටවු හරි මාරයි - අජීරණේ උගුරට එයි
නියමයි.ඔහොම තමයි කරන්න ඕනි
ඉතින් ගවයන්ව අයිතිකාරයටනේ දීල තියෙන්නේ. නිමල් රත්නායක මහත්තය ගෙදර අරන් ගිහිල්ලා නෑනේ. මෙයාලව රිමාන්ඩි කොරන්න ඉස්සෙල්ලා අර නිදන් හොරු කල්ලිපිටින් ඉන්නවා ඒඅයව අල්ලලා රිමාන්ඩි කොරන්නකො. කොරොත් කොරන්නේ ඔයවගේ දෙයක් තමයි.
7500න් ජීවක් වෙන්න බැරුව ඇති
තව ටික දවසකින් තමන්ගේ බිරියවත් පොඩි කෙල්ලක් කරයිද දන්නේ නෑ
පොලිස් පරීක්ෂඛ ලණුවක් කාලා වගෙයි පේන්නේ.
ඇති යන්තම්. හොරා පොලිස් කෙනෙක් අල්ලලා
ඔක්කොම හොරුනේ බලනකොට
අනේ මමත් පොලිස් නිළධාරියෙක්. අපිට බනින්න එපා.........
නිදන් ප්‍රශ්නත් තියන එකේ ඒවා බැලුවහම පොලිස් පොඩ්ඩෝ මොනවා කලහම මොකද
අනික් පොලිසි වල ඉන්න නිලධාරීන්ටත් මේවා හොද පාඩම්
අලි බබත් හොරක්ද?
විනය පරීක්ෂණ පවත්වන්නේ කාට විරුද්ධවද දන්නේ නෑ
හරියට බැලුවොත් ඉතින් පොලීසියෙන් භාගයකටත් වැඩිය කූඩුවෙ දාන්න ඕනි අය තමයි ඉන්නේ.
ධම්මෝ රක්කථි ධම්ම චර්‍ය කියන පාඨය පොලීසියට ගැලපෙන්නෙම නැති එකක්.