(ඩයනා උදයංගනී, ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )
ගැටලුව විසඳීමට කාලය අවශ්‍ය බව කියා තිබියදීත් අසාධාරණ ලෙස වර්ජන කරන වෘත්තීය සමිතිවලට යටත්වීමට තමා සූදානම් නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
විශ්‍රාමික සේවකයින් යොදවා හෝ පිටරටින් ගෙන්වා හෝ වර්ජනයට විසඳුම් දෙන බවද ඇමතිවරයා කීවේය.
ජනතාවට සිදුවන අපහසුතා වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බව කී ඇමතිවරයා වර්ජන නවතා එන්නේ නම් සාකච්ඡා කිරීමට සූදානම් බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දක් නැති ආණ්ඩුවක්...
මේ රටේ සාමාන්‍ය ජනතාව අනේකවිධ ප්‍රශ්නවලට මැදිවී එන්නේ... මේ වගේ ප්‍රශ්නත් එකතු වුණාම කොහොමද? කඩිනම් විසඳුම් අවශ්‍යයි.
ඔබතුම හරි... නමුත් සාකච්ඡා ඕනේ නැහැ. පිටරටින් සේවකයෝ ගෙනත් හෝ හමුදා ආරක්ෂාව යටතේ හෝ දුම්රිය ධාවනය කරන්න. වැඩට එන්නේ නැති කාලකන්නි ටික එලවලා දමන්න. සතියක් දෙකක් දුම්රිය ධාවනය නොකළත් කමක් නැහැ.. රටේ ආර්ථිකය වැටිලා තිබෙන මේ අවස්ථාවේ එක එක ඉල්ලීම් ඉල්ලලා වර්ජනය කරන්නේ දේශද්‍රෝහීන් හැර වෙන කවුද? හැමදාම වෘත්තිය සමිති කාරයින්ට, දොස්තරලට, හෙදියන්ට, අන්තරේට යටත් වෙලා ජීවත්වෙන්න ජනතාවට බැහැ. අපි ඡන්දෙ දීලා ඔබතුමාලා පාර්ලිමේන්තුවට පත්කරන්නේ වැටුප් ගෙවන්න. වරප්‍රසාද දෙන්නේ අපි වෙනුවෙන් සටන් කරන්න. අපි ඔබ සමගයි.
අන්න එහෙම කෙලින් ඉක්මන් තීරණයක් ගන්න. වර්ජකයින්ට බයේ අසාධාරණ ඉල්ලීම් ඉටුකරන්න එපා.
මහජන නියෝජිතයන් කෙරෙහි අපට නම් ඇත්තේ ඉතාමත් පිළිකුල් සහගත පින්තූරයකි. එහෙත් මෙම නියෝජිතයාගේ අදහස් අප අගය කරන්නෙමු. මහජනතාවට අවහිරයක් වෙන ලෙස හැසිරෙන සියල්ලන්ම එළවා දමා නව සේවකයන් බඳවාගන්න. හමුදාව යොදවා සේවය පවත්වාගෙන යන්න. එයයි අපගේ අදහස... මහජනතාවට අවහිර ලෙස කෙරෙන සියලුම වැඩවර්ජනවලට නිසිලෙස පිළිතුරු දෙන්න...
අර එක වතාවක් මගී ජනතාව දුන්නු සාත්තුවද දන්නේ නැහැ ඉල්ලන්නේ..?
මෝඩයි.. මෙයාට හරියට වැඩ කරන්න බැහැ.
ඇමතිතුමනි, මොවුන් සේරම ගෙදර යවා අලුතින් සේවකයන් බඳවා ගන්න. ඔයිට වඩා 1978 කට්ටිය දැඟලුවා. එ්ත් අදත් ගෙවල්වල ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. වුනේ ගෙදර යැව්වා කියලා ආණ්ඩුව පැරදුනද 1978 සිට 1992 දක්වා රජය තිබුනේ නැද්ද? රටේ ඕනෑතරම් උපාදිධාරීන් ඉන්නවා.. මොවුන්ට රැකියාව ලබාදෙන්න.. මොවුන්ට මාසයක් දෙකක් ගෙදර ඉන්නකොට අමාරුව තේරේවි...