තමන් වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් කතානායකට ඉදිරිපත් කළ දෝෂාභියෝග වාර්තාව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය විසින් ඉදිරිපත් කැරුණු පෙත්සම ඉවත දමන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිත් සම්මේලනයේ මහා ලේකම් ඩී.සී. වීරසේකර ගෙනු කළ අතුරු පෙත්සම අභියාචනාධිකරණ අද ඉවත දැමීය. කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සාමාජිකයන් 11 දෙනකාගෙන් දෙදෙනෙක් පමණක් උසාවිට පැමිණ සිටියහ. දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්දන් සහ ජවිපේ විජිත හේරත් මහත්වරු ඔවුහුය. ඔවුන්ගේ නීතිඥවරුන් වන එම්.ඒ. සුමන්දිරන් හා ජේ.සී. වැලිඅමුණ මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ. කතානායක රාජපක්ෂ මහතා හෝ කමිටු සභාපති ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා හෝ රජයේ හා එජාපයේ සාමාජිකයෝ පැමිණ නොසිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නැති රටක ඉපදීම බයානකයි..නීතිය රැක දේවා. උගත් විනිසුරු මඩුල්ලට අප ණයගැතියි (ස)
අයියෝ සල්ලි
ඔය මොන දේ වුණත් අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා අපි දන්නවා. (නි)
නීතිය ඒකාධිපති වෙන එකත් බයානකයි. මෙතන සිද්දවෙන්නේ තමන් බලවත් බව හැමදෙනාම කීමයි. හැමදෙනාම තමන් කැමැති පාටින් බලන එකයි වෙනනේ.(නු)
මේකෙ අදහස් දාලා තියන පාට පක්ෂ වලට අදින බඩගෝස්තරවාදින්, අඩුම තරමෙ අන්තර්ජාලයෙන්වත් ව්‍යවස්ථාව බැලුවද? අධිකරණය බලවත් නම් ඵල්ලුම් ගහට නියම කළාට ඵල්ලන්න බලය තියෙන්නෙ කාටද? (නි)
සම්පත් වැස්සකටවත් පාසලකට ගිහින් නැද්ද මන්දා? (නි)
ලක්වැසියන්ට සියලු දෙවි පිහිට ලැබේවා! (නි)
අයියෝ සල්ලි
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු රටේ ඇති ඉහළම ලියැවිල්ලයි. අදහස් ප්‍රකාශ කිරීමට පෙර එය හොදින් අධ්‍යයනය කළ යුතුයි. (නි)
ඇයි මෙයාලට උසාවියට එන්න බැරි? (නු)
සර්, පින් සිද්ධ වෙනවා. දූෂණ, අක්‍රමිකතා ගැන හෙළිකරලා මේවා පුලුවන් නම් නැතිකරන්න. (නි)
නීතිය රුක දුන් ඔබ සියළු දෙනා මගේ රටේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි..! ජය වේවා.!(නු)
අධිකරණයට ජය වේවා.,!(නු)
උසාවිය පාර්ලිමේන්තුවට පහළින් සිටිය යුතුයි..!(නු)
වෘත්තීය සමිති පෙත්සම විසි නොකර ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කාටහරි දෙන්න. (නි)
සම්පත්, ඕක මොන පොතේද දන්නෙ නැහැ නේද ලියලා තිබුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දැන් කුමක් කරන්නෙහිද (දී)
අධිකරණයෙනුත් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම අපහසුයි වගේ පෙනෙන්නේ. (නි)
ජනතාවට අද ඇති එකම පිළිසරණ අධිකරණයයි.,!(නු)
ඇයි වෘත්තීය සමිති...?(නු)
අනවශ්‍ය විදිහට අධිකරණයේ වැඩ වැඩි කරන්න එපා (දී)