මුල් පිටපත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසිය හැකි ද නැද්ද යන්න ගැන තම තීන්දුව ලබන 13 වැනි දා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා තීරණය කෙළේය. ඇමෙරිකාවේ ගැලියෝන් ආයෝජන ආයතනයේ රේ රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් කිරුලපොනේ ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ තැන්පත් කිරීමට ආධාර හා අනුබල දුන්නැයි කරුණානායකට එරෙහිව මේ නඩුව පවරා ඇත. මුල් පිටපත උසාවියට ඉදිරිපත් නොකැර ජායා පිටපතක් ඉදිරිපත් කිරීම ගැන කරුණානායක මහතාගේ නීතිඥ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විරෝධය පළ කෙළේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෝ වුනාම ඔහොම තමයි. සල්ලි වැඩි වුනාම මිනිස්සුන්ට සල්ලි නිසා ප්‍රශ්න.සල්ලි නැති වුනාමත් මේ අපිට වගේ එදා වේල ගැට ගහගන්නේ කොහොමද ලමයින්ට ගෑනිට කන්න දෙන්නේ කොහොමද වගේ දහසක් ප්‍රශ්න
ඉතින් පිටපතට මුල් එනකම් ඉදිමුකෝ?