ගාලු මුවදොර පිටියේදී ගංජා ළඟ තබාගත් හා පානය කරසිටි 20 දෙනකුගෙන් 19කට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රුපියල් 5000 බැගින් දඩ නියම කළාය.
ඒ අතර සිටි වයස අවුරුදු 16ට අඩු අයකුට රුපියල් 1500ක දඩයක් නියම කැරිණි.
එම පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකණයට ගෙන එන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඔවුන්ගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ ඔවුහු කලිසම ගලවා ‘පසුපස ෆොටෝ ගන්න‘ යැයි කෑගැසූහ. මාධ්‍යවේදීනට තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියටද බාධා කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලංකාවේ පාර්ලිමේන්තුවට යන්න "ඡන්ද අපේක්ෂක සුදුසුකම" ලබාගෙන! (නි)
නැහැදිච්ච කොල්ලෝ ටිකක්. කවුරුවත් පුරුදු කරල නොවෙයි, තමන්ගේම කරුමය (නි)
වරද මේ ළමයින්ගේ නෙවෙයි .ඔවුන්ට ගංජා පුරුදු කරන උන්ගේ (ම)
තෝරු මෝරු දැල් කපාගෙන යද්දී, හාල්මැස්සන්ගෙන් මඩිය තරවෙද්දී, එහෙව් හාල්මැස්සන් තැන තැන අඩු මුදලට විකිණෙද්දී, මාලු(මස්කඩ) මුදලාලිලා සමඟ නීතිය පනවන, රකින අය මඩි තරකර ගත් සතුට රසමසවුලු සමඟ සමරද්දී, මේ විනාශවන්නේ ජාතියේ අනාගතය නොවේද? එය අද පැල්පතේ සිටිනා දුප්පත් දරුවන් පමණක් නොවේ, විල්ලුද පලස්මත ශීත කාමර වල සිටිනා ඔබ සිතනා ඔබේ දරුවන්ද ගිල ගනිමින් සිටින බව ඔබ නොදන්නේද? (නි)
දේශපාලුවන්ට වගේ තරුපහේ හෝටල් වලට වෙලා විස්කි බ්‍රැන්ඩි බොන්න සල්ලි නැති නිසානේ නොමිලේ ලැබෙන සුළඟයි, ගාලු මුවදොර පිටියයි, අඩුම මිලට ගන්න පුළුවන් සතුටයි හොයන්නේ. සල්ලි තිබුනා නම් මේ වැඩ කරන්නේ නැහැ. පව් අහිංසක තරුණ ජිවිත ටිකක්. (නි)
මිතුරනි, ඕවා ගෙන්වන, විකුණන, ලාබලබන පිරිස අල්ලන්න පටන් ගත්තොත් මීටවැඩිය ලස්සන සෙල්ලම් දකින්න පුළුවන්. ඕක නිකම් අතීසාරයට අමුඩ ගැසිල්ලක් වැනියි (නි)
කලිසම ගලවල හොඳට පුරුදුයි වගේ. (බ)
උපරිම දඬුවම් දෙන්නයි තියෙන්නේ (නි)
මෙහෙම කට්ටිය ඉන්න සමාජයටනේ අපි අපේ ළමයි යවන්නේ? (නි)
මොතරම් නැහැදිච්ච ළමයිද? (නි)
මන්ත්‍රීලට දෙන වාහන පර්මිට් එක නවත්තල ඒ සල්ලි වලින් මේ තරුණයන්ට කිසියම් වෘත්තිමය පුහුණුවක් ලබා දෙන්න. (බ)
මේවා හොඳා කියලා අර ගීතයකත් තියෙන්නේ..(බ)
පාර්ලිමේන්තු කට්ටියටනම් ඕනෑම කුජීතු වැඩක් කරලා හිරේ විලංගුවේ යනවා කියන්නේ හරි ලොකු දෙයක් වුනාට මේ කොල්ලෝ ගමට රටට නෑදෑයන්ට මුණ දෙන්න ඕන , අනික මේ වගේ දේවල් වලින් නමගිය අපරාධකාරයින් බිහි වෙන්නත් බැරි නැහැ (බ)
මේ වැරැද්දටත් එක්ක හරියන්නම නීතියෙන් දඬුවම් දෙන්න තියෙන්නේ (නි)
මෙය පුනරුත්ථාපනය කල යුතුයි (ම)
හිතාගන්න පුළුවන් හැදියාවේ තරම! (නි)
මේවට දෙන්න ඕනෑ උත්තර මෙතන ලියන්න අමාරුයි (නි)
උසාවියට ගිහිල්ලත් බයක් නැති හැටි? (නි)