
(රංජිත් රාජපක්ෂ)
තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප (30) දින රාත්‍රියේ සිට රු 1700 දක්වා ඉහල දැමු බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.
තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කිරිමට වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.
මේ පිලිබදව තේ වතු සමාගම් වල උසස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් (02) දින කොළඹදි පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය රජයේ සේවකයකුගේ දිනක වැටුපටත් වඩා වැඩියි. එයාලා රජයේ සේවයෙන් ඉවත්වෙලා වතු වැඩට යයි.
රනිල් රාජපක්ෂ හානවා ඉවරයක් නෑ...
මේවා කරන්නේ ඡන්දෙ බලාගෙන...
ලෝකයේ හුඟාක් රටවල් තේ නිෂ්පාදනය කරනවා. හුඟාක් රටවල් නිෂ්පාදනය යාන්ත්‍රිකකරණය කරලා. අපිට වැඩිය හුඟාක් අඩුවට විකුණනවා. අපේ නායකයින් බලයට එන්න තියන පෙරේතකමට රටට හෙන ගහලා ගියත් පඩි වැඩි කරන්න යන්නේ. දැනුත් තේ 100g 350ට 400ට යන්නේ... හාම්පුතුන්ට තියෙන්නේ පඩිය වැඩි නොකර ඉන්න...
රනිල් කියන්නේ කටට එන ඕනෑම දෙයක් කියන කෙනෙක්. මේ කතා ඔක්කෝම එයාගේ ෆොක්ස්වැගන් කතාව වගේ තමයි. වතු කම්කරුවෙකුගේ වැටුප 1000ට වඩා වැඩිකරපු ගමන් තේ කම්පැනියේ ලාභය අඩුවෙනවා. අවසානයේ කොම්පැනිය වැසීම තමන්ට ලාභ බව වටහාගන්න කොම්පැනි කාරයා ව්‍යාපාරය අතහැර දමනවා. කම්කරුවන් අනාථ වෙනවා. මේ කම්කරුවන්ට දැන් මේ බොරු තේරෙනවා.
දිනකට රුපියල් 1700/= ගෙවීමට නම් දිනකට නෙලන දළු ප්‍රමාණය කිලෝ 35ක් වත් වෙන්න ඕනෑ. එහෙම නැතුව ඔය කියන ආකාරයට ගෙවීමට අමාරුයි...
නියත වශයෙන්ම හිතුමතේට ගත් තීරණයක්... කම්කරුවන් තවත් දුගී තත්වයට පත්වෙනවා.
පිස්සෙක් රට පාලනය කරනකොට ඔහොම වෙනවා
දෙන්න බැරි බව අපි දන්නවා. 1700 දුන්නොත් තේ මිල වැඩිකරන්න වෙනවා. තේ මිල වැඩිකලොත් ඉල්ලුම පහළ යනවා. එවිට තේ කර්මාන්තය අවසන් වෙනවා. ඌ මට ගහනවා, මට ඌ ගහනවා කියලා තමයි කියන්න වෙන්නේ. රනිල් මේ අමු රැවටීමක් කරන්නේ කියලා හිතෙනවා.
වතු කම්කරුවන්ගේ ඡන්දය ලබාගැනීම සදහා කරන ලද තවත් ක්‍රියාවක්. ඡන්දයෙන් පසු මෙම කර්මාන්තශාලා වැසුවත්, සේවකයින්ට රැකියාව අහිමි වුණත් මොහුට වැඩක් නැත.
වේදිකාවල කියන කතා සත්‍ය නොවෙයි. මේවා කිසිදිනක ඉටුනොවන පොරොන්දු.
ලංකාවෙ තේ වෙළදාම වෙන්නෙ වෙන්දේසි ක්‍රමයට නිසා මිල වැඩිකරන්න බැහැ එහෙම නම් ඔය කියන ආකාරයට තේ පදුරු අස්සේ වාඩිවෙලා කයිවාරු ගහල දවසට දලු කිලෝ 18 කැඩුවම කාටවත් කිසිදාක ආණ්ඩුව කිව්වට දිනකට රුපියල් 1700/= දෙන්න බැහැ එහෙම කරන්න කිව්වොත් වතු වහල කර්මාන්ත ශාලා වහල විදේශ රටවල බැලමෙහෙවර කරන්න යාම වඩා ප්‍රයෝජනත් වෙන්න පුළුවන් ආණ්ඩුව කියන ආකාරයට කරන්න ඕන නම් දලුකඩන්න යන්ත්‍ර ගැනීමට ක්‍රමයක් හදන්න ජෙප්පො නම් කියනවාලු කුඩා තේවතු හිමියන්ට නෙලීමට යන්ත්‍ර හා ඇඹරීමටත් වේලීමටත් යන්ත්‍ර දීලා තමතමන්ටම තේකොල රට යවන්න පහසුකම් සලස්වනවා කියලා අපි ඉතින් බලාගෙන සිටිමු
බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත . දේසපාලුවෝ ජනතාව අන්දවන්ඩ ඕනෑම බේගලයක් ගහනවා .ඒක උන්ගේ හැටියක්?
නියමයි රනිල් වතු සමාගම් බංකොලොත් කරනවා සජිත් ඒ වතු කෑලි කඩලා කම්කරුවන්ට දෙනවා..