
(අංජුල මහික වීරරත්න)
වත්කම් හා බැරකම් ප්‍රකශ කිරීමේ දී මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුලත් කිරීම සම්බන්ධව මතු වන ගැටළු කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587287 දුරකථන අංක මඟින් නිරාකරණය කර ගැනීමට හැකි බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සාථකව ලියාපදිංචි වී තිබියදීත් ජුනි 30 දින හෝ ඊට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට සහ ජුනි 30 දින හෝ ඊට පෙර මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට පිවිස ලියාපදිංචි වීමට උත්සාහ කළ නමුත් තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට ජූලි 7 මධ්‍යම රාත්‍රී 12 දක්වා දඩ අය කිරීමකින් තොරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවසර දෙන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
2023.03.31 දිනට ඇති වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම වත්කම් සහ බැරකම් ප්‍රකාශ, 2026.06.30 වන දිනට හෝ ඊට පෙර සිදුකළ යුතු අතර, එසේ සිදු කිරීමේ දී දඩ මුදලකට යටත් නොවන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
වත්කම් ප්‍රකාශ අගෝස්තු මස 31 දක්වා ලබා දිය හැකි නමුත් එවිට දඩ මුදලකට යටත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd