එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කාලයේ ශ්‍රී ලංකාවේ දී හොරකම් කර එතෙර බැංකුවල තැන්පත් කර ඇතැයි කියන වත්කම් සොයාගැනීමට ලෝක බැංකුවේ (ස්ටාර්) සහය ලබා ගැනීමට විදේශ ඇමැති මංගල සමරවීර මහතා සැරසෙයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ ප්‍රධානී ජේ.සී.වැලිඅමුණ මහතාද සමග සමරවීර මහතා මේ සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සොරකම් කළ වත්කම් සොයා ගැනීම සඳහා වන ලෝක බැංකු විශේෂ ඒකකයට ලබන සතිය මැදදී යෑමට නියමිතය.
එම අංශය පවසනුයේ ශ්‍රී ලංකාව වැනි රටවල වත්කම් සොරාගැනීම බරපතල අර්බුදයක් බවයි. වසරකට ඩොලර් කෝටි 2000 (රුපියල් කෝටි 265000) සිට 4000 (රුපියල් කෝටි 531500) දක්වා මුදලක් සංවර්ධනය වන රටවල දේශපාලනඥයින් නිලධරයන් ඇතුළු පිරිස් සොරකම්කර පිටරට බැංකුවල තැන්පත් කරන බව ලෝක බැංකුව කියයි.
ලබන 12 වැනිදා විදේශ ඇමැති හා වැලිඅමුණ මහතා වොෂින්ටන් නුවරට ගොස් ස්ටාර් නිලධරයන් හමුවී ඔවුන් ළඟ ඇති මූලික තොරතුරු එම අංශයට භාරදීමට නියමිතය.
ශ්‍රී ලංකාවෙන් මුදල් හොරකම් කර එතෙර බැංකුවල තැන්පත් කළැයි කියන දේශපාලනඥයින්ගේ හා නිලධරයන්ගේ ලැයිස්තුවක්ද ඔවුනට බාර දීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තේම හොරාකාපු උන් අල්ලපල්ලා (නදී)
සියළු වැරදි පාට කණ්ණාඩියකට වැසී අන්තිමට කාලයේ වැලිතලාවෙනුත් වැසී නැවතත් පරණ හොරු ටික රජවෙයිද කියා සැකයි (නි)
මෙතන අදහස් දාන සමහරුන්ට නම් මේ පුවත එතරම් ප්‍රීතිමත් පුවතක් නොවනු ඇත.(නදී)
බොහොම හොද වැඩක්. හොරා කාපු මුදල් ආපිට ජනතාවට ලබාගන්න පුළුවන් හොද අවස්ථාවක්. ජනතාව මුලාකරමින් ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් පටු දේශපාලන වාසිගෙන ජනතාවගේ මුදල් කොල්ල කාපු තක්කඩියන්ට දෙන්න ඕනි උපරිම දඩුවම්. රුපියල් කෝටි ලක්ෂ 500 කට වැඩි මුදලක් පසුගිය වසර 10 තුල හොරා කාල තිබෙනවා මුදල් වලින් විතරක්. රට තුල තිබෙනා දේපල වතු පිටි ගැනත් හොයන්න ඕනි. මේ එක්කම පන්සල් වල ඉඩම් හිටන් අයිති කරගෙන තියෙන්නේ බලහත්කාරෙන්. රටේ නිතිය හරියට ක්‍රියාත්මක කෙරුවොත් හරියට හරි ඉදිරිය සුබ දායකයි (නදී)
එ් විතරක්ද හෙට බිහිවෙන පරපුර මේ වගේ හොරකම් කරන්නත් බය වෙනවා ! (නදී)
මෙයාලා හොරා කාපු සල්ලි ආපසු ගන්න. රට බෙදුවත් කමක් නැහැ, මලත් මොකද ලෙඩා බඩත් සුද්ද වෙලා. (නදී)
මේවා ප්‍රවෘත්ති පමණක් වන විට ජනතාවට ආයේ ඡන්දේ දෙන්න හිතෙන්නේ නැහැ. (දිල්)
සුනාමි අාදාර ගැන. කොටින්ගේ රත්තරන් ටොන් 350 ට වෙච්චදේ. බොරු ව්‍යාපෘති කරන මුවාවෙන් කොමිස් ගහපුවා. මහා මාර්ග හදන මුවාවෙන් ගහපු කොමිස් කන්ද ? අයියල මල්ලිලා ලොක්කල පොද්දල ගහපු ගැහිලි මුල සිට අගට හොයන්න ඕනා (නදී)