IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වතු නිවාස 17ක් ගිනි බත් වේ

(ශාන්ත චන්ද්‍රසිරි)

පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 17ක් විනාශයට පත්ව තිබේ.

මෙම ගිනි ගැනීම ඊයේ (16) රාත්‍රියේ  හටගෙන ඇති බවත්, මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87කු අවතැන්ව සිටින බව පුඬළුඔය පොලීසිය සඳහන් කරයි.

මෙම නිවාස පෙළේ වතු නිවාස අටක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව, තවත් නිවාස නවයකට දැඩි හානි සිදුව ඇති අතර, එම නිවාසයන්යන්ගේ පදිංචිව සිටි වතු කම්කරුවන්ගේ දේපළ රැසක් ගිනි ගැනීමට ලක්ව විනාශයට පත්ව තිබේ.

නිවාස 24ක් සමන්විත මෙම නිවාස පෙළේ එක් නිවසකින් හටගත් ගිනි ගැනීමක් අනෙක් නිවාසවලටද පැතිරී ගොස් ඇති අතර, පුඬළුඔය පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන් එකතුව පැතිරී යමින් පැවැති ගින්න පලානය කිරීමට දැඩි වෙහෙසක් ගෙන තිබිණි.

අවතැන් වු පිරිස අතර, ගැබිණි මව්වරුන් තිදෙනකු හා මාස නයවක් වයසැති කුඩා දරුවකුද සිටින බවත්, අවතැන් වු සියලුම දෙනා මේ වනවිට ෂීන් වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා ඇති බව පොලීසිය පවසයි.

 



අදහස් (0)

වතු නිවාස 17ක් ගිනි බත් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site