(නිමල කොඩිතුවක්කු)
වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු බවට පත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඔවුන් වෙත ඉඩම් හිමිකමලබා දී ස්වෝත්සාහයෙන් තම ජීවිකාව ගෙන යන කුඩා තේ වතු ප්‍රජාවක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 135 වැනි අදියර යටතේ රත්නපුර පැල්මඩුල්ල ශ්‍රී ක්‍රිෂ්ණ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
රටට ඩොලර් ගෙන එන වතු ප්‍රජාව මෙතෙක් හැඳින්වූයේ වතු කම්කරුවන් ලෙස වුවත් සමගි ජන බලවේගය රටට ඩොලර් ගෙන එන මෙම ජනතාව උඩරට ප්‍රජාව ලෙස ගෞරවාන්විතව හඳුන්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අදටත් අප රට යම් ප්‍රමාණයකට හෝ හුස්ම ගන්නේ වතු ක්ෂේත්‍රයේ කම්කරු ප්‍රජාව සිදු කරන කැපකිරීම නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.
නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.
ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.
රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස
’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.
ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
’’වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු කරනවා’’
prasanka Wednesday, 27 March 2024 05:21 PM
එතකොට දළු කඩන්නේ, පෝර දාන්නේ වතු හිමියන්ද?
chandima Wednesday, 27 March 2024 05:32 PM
මේ තේවතු ටිකත් කෑලි කඩලා කුකුල් කූඩු ගහන්න යන්නේ...? මෙයා ජනාධිපති වුණොත් රටේ තේ වගාවත් විනාශ කරනවා.
Candani Wednesday, 27 March 2024 06:45 PM
තාත්තා වගේම, පුතාණෝත් කටට එන ඕනෑ දෙයක් කියලා දානවා. ඒ වෙලාවේ තමන්වටේ ඉන්න... තමන් බෙදන හාල්ගන්න එන මිනිස්සු පිනවන්න. ඒවා "හිස් වදන්" බව දැන් දැන් මිනිස්සු නොදන්නවා නොව... බෙදන හොරසල්ලි, හාල්.. ගන්න මිනිස්සු එනවා. මේ මෝඩයා ඔහේ කියවනවා.
Chandrani miss Wednesday, 27 March 2024 07:10 PM
ඡන්දය බලාගෙන කරන මෙවැනි ප්‍රකාශන වලින් වළකින්න. ලන්කාව අද පවතින තත්වයට හේතුවත් දුරදිග නොබලා වැඩකිරීමයි. ජනගහනය නම් වේගයෙන් ඉහළ යනවා. ඉඩම් සීමීතයි.. අප් කළයුත්තේ තැන තැන ඉඩම් කැබලි නොකර හරි කලමනාකාරිත්වයෙන් යුතු මහල් ගෙවල් සාදා මේ ජනතාව එහි පදින්චි කර වත්තේ රැකියාවට පහසුකම් ඇති කිරීමයි.
පිටරටවැසියා Wednesday, 27 March 2024 07:32 PM
මළා... රජ කාලේ වගේ කම්කරුවෝ ඉන්දියාවෙන් ඉම්පෝට් කරන්න වෙයිද එතකොට?
de silva Wednesday, 27 March 2024 08:02 PM
එතකොට වතුවල වැඩ කරන්නේ ව්‍යාපාරිකයෝද? නිකන් බොළඳ කතා කියන්න එපා... වතු ප්‍රජාවගේ දුප්පත්කම නැතිකරන එක තොන්ඩමන්ලා ඉන්නකන් කරන්න බැහැ. ඔවුන් බලන්නේ වතු ප්‍රජාව නූගත්, දුප්පත් ජනතාවක් විදිහට තව දුරටත් තියාගෙන ඔවුන් වහලුන් ලෙස පාලනය කරගෙන යන්න...
hemantha Thursday, 28 March 2024 06:24 AM
මරු මෙයාගේ උඩරට ප්‍රජාව
අරවින්ද මොනරවිල Thursday, 28 March 2024 06:33 AM
සජිත් නම් ඉතිං ආතල්ම තමයි, කමක් නැහැ එයා අනුරට චන්ද එකතු කරලා දෙනවා.ඊලග පාර එයාව රටේ මිනිස්සු විපක්ෂ නායකයා කරන්නේ, දෙන්න වෙන කවුරුවත් නැති නිසාමයි.
P.d goonawardena Thursday, 28 March 2024 07:44 AM
එතකොට මිටි නම් කම්කරු තේ දලු කඩනවා.....මොල පියානෝ......
මිලින්ද Thursday, 28 March 2024 03:28 PM
මිට්ටො කොහොමද ගෝන දළු කඩන්නේ? ඒ වැඩේට උස තියෙන්න ඕනෑ නොදන්නා දේවල් නොකියා ඉන්න...
බිම්සර Thursday, 28 March 2024 03:32 PM
එහෙම කියන්නේ කුඩා තේවතු හිමියන් කම්කරුවන් කරනවා කියලා තමයි මදි වුණොත් ඉන්දියාවෙන් ගෙනැවිත් කලකින් උණත් කුඩා තේවතු හිමියන් කරන්න පුළුවන් වේවි...