
(යොහාන් භාසුර)
ආණ්ඩුව අනුමත කළ වතු කම්කරුවන්ගේ රුපියල් 1700 ක දෛනික වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කොළඹ ශ්‍රී ලංකා වතු අධිකාරී සංගම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) පැවැත්වූහ.
එහිදී වතු කම්කරුවන් එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීමට කළ උත්සහයේදී කම්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය. ඉන් පසුව පොලිස් කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ කැඳවීමට ද පියවර ගත්තේය.
එම විරෝධතාකරුවෝ පසුව කොළඹ 7, පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධය දැක්වූහ. ඔවුහු ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට විශාල ප්‍රමාණයේ ඡායයාරූප සහ විරෝධතා පුවරු පිලිස්සූහ. වතු කම්කරුවෝ පසුව සාමකාමීව විසිර ගියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සුන්ව මුලාකරලා චන්දෙ ගන්න රනිල් කියන මහලු නරියා වමාරපු බොරු එකින් එක දැන් හෙළිවෙමින් පවතිනවා..රනිල් නාකි නරියා , කපුටු බැසිල් ,නාකි මයිනා,රතුපස්වල මිනීමරු ධම්මික පෙරේරා ...මුන් ඔක්කොම හොඳ යහළුවෝ. හැබැයි දවසක කොට්ටෝරුවටත් වැරදිලා කෙසෙල් ගහට කොටලා " හොට" පටලවා ගන්නවාලු. දැන් කටිටියගේම හොටවල් පැටලිලා. පැටලිලා විතරක් නොවෙයි ...පෝලිමට හිරේ යන දවසත් වැඩි ඈතක නොවෙයි. මාලිමාවට ජයවේවා !!!
ඕවට කියන්නේ ඇදගෙන නාගන්නවා කියලා, වතු සේවකයින් රවට්ටන්න දැම්ම ඇම සුත්තර පූංචාටම පාරා වළල්ලක් වෙලා !
රනිල් නම් හනුමා විසින් චන්දෙ බලන් අවුලන ගිනි
මෙය රනිල්ගේ බලපෑම මත සෙන්දිල් තොණ්ඩමන් විසින් සිදු කරන ලද්දකි. ගොඩක් වතු සමාගම් තියෙනවා ධම්මික පෙරේරා විතරක් ඉලක්ක කරන්න ගියේ ඇයි? ඒ ධම්මික පෙරේරා ජනාධිපති තරගයට සුදුසු නැති බව පෙන්වීමටයි. කොහොමද රනිල්ගේ සැලැස්ම
ධම්මික ජනාධිපති ධූරයට සුදුසු නැති බව පෙන්වීමට රනිල් වික්‍රමසිංහගේ බලපෑම මත මඩ ගැසීමක් සිදු කරන ලදී
ඇයි ධම්මිකව විතරක් ඉලක්ක කරන්නේ? වතු හිමියන් ඕනෑ තරම් ඉන්නවා. ධම්මික පෙරේරාගේ කීර්තිනාමය කඩාකප්පල් කිරීමට මෙය සෙන්දිල් තොණ්ඩමන් විසින් කරනු ඇත
මෙය ධම්මිකගේ කීර්තිනාමය කඩාකප්පල් කිරීමට එජාපයේ බලපෑම මත සිදුවන්නක් බව නිසැකය
ධම්මිකගේ සම්බන්ධය මොකක්ද? එයාට වතු සමාගම් ගොඩක් තියෙනවද?
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට නොවෙයි ජනාධිපති තුමාගේ නිවස ඉදිරිපිට කරන්න ඕන. එයා තමයි නුවරඑලියේ ගහින් පොරොන්දු උනේ