ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ජනාධිපති නීතිඥවරිය වූ මොරිස් සෙනෙවිරත්න මහතාගේ සහෝදරියගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි අලූත් ජෝඩුවකට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැනුම් දුන්නේය. සීලා සෙනෙවිරත්න (85) මහත්මිය වැඩිහිටි නිවාසයක සිටියදී යාළු වූ ඩිනෙල්කා එම්. ප‍්‍රනාන්දු ඇගේ සැමියා වන මහේෂ් පෙරේරා සමග එක්වී සෙනෙවිරත්න මහත්මියගේ ස්ථාවර තැන්පත් 39ක් බැංකු ගිණුම් ගණනාවකින් මුදල් ගෙන ඉඩමක්ද කාරයක්ද ගිය වසරේ මිලට ගෙන ඇතැයි උසාවියේදී කියැවිණි. විත්තියේ නීතිඥවරයා පැවැසුවේ ඔවුන් වංචාවක් නොකළ බවයි. අධිකරණය බාරයේ පවතින හයිබි‍්‍රඞ් කාරය ඔවුනට බාරදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් යටිකූට්ටු වැඩක්
තවත් කෙනෙකු දාඩිය මහන්සියෙන් උපයා ගත් යමක් සොරකම් නොකර තමන්ගේ දෑතේ වීරියෙන් ජීවත්වීමට මහන්සි ගැනීම වැදගත්.සොරකම් කිරීමට වඩා නැතිබැරිකම කියා අනුන්ගෙන් ඉල්ලාගැනීම නම්බුකාරබව සැලකිල්ලට ගන්න.තෙරුවන් සරණයි ..!!!!
" මොරින් සෙනෙවිරත්න මහත්මිය" නෙමෙයිද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 22:57:54 තවත් කෙනෙකු දාඩිය මහන්සියෙන් උපයා ගත් යමක් සොරකම් නොකර තමන්ගේ දෑතේ වීරියෙන් ජීවත්වීමට මහන්සි ගැනීම වැදගත්.සොරකම් කිරීමට වඩා නැතිබැරිකම කියා අනුන්ගෙන් ඉල්ලාගැනීම නම්බුකාරබව සැලකිල්ලට ගන්න.තෙරුවන් සරණයි ..!!!! නැති ආචාර්යකම් දා ගන්නවට වඩා පාන් භාගයක් කාලා නිදා ගන්න එක සැප නැද්ද?
නෑයෝ එතුමියව වැඩිහිටි නිවාසයකට දාලා ගේම දෙන්න ඉන්න ඇත්තේ.මේ අය තමයි උදවු කරන්න ඇත්තේ.මතු බලාපොරොත්තු ඇතුව වෙන්න ඇති උදවු කළේ
මේක නම් හොදයි.මේ ආචාර්යවරු මොනවා කිවුවත් අපේ කට්ටිය ගණන් ගන්න එපා
ඕනවට වඩා ඕනම කෙනේක් විශ්වාස කිරීමේ ප්‍රථිඑල තමයි මේ....
බොහොම කැතයි.කිසිම ලැජ්ජාවක් නැති වංචාවටම උපන් දෙන්නෙක් වගේ