තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ බලපත්‍ර අහෝසි කිරීම හෝ වැටපු ප්‍රශ්නයක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමා සමඟ සාකච්ඡා කර නැතැයි සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
වෛද්‍ය නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවල දී කථිකා කළේ සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ගැන බවත් ඔහු සඳහන් කරයි.
ගැටළුවක් ඇත්නම් වැඩ වර්ජන කිරීමට හෝ මාධ්‍යයට කීමට පෙර තමා සමග සාකච්ඡා කරන ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇරැයුම් කරන බවත්, ඕනෑම අවස්ථාවක සාකච්ඡාවට තමා සූදානම් බවත් සේනාරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නිදහස් අධ්‍යාපනය ප්‍රයෝජනයට ගත් අයට බනින්නේ ඒකෙන් ප්‍රයෝජන නොගෙන ඒ කාලේ අපතේ ඇරපු අයයි. දොස්තරලට බනින්න එපා. කරුණාකරලා රටේ ප්‍රශ්න හදන්න එපා කලින් තිබුන ඒවා වෙනස් කරලා (නි)
සම්පුර්ණ ක්‍රමයම වෙනස් වෙන්න ඕනෑ. මේ කාටවත් තමන්ගෙන් ජනතාවට, රටට වෙන්න ඕනෑ සේවය ගැන වගේ වගක් නැහැ. තමන්ට ලබෙන්න ඕනෑ දේවල් ගැනයි නිතර හිතන්නේ. මුලින්ම ඔය වෘත්තීය සමිති ටික නැතිකරන්න ඕනෑ. අසාධාරණයි මහත්තයෝ. මුලින්ම තමන්ගේ වර්ජනයෙන් රටේ ජනතාවට වෙන අසාධාරණය ගැන හිතන්න. ඔවුන් බිල්ලට අරන් කරන වර්ජනයෙන් ඔය අයට වගතුවක් වෙන්නේ නැහැ. (නි)
දිලිප්, ඕවා ඔක්කොම ඇත්ත. මේවා දුන්නා කියලා තේරෙන අයද අපේ අය තෝරලා යවා තියෙන්නේ? එහෙම කීප දෙනෙක් හිටියත් එයාලට වෙලාවක් තිබේද ඕවා බලන්න. බොහොමයක් ආයතන මහලු මඩම් වගේ. තරුණ නිලධාරීන් පන්නා ගන්නවා. උපාධි නිලධාරින්ගෙන් වැඩක් ගන්නෙම නැහැ (නි)
මා දැනට ඉන්නේ විදෙස්ගතව. නිදහස් අධ්‍යාපනයෙන් ශ්‍රී ලංකාවේ ඉගෙනගත්තා තමයි. නමුත් ලංකාවේ වෛද්‍ය වෘත්තිය කරනකොට, එයට ලැබෙන වැටුපෙන් කාලා ඇඳලා, දෙමාපියන්ට සළකලා ඉන්න විදියක් නැහැ. පෞද්ගලික සේවා කළේ නැත්නම් ණයවෙලා වහ බොන්න වෙනවා. පෞද්ගලික සේවා චැනල් සේවා කරන්න යනකොට ගෙදර එන්නේ මහා රෑ වෙලා. දරුවෝ නිදි! වෙලාවකට කෑමක් නැහැ. මඟුලකට මරණයකට යන්න නැහැ. ළමයෙකුගේ ඉස්කෝලෙකට යන්න නැහැ. නමුත් මා දැන් ඉන්න රටේ වැටුප (සතියට දින පහක් වැඩ කරලා) හොඳටම ඇති. ඔබ මට බනින්න. නමුත් මම ලිවුවේ ඇත්ත. (නි)
අකිල කියන දේ ඇත්ත. රස්සා නැති අයට විතරක් මේ පර්මිට් දුන්නහම ඇති. (නි)
නමුත් විතානගේ මහතා, ඔය දුක්ගැනවිල්ල දොස්තරවරුන්ට පමණක් නොව රටේ සිටින සියලුම පුද්ගලයන්ට පොදු දෙයක් නේද? ඔබ වෛද්‍යවරයෙක් ලෙස පිටරටක කරන සේවය, මැදපෙරදිග ගෘහ සේවිකාවක කරන සේවයෙන් ලංකාවෙන් පිටතදී වෙනස් වන්නේ කෙසේද. ඔය දෙගොල්ලන්ගේම අරමුණ එකම නොවේද? ඔය ඔක්කොම ලොකුකම් පන්ති පැළැන්ති වෙනස්කම් ලංකාව ඇතුළේදී පමණක් නේද? (නි)
අකිල, ඔබ හරි. (නි)
රටේ ඔක්කොම ඉගෙනගන්නේ මහජනතාවගේ මුදලින්. බහුතරය මේ රටේම තමයි රැකියාව කරන්නේ. ඇයි දොස්තරලට සහ වෘත්තිකයන්ට විතරක් මේ රටට වැඩනොකර පිටරට ගිහින් තමන්ගේ පවුල නඩත්තු කරන්න හිතෙන්නේ...? දොස්තරලාට හොඳ වාහනයක් අවශ්‍යයි. නමුත් ක්‍රමවේදයක් තිබිය යුතුයි. (නි)
රැකියා විරහිත තරුණයන්ට කැමති නම් මගේ හදාගෙන යන නිවාසයේ රැකියා කරන්න පුළුවන්. අතපය හතර තියෙනවා නම් රැකියාවක් නැහැ කියලා උඩ බලාගෙන ඉන්න ඕනෑ නැහැනේ. රජයට/රටට බරක් වෙන්න ඕනෑ නැහැනේ. (නි)
අකිල මහත්තයා වගේ හැමෝම හිතනවා නම් මේ රට කොච්චර ලස්සන රටක් වේවිද? (නි)
ලජ්ජා නැති කතා කියන්න එපා ටිකිරි බණ්ඩාර උන්නැහේ . රස්සාවක් නැතුව බඩගින්නේ හිටියත් ඔයා ඔයාගේ දරුවෙක්ව යවනවද කුලී වැඩට? (ම)
මේ අයත් දුක්විඳ මහන්සිවෙලා තමයි විභාග පාස්කරලා තියෙන්නේ. (නි)
සුමනපාල මහතා, මැදපෙරදිග යන ගෘහ සේවිකාවට කවුරුත් ගරහන්නේ නැහැ නේද ? ඇයි වෛද්‍යවරුන්ටම කවුරුත් ගරහන්නේ? (ස)
ඇමරිකාවේ උප ජනාධිපති ජෝ මහත්මයා පැයක පමණ කාලයක කොචිචියේ පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නේ. අද ලංකාදීප පත්‍රයේ පලවෙලා තියනවා පාලමක් නැතුව පාරුවක ලනුවක එල්ලිලා මිනිසුන් අනිත් පැත්තට යන හැටි. තීරු බදු අරගෙන එවැනි පාලම් හැදුවොත් හොන්දයි නේද. රාජිත මත්තයෝ මේ ගොල්ලන්ටත්, තේරුම් කරලා දෙන්න (රේ)
දොස්තරලා හිතන් ඉන්නේ එයාලා වෙනම ජාතියක් කියලා... රටේ සල්ලි වලින් ඉගෙනගත්තා අමතකද දැන් ? (රේ)
දොස්තර මහත්වරුන් පුද්ගලිකව ලෙඩුන් සිය ගණන් දවසකට බලා උපයන ආදායමින් කොටසක්වත් සාධාරන බද්දක් ලෙස අයකරගත හැකිවනසේ සකස් කරන්නේ නම් මෙම ඉල්ලීම සාධාරණමුත්, සැමට පොදුවේ පනවා ඇති මෙම නීතිය වෛද්‍යවරුන්ට පමණක් ලිහිල් කළොත් ගැටළු රැසකට රජයට මුහුණ දීමට සිදුවේවි (නි)
අසංක, ඇත්ත. දොස්තරලා රටේ සල්ලි වලින් ඉගෙනගත් බව ඒ අය වගේම අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕනෑ. ඒ තරමටම රටේ සල්ලි වියදම් කරලත් බහුතර අපි ඉගෙනගන්නේ නැතුව, රටට සේවයක් කරන දොස්තරලට ඔරවන්නේ ඊර්ෂ්‍යාවට නේද? (නි)
ලංකාවේ ඉන්න නරකම ජාතිය දේශපාලකයෝ. ඊටත් වඩා නරකයි දොස්තරලා. හැමෝම ලෙඩවෙන නිසාත් දොස්තරලාගේ වැඩ වෙන අයට නොකළ හැකි නිසාත් මේ අය හැමවිටම තමන්ට අවශ්‍ය වරප්‍රසාද නරක විදිහට ලබාගන්නවා. කම්කරුවාගේ සිට හැම කෙනෙක්ම රටට සේවය කරනවා. එහෙම වාහන දෙනවා නම් හැමෝටම දෙන්න ඕනෑ (නි)
දේශපාලනය එකක්, සෞඛ්‍ය තව එකක්. දේශපාලකයෝ ලබන වරප්‍රසාද දොස්තරලාටත් ඕනෑවෙලා. මේ විදියට ගියොත් ධනපතීන්ගේ සහ මධ්‍යම පාන්තිකයන්ගේ බදු ගෙවීමට සිදුවන්නේ දුප්පත් ජනතාවටමය. නීතිය හැම කෙනෙකුටම සාධාරණ වියයුතුය. මෙහෙම කොහොමද රටක් දියුණු කරන්නේ? (නි)
ඔය වාහන පර්මිට් එකද දැන් ලොකුම ප්‍රශ්නය? (නි)
මහජන මුදලින් ඉගෙනීම ලැබුවාට මොළය ඔවුන්ගේ. මේ ඉන්න මිනිස්සු ටික රැකගත්තේ නැත්නම් ඔවුනුත් පිටරට යනවා. ඊටපස්සේ වෙන්නේ පිටරටින් දොස්තරලා ගෙන්වන්නයි. මෙයට වහාම විසඳුමක් දෙන්න (නි)
ඇත්තටම රටේ ධන නාස්තිය අවරුදු පහකට නවත්වන්න පුලුවන් නම් මේ රට ගොඩ. හැබැයි මේකට ආදර්ශය දෙන්න ඕනෑ පාර්ලිමේන්තුවෙන්. එතකොට වෛද්‍යවරු නිකන්ම මේක අතහැර දානවා. (නි)
අප ඉතිරිකර දෙන කාලය, ප්‍රවාහන ගාස්තු, මහන්සිය කිසි කෙනෙකුට නොපෙනේ. එලෙසම පුද්ගලික සේවය නොතිබුනි නම් රෝහල්වල බාහිර රෝගි අංශ පිරී ඉතිරී යනු ඇත.එවිට රජයට වැඩිවන වියදම පිළිබඳව බහුතරයකට අවබෝධයක් නැත. එලෙසම පුද්ගලික සේවයට බනින අයට කිවයුතු දෙයක් තිබේ. අප කිසිවිටක රෝහලට නොයා ඩිස්පෙන්සරියට එන්න කියා කිසිවෙකුට බල කර නැත. කැමති අයට රෝහලට යා හැක. අවසානයේ කිවයුත්තේ වෛද්‍යවරුන් විවේචනය කරන බහුතරයකට ඇත්තේ රට ගැන, නිදහස් අධ්‍යාපනය ගැන, රටේ මුදල් ගැන කැක්කුමක් නොව අනවබෝධය සහ ඊර්ෂ්‍යාවයි. (නි)
රැකියා විරහිත තරුණ තරුණියන් වාහන පර්මිට් ඉල්ලන්නේ ජීවත්වෙන්න විදිහක් නැති නිසා. ඒත් මේගොල්ලෝ? මේගොල්ලන්ටත් ජීවත්වෙන්න ක්‍රමයක් නැද්ද? (නි)
ගොඩක් අය කරන්නේ මේ පර්මිට් විකුණන එක. ඉතින් රැකියා විරහිත තරුණ තරුණියෝ මේක විකුණා ගන්න එකේ තිබෙන වැරැද්ද මොකද්ද? (නි)
හැමදේටම සාධාරණයක් තිබිය යුතුය. දොස්තරලගේ මුදල් වලට බෙහෙත් දෙන කඩ තහනම් කර රජයේ බාහිර රෝගී අංශ පැය 24ම තැබිය යුතුය. රට යනවා නම් කම්කරුවන්ටද වැඩි පඩියකට රට යා හැක. ලංකාවේ රට සෑදීමට යහපත් අයවැය තීරණ ක්‍රියාත්මක කිරීමට නොදෙන්නේ රාජ්‍ය සේවකයින්මය. මෙම අයවැය තීරණ ක්‍රියාත්මක කළහොත් පඩි වැඩි රටක් බවට මෙම ශ්‍රී ලංකාව පත්කර ගතහැක. (නි)
කීර්ති මහත්තයෝ, ඔයා හරි (නි)
මේ රටේ මහජන මුදලින් ඉගෙනගන්නේ දොස්තල විතරද? අනෙක් අය ඉගෙනගන්නේ කාගේ සල්ලි වලින්ද? (නි)
අපිට ඉගෙනගන්න බැරිවුණා කියලා ඉගෙනගත් අයට වෛර කරන එක හොඳද? පර්මිට් එක පසුගිය රජය දුන්නා නම් මෙයාලට බැරි ඇයි? දැන් මෙගා ඩීලුත් නැති එකේ සියලුම රජයේ සේවකයන්ට දෙන්න බැරිද? (නි)
බාහිර රෝගී අංශය පැය 24ම් තිබේ නම් රෝහල්වල පෝළිම් නැතිවේවි. මුදල් තණ්හාවට එයටද දොස්තරලා විරුද්ධ වේවි. සේවයේදීත් කොන්දේසි, වරප්‍රසාද වලදීත් කොන්දේසි. (නි)
මම හිතන්නේ බදු සහන දිය යුත්තේ අවම වශයෙන් වසර 10ක් හෝ 15ක් වත් සම්පූරණ කල අයට(රේ)
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම කොහොමත් හොඳයි (නි)
ඔය වරප්‍රසාද ලැබුනේ නැත්නම් වෛද්‍යවරු පිටරට යයි කියලා කියන අයට කියන්නේ, පුළුවන් නම් ගිහිල්ලා බලන්න. මොකද වෙන රටවල වෛද්‍යවරයා යනු තවත් සේවකයෙක් පමණක් නිසා. සේවාදායකයට වෛද්‍යවරයා සේවයෙන් නෙරපීමට පවා හැකියාවක් තිබෙනවා. ලංකාවේ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්නයක්වත් අහන්න බැහැ. ලංකාවේ වගේ රටවල විතරයි වෛද්‍යවරයා අනවශ්‍ය සමාජ තලයක ඉන්න උත්සාහ කරන්නේ. ඒ නිසාම තමයි ඕක ගන්න කකුල් වතුරේ ඔබාගෙන පාඩම් කරන්නේ. (නි)
අයවැයේ තිබෙන එකම වැඩදායී යෝජනාව මේක. බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. වාහන බලපත් දෙනවා නම් ඕනෑම අයෙකුට දෙන්න ඕනෑ ජීවිතේට එක වතාවක් පමණයි. ඒකත් අන්සතු නොකිරීමේ කොන්දේසිය පිට. දැනට බලපත් දී තිබෙන කිසිවෙකුටවත් නැවත බලපත් නොදිය යුතුයි. ඒ වගේම බලපතක් ලබන්න වසර දහයක සේවාකාලයක් රජයේ සේවයේ සපුරාලිය යුතුයි. (නි)
ගොඩක් අය නොදන්නා දේවල් තිබෙනවා. රටේ සියලු දෙනාට නිදහස් අධ්‍යාපනය දුන්නත් ප්‍රයෝජන ගන්නේ මේ වගේ අය විතරයි. දොස්තරලා හැමෝම පෞද්ගලික සේවය කරන්නේ නැහැ. පැය 24 ම රෝහල්වල ඉන්න අයත් ඉන්නවා. මම හිතනවා මේ ඉල්ලීම සාධාරණයි කියලා (නි)
ශ්‍රීලාල් මහත්තයෝ, අපි ඔයාලා කාලා ඇඳලා, වාහන අරගෙන දියුණු වෙලා ඉන්නවට ඊර්ෂයා නැහැ. උගත්කමත්, කරන රැකියාවත්, රටට වන මෙහෙයත් බලලා රජයකින් යම් පිරිසක් සඳහා ලබාදෙන මේ වරප්‍රසාදය නවත්වන්න කියලත් අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මේක එක වරක් දුන්නහම ඇති කියන එකයි. (නි)
මම නම් ඔය අපිට ඒවා මේවා නොදුන්නොත් ඔය රට හැරයනවා කියන කතාවට එකඟ නැහැ. රට හැර යන්න හැකියාවක් ඇති, මමත් ඇතුළුව රටේ ඉන්න බොහොමයක් (95%) පමණ වෘත්තිකයෝ රට හැර නොයන්නේ වෙනත් පුගලික හේතු නිසා. ඒත් බොහෝදෙනා අවංකව ඒවා කියන්නේ නැතුව අපි මේ රටට සේවය කරන්නයි ඉන්නේ, අපි ඉල්ලන ඒවා දුන්නේ නැති නම් අපි යනවා කියල බොරු තර්ජන දමලා ජනතාවගේ බදු මුදලින් වරප්‍රසාද ගන්න එකයි කරන්නේ. මම නම් එයට කැමති නැහැ. (නි)
ශ්‍රීලාල් මහත්තයෝ, එතකොට ඔබේ තර්කයට අනුව පුද්ගලික විශ්ව විද්‍යාල වලින් තවත් දොස්තරවරු බිහිවුණාම තවත් කාලය ප්‍රවාහන ගාස්තු මහන්සිය ඉතුරු වෙනවනේ? ඉතින් මොකද එතරම් ඉතුරුවක් කර දෙන පුද්ගලික විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ වලට ඔබ විරුද්ධ වන්නේ? මේක පරස්පර කතාවක් නේද? (නි)
මම හදිසි අවශ්‍යතාවයන් සඳහා වෛද්‍යවරයෙකුට වාහනයක් දීමට විරුද්ධ වන්නේ නැහැ. නමුත් ඕක ඉල්ලන්නේ ඒකටම නෙමෙයි නේද? මම දැක තිබෙන විදියට දොස්තර හැඳුනුම්පත වාහනයේ ඉදිරිපස ගසාගෙන යන්නේ, වාහන තදබදය මඟහැරීමටත් , පොලීසිය මඟහැරීමටත්, ළමයි ඉක්මණින් පාසලට දැමීමටත් වගේ දේවල් වලට (නි)
සරණපාලගේ අදහස මම පිළිකුලෙන් හෙළාදකිනවා. රජය විසින් නිදහස් අධ්‍යාපනය දෙන්නේ දොස්තරලට විතරද? ඕනෑම කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න බාධාවක් තිබෙනවද? අපිට ඉගෙනගන්න බැරිවුණාට ඉගෙනගෙන දොස්තර වුණ මිනිහට බැනලා වැඩක් නැහැ නේද? (නි)
දොස්තරලා මෙහෙම කාර් පසුපස යන එක හරිම කණගාටුයි. ඔවුන් ඉගෙනගන්නේ මහජනයාගේ මුදලින්. මම කියන්නම් දෙයක්, වෙන එකම රටකවත් දොස්තරලට රක්ෂා නැහැ. එංගලන්තය වගේ රටවල මම ඇහැට දැකලා තියෙනවා මහා ලොකුවට ලංකාව අතහැර ගිහින් විශේෂඥ දොස්තරලා පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් ගහනවා. රෝහල් වල පරීක්ෂණ නල හෝදනවා. මේ ගෙරවීම් වලට රජය බියවිය යුතු නැහැ. (නි)
අද කාලයේ ගොඩක් දෙනා ඇත්ත තේරුම්ගන්න නොහැකිවයි ඉන්නේ (නි)
සරණපාල, ඔබ 100%ක් නිවැරදියි (නි)
දොස්තරලට ලෙඩ්ඩු මැරුණත් කමක් නැහැ. සල්ලි විතරයි ඕනෑ. අපේ දේශීය වෙදකමේ නම් මුදල් අතින් අල්ලන්නේවත් නැහැ. තමන්ගේ අතේ සල්ලි වියදම් කරලයි වෙදකම් කරන්නේ (නි)
කඩවුණ පොරොන්දු වෙනුවෙන් කරන තවත් එක සටනක් (නි)
මේක ඊර්ෂ්‍යාව. අපරාදේ ඔය කියන අයත් නිදහස් අධ්‍යාපනය නිසා දොස්තරලා වෙන්න තිබුනනේ. දොස්තරලා කථිකාචාර්යවරු ආවේ නිදහස් අධ්‍යාපනයෙන්. එතකොට නිදහස් අධ්‍යාපනය ලැබුනේ ඔවුන්ට විතරද? (නි)
යසපාලගේ අදහසට මමත් එකඟයි. සළකා බලන්න වටිනා හොඳ යෝජනාවක්. (නි)
යසපාල, ඔබේ අදහස නම් සුපිරි යෝජනාවක්. (නි)
දොස්තරලා පොඩ්ඩ ඇත්නම් ඉතින් වර්ජනනේ... (නි)
සරණපාල, ඔබ හරියටම හරි. මගේ නැන්දගේ දුව ඉන්නේ ඇමරිකාවේ. එයා මෙහෙ දොස්තරවරියක්. නමුත් ඇය එහෙ නර්ස් කෙනෙක්. (නි)
ඒ ඉල්ලීමට මමත් එකඟයි (නි)
දිලුම් මහත්තයෝ, රජය විසින් නිදහස් අධ්‍යාපනය දෙන්නේ දොස්තරලට විතරක් නෙමෙයි වුණාට, පර්මිට් දෙන්නේ ඒගොල්ලන්ට විතරයි නේද? (නි)
දොස්තරලාට කොහොමවත් වාහන පර්මිට් අවශ්‍ය නැහැ. වාහන 100ක් වුණත් ගතහැකි විදියට චැනල් සේවා වලදී අයකරන්නේ. (නි)
අයවැය එක දවසින් හදන දෙයක් නොවේ. මාස ගණනාවක් ඒ සඳහා ගන්නවා. ඇයි මේ සඳහා යෝජනා ආයතන සේවක මට්ටමින් ගන්න බැරි? රජයේ ආයතන බොහොමයක ඉන්න ඉහළ නිලධාරීන් සුදුසුකම් මදි. වයසින් වැඩියි. සුදුසුකම් තිබු අය රට හැර ගිහින්. තවමත් ඉදිරියක් පෙනෙන්නේ නැහැ.අධීක්ෂණයක් වෙන්නේ නැහැ. වාර්තා වෙන්නේ නැහැ. රජයේ විගණනයන්ට පවා තොරතුරු දෙන්නේ නැහැ. ඉතින් කොහොමද නිවැරදි කරුණු රටට පාර්ලිමේන්තුවට වාර්තා වෙන්නේ? නිවැරදි යෝජනා ඉදිරිපත් වෙන්නේ? (නි)
රැකියා විරහිත තරුණ තරුණියන්ට මේ පර්මිට් එක දුන්නහම හොඳටම ඇති. රැකියා විරහිත අයට දීමනාවක් ලබා දෙනවා කියලා හැම රජයකින්ම කිව්වත් අද වෙනතුරු කව්රුවත් එය ක්‍රියාත්මක කර නැහැ. රැකියා නැති අයටත් අනිත් අයට වගේම බඩගින්න දැනෙනවා. ඇඳුම් පැළඳුම් ගන්න ඕනෑ. ඉතින් රස්සාවක් නැති කෙනෙකුට මේ පර්මිට් එක ලැබෙනවා නම් ඉඩමක් විකුණලා හරි වාහනයක් අරගෙන ස්වයං රැකියාවක් හරි කරන්න පුළුවන්. ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා. මම රැකියාවක් කරන කෙනෙක්. මම ඉල්ලන්නේ මේක මම වෙනුවෙන් නෙමෙයි, රස්සාවක් නැතුව ගෙදරට වෙලා පසුතැවෙන තරුණ තරුණියන් වෙනුවෙන්. (නි)
දැන් අපි බලමු මෙයාලා එයිද කියලා (නි)
දොස්තර චැනල් සේවා නැත්නම් අපි හැමෝටම වෙන්නේ ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්න. ඔය දොස්තරලාට බනින කීදෙනෙක් හදිසියකට බෙහෙත් ගන්න රෝහලට යනවද? චැනල් සේවා නැවැත්තුවොත් අපිට සති ගණන් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්න වෙයි. අපි කොච්චර බැන්නත් දොස්තරලාගෙන් වෙන සේවය මිල කරන්න බැහැ. (නි)