වාහන ලීසිං හා රන්බඩු උකස් ආයතනකයක ගම්පහ ශාඛාවේ සිදුවූ රුපියල් එක්කෝටි අසූ පන් ලක්ෂයක රන්බඩු හා මුදල් කොල්ලයට සැකපිට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි නියාමකයකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම අයතනයේ ආරක්ෂක කැමරා පින්තූරවල සිටින පුද්ගලයකු ලෙස ඔහු හඳුනානාගත් බවත් ගම්පහ පොලීසිය කියයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට අද (23) උදේ පානදුරේ පුද්ගලයකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් අනුව මේ වැටලීම සිදු විය.
පොලිසිය දුටු විගස ඔහු බියට පත්වූ ස්වරූපයක් පෙන්වා ඇත.
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා මහතා ඇතුළු පිරිසක් සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් නෙළුව පොලිසියට ගියහ..
පසුගිය බදාදා (21) දහවල් 1.30 ට පමණ මේ කොල්ලය සිදු විය.
සේප්පු දෙකකින් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ අසූ දහස් හයසියයක රන් බඩු පැකට් 186 ක් සහ රුපියල් එකොලොස් ලක්ෂ හැත්තෑ නව දහස් අටසියයක් රැගෙන ගොස් තිබිණි.
විනාඩි අටකකදී මේ කොල්ලය සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න, ඔබට වැරදිලා. (නි)
බලන්නකෝ යන ලස්සන සාප්පු ගිහිල්ල වගේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ. (දී)
උගත් නීතිඥ මහත්වරුනේ මෙහෙම අපරාද කාරයෝ බේරගන්න නම් ඉදිරිපත් වෙන්න එපා. මේවගේ අය මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම සාපයක්.(නදී)
නිල් පාට ටී ෂර්ට් එක ඇඳලා ඉන්න කෙනා සපත්තු දාල ඉන්නේ හරියට ගමයා කොළොඹ ගිහිල්ල වගේ. මෙයා අදද කොහෙද ඉස්සෙල්ලම සපත්තු දාල තියන්නේ.(නදී)
මන්ත්‍රීවරුන්ගෙන් සහ ඇමතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන්න තියෙනවා. කරුණාකර මන් කොල්ල කෑම සම්බන්දව කරන පරීක්ෂනවලට බාධා කරන්න එපා, මොකද ඔහොම වෙලා වල්වල මෙයට සම්බන්ද අය ඔබලාගේ නෑදෑයෝ, සහෝදරයෝ එහෙමත් නැතිනම් ආධාරකරුවෝ.(නදී)
මේ වගේ සොරකමක් සැලසුම් කරන්න බුද්ධියක් තිබුණු අයට මේ වගේ ආයතනයක ආරක්‍ෂිත කැමරා පද්දතියක් තියෙන බව නොදැන ඉන්න නම් හේතුවක් නැහැ..එ වගේම මේ විදියට තමන්ගේ මුණු ප්‍රසිද්ද කරගෙන මේ වගේ සොරකමක් කරයි කියලත් හිතන්න බැහැ..මෙතන වෙන මොකක්දෝ සිදුවීමක් තියෙනවා වටහ ගන්න බැරි.(දී)
තව ටිකකින් එක්කෙනෙක් මේකේ ලියයි මේකේ තුන්වෙනි පාර්ශවයේ වැඩක් රජය අපහසු තාවයට පත් අකරන්න කරපු වැඩක් කියලා. (නදී)
කම්බ හොරුනම් වෙන්න බෑ හා හා පුර කියල හොරකමක් කරන්න හැදුවම වෙන්න ඇති එකනේ කිව්වත් වගේ වගේ ෂොපින් ගිහිල්ල වගේ යන්නේ මෝඩකමට බෙහෙත් නැ නේ කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියල ලෝවැඩ සගරාවේ කවිය අද මතක් වෙනවා ඇති ඉස්කෝලේ ගියාට පස්සේ ප්‍රථම වතාවට මගේ රටට දළදා හිමි සරණයි (දී)
බන්දුල පෙරේරා , ඔය හැමදාම අදහස් දාන්නේ මොලේ උඩ ඉඳගෙන. හිටගෙන කී බෝඩ් එක පාවිච්චි කරලා බලන්න. සමහර විට මේක අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න ඇති. විජාතික බලවේගය කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේ දේශපාලන මතවාදයේ හැටියට "දේශද්‍රෝභී " වැඩක්. (නදී)
මේ අර මන්කොල්ලෙට බලෙන් අරගෙන ගියා කියාපු කෙනාද. පව් කුක්කු පැටියා.(නදී)
මිනිස් මොළයේ සුපිරි බව තීරණය වන්නේ ක්‍රියාවේ ඇති යහපත් අරමුණ අනුවයි.(නදී)
කැමරාව නොතිබුනානම් වාස් මහත්තය අදටත් රජෙක් තමයි.(නදී)
ලංකාවේ අශ්චර්‍යය.(නදී)
සංවර්දනයේ ප්‍රතිලාභ සීමිත පිරිසක් පමණක් බුක්ති විදින අතර අදායම් බෙදීයාමේ විෂමතාවය පවතින තාක් කල් මෙවැනි අපරාධ අකණ්ඩව සිදුවෙනු ඇත.(නදී)
අලුත්ම කැමරා දකින්න අපේ ඇස් පින්කරලා නැහැ (දී)
මේ අය පොඩි බබාලනේමේවගේ වැඩ දන්නේ නැතුව කරන්නේ දෙන්න උපරිම දඩුවම් (දී)
බන්දුල මහත්තයෝ ,දැන්වත් තේරෙන්වද රටේ තත්ත්වේ. මේ එක සිද්දියක් පමණයි. ඔබතුමා දන්නා අඳුනන ලොක්කන්ට කියන්ඩ රටේ නීතිය වල වැරදි ඇති බව. පිල්යම් නොයෙදුවොත් අපිටමයි හොඳ නැත්තේ.(අ)
සමුර්දි නියාමකයෙක් නම් කාගේ හරි හෙන්චයියෙක් වෙන්න ඇති. කේස් එක වැඩි දුරක් යන එකක් නැහැ.(නදී)
රටේ හැම තැනම හොරකම.
රටට ආදරේ යහපත් වටපිටාවක් තියෙන ආරක්‍ෂිත සමාජයක අපේ දරුවෝ ජීවත් වෙනවා දක්කින්න කැමතිනම් ඔත්තුවකට දෙන ලක්ෂ 10 ගැන හිත්තන්න එපා තමන්ගේ මොබිලේ වලින් කතා කරන්න එපා ෆොනේ බූත් අකකින් 911 වලට අරගෙන විස්තර කියන්න (අ) කතරග දෙවි පිහිටි
හරිම විහිළුවක් (දී)
අනේ දැන් මේ හොර කල්ලියගේ පින්තුර ගෙවල් වල අනිත් අයට පේනවනේ ඒ නිසා මේ හොරුන්ව කිසි විටෙක නිදොස් කරන්න එපා. වහාම පොලිසියට දැනුම් දෙන්න.මෙවැනි අයට කිසිම නිදහසක් දෙන්න නරකයි.(නදී)
අර රෙදි සාප්පුවේදී ගහන කොට කැමරා කැඩිලද ?(දී)
සමෘද්ධි මහත්තයා බදාදා වැඩට ගිහින් නැ වගේ,බය වෙන්න දෙයක් නැතුව ඇති.(නදී)
මමත් මේක හිටගෙන ලියන්නේ !!මෙච්චර ලස්සනට හොරු ඇල්ලුවත් ..? මේ හොරකම කළා කියලා ඔප්පු උනත්..?හොරු වරද පිළිගත්තත් ... මුන්ට දඩුවමක් දේවිද කියලනම් මට සැකයි !! සීරියස් අහන්නේ ..,දැන් මේ හොරාට ඊ ලගට ගන්න පියවර මොකක්ද ...? දෙන දඩුවම මොකක්ද..?(නදී)
බඩුම තමයි කාලා වරෙල්ල බඩ පිරෙන්න ජිවිත කාලෙටම.(නදී)
මේ වගේ කැමරා විස්තර පෙන්නන්න එපා. එතකොට ඊලගට ඉස්සෙල්ලම මේවට වෙඩි තියලා දානවා. එතකොට මොනවත් බලා ගන්න බැරුව යනවා. අපේ කට්ටිය පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කලොත් හොදයි.(නදී)
ලංකාවේ අද තියෙන ආර්ථික අමාරු කම් නිසා තමයි හොරු බෝවෙන්නේ.(නදී)
මේ වගේ කට්ටියට නේ රස්සාවල් දීල තියන්නේ. පව් කාරයෝ. (දී)
තාක්ෂණයේ පිහිට කොතරම් වටිනවද සමහර විට මෙයට ප්‍රාදෙසිය මට්ටමෙන් හෝ දේශපාලනයත් සම්බන්දතාවයත් ඇති.(නදී)
අනේ බන්දුල..... මේක නම් ඔයා කියන විදියට විදෙස් බලවේගයක් තමයි. මට නම් තේරෙන්නේ නැහැ, ආණ්ඩුවට කඩේ ගියාම මොනවද ලැබෙන්නේ කියලා. අර රතුපස්වල අහිංසකයෝ මැරුවමත් හොදයි කියපු කෙනෙක්නේ ඔයා නේදඅනේ මෙහෙමත් මිනිස්සු.(නදී)
මේ හොරුන් වෙනුවෙන් කතාකරන නිතිය දන්නා මහත්වරුත් ඉන්නවා නේද?(නදී)
අනේ මේ වගේ මොලයක් නැති එවුන්. අපරාධකාරයින් හිතගෙන ඉන්නෙ තමන්ට බේරිලා ඉන්න පුළුවන් කියලා. මුන්ට වැරදුනේ එතනයි. මොන අපරාධය කලත් පොලිසියෙන් බේරෙන්න බැහැ නේද?(නදී)
මේ කම්බ හොරෙක්..මොකද ෆිනෑන්ස් සමාගම් කියන්නේත් නීත්‍යානුකූල වෘත්තීය හොරුනේ.(නදී)
සමුර්ධි නියාමක කෙනෙක් නම් ඉහලම දඬුවම "ගස් බඳිමු එයාව"...(නදී)
අද රටේ නීතියක් නැහැ. ඒක ආගාධයට ගිහින්. (නි)
කොහොම උනත් අපේ පොලිසිය දක්ෂයි. හොරුත් ඉන්නවා ඔය අතරේ.(නදී)
අනේ මෝඩ හොරු.2.50 හරක්.(නදී)
මේ ගැන ,අපේ රුපවති අක්ක ..,සරත් ..,හේරත් යන හිතවතුන්ගේ අදහස් දැනගැනීමට බලා ඉදිමි.(නදී)
මේ වගේ අයට සමාවක් දුන්නොත් තව තව හොරකම් වැඩි වෙයි.(නදී)
හොරු ගැනත් අහල තියනවා මේ වගේ මෝඩ යක්කු ගැන අහල නෑ.(නදී)
මෙහෙම දාන්න එපා. හොරුන්ට වැඩිය පොලිසිය එක ස්ටෙප් එකක් ඉදිරියෙන් ඉන්න ඕනේ.(නදී)
මොන අපරාධය කලත් පොලිසියෙන් බේරෙන්න බැහැ. පොලිසිය ඉක්මනටම මේ ඔක්කොම අල්ලනවා බොරුද බලන්න. සමුර්දි නියාමකය නම් කාගේ හරි යන හෙන්චයියෙක් හෝ ත්‍රී විල් කාරයෙක් වෙන්න ඇති. ඉගෙන ගත්තේ නැති මෝඩයෙක් මේ වගේ වැඩක් කරන්නේ නැහැ නැත්නම්. නිසි දඩුවම් දෙන්න ගරු අධිකරනයේ මාර්ගයෙන්. (නදී)
සුපිරි මොළයක් මොනවා වුනත් ! (නි)
මේ වගේ හොරු ඉන්න අපේ ලංකාව ගැන ආඩම්බරයි (නි)
පිටබැද්දර ජයා, සුපිරි නිසාද කැමරා තිබෙන තැනක මෙහෙම හොරකම් කළේ? (නි)
මගේ සල්ලි ටික මල්ලක දාගෙන ඔහුගේ වගේ යනවා. (නි)
ජූඩ් මොකද හොරුන්ට උපදෙස් දෙන්නේ, කැමරා පද්ධතියට වෙඩි තියන්න කියලා? ඔන්න ඊ ළඟ සැරේ කැමරා වලට හොරු වෙඩි තිබ්බොත් ජූඩ්වත් අල්ලන්න.සොරකමකට උපදෙස් දීම මත. (නි)
මිනිස්සු මේ තරම් මෝඩද
අපරාධකාරයන්ට කවදාවත් නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. බොහොමයක් අපරාධකාරයෝ නීතියට අහුවෙනවා කවදා හරි. අහිංසක මිනිස්සුන්ගේ රන්බඩු නේද මේ කොල්ල කන්නේ. නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න. මේවා අල්ලන එක අපේ ආරක්ෂක අංශ වලට සුළු දෙයක්. (නි)
මෙය බැලීමේදී ලංකාවේ සමහරුන් සල්ලි නිසා කරන පහත් වැඩගැන මහා කලකිරීමක් ඇතිවෙනවා. ලංකාවේ කොටසක් සල්ලි සූරාකන අතර කොටසක් කොල්ලකමින් ජීවත්වේ. අනික් මිනිස්සු සාධාරණව ජීවත්වෙති. මරණින් මතු සුගතියට යන්නේ කුමන කණ්ඩායමද කියා සිතාගත හැකියි. මේ කොල්ලයේදී කිසිවෙක් මැරෙන විදිහ බලන්නට සිදුනොවීම ගැන පමණක් සතුටුයි. (නදී)
අම්මේ ජෝසි පන යන තරමට මටම හිනා.(නදී)
අකේ කරුමෙක මහත. අපේ රටට ගිය කලක්.(නදී)
අනේ! සමෘද්ධිලාභීන්ට දෙන්න වෙන්න ඇති හොරකම් කළේ (නි)
කන්න ඕන උනහම තලගොයාත් කබරගොයා කරගන්න හදන අයට මේවා හොද පාඩම්.(නදී)
මෙවැනි අපරාධ ගැන අදහස් ලියන "සුපිරි මිනිසුන්" කව්ද කියා ආරක්ෂක අංශ සොයාබැලිය යුතුය. (නි)
සෙලනිකස් , ඔය හරියට ප්‍රවෘත්තිය කියවලා නැහැ වගේ නේද ? කැමරා එකෙන් නෙමෙයි මිනිහව අල්ලලා තියෙන්නේ නාදුනන කෙනෙකුගේ දුරකථන ඇමතුමකින්. කැමරා එකෙන් වෙලා තියෙන්නේ මිනිහව අඳුරගත්ත එක (නි)
අපේ පව්. රොබින් හුඩ් වැඩක් කරලා තියෙන්නේ! (නි)
බන්දුල කිව්වොත් ඉතින් ඔය වගේ කතාවක් තමයි. (නි)
අපේ ගෙදරට ආපු හොරෙකුගේ වීඩියෝ පොලිසියට දුන්නම ඔවුන් කීවේ හොරුන් නොහඳුනන බව පමණි. මේ අක්මීමන පලාතේ. (නදී)
ඇති අය කකා බිබී සතුටින් ඉන්නවා. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ. ඒකයි මේ ගැටළු (නි)