IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


වීඩියෝ ප්‍රචාරක පටයකින් දිගහැරෙන මඩවලගේ අලුත්ම නවකතාව

20160901Mohan-1'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා', 'මාගම් සෝලිය' වැනි ග්‍රන්ථයන්හි කතුවරයා වන මොහාන් රාජ් මඩවල විසින් රචනා කරන ලද නව ග්‍රන්ථයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. 'රැජින' ලෙස නම්ව ඇති මෙම ග්‍රන්ථය සඳහා එදා මෙදා තුර මෙතෙක් සිදු නොවූ ප්‍රචාරක ක්‍රමවේදයක් යොදාගෙන තිබේ.  ඒ මෙම ග්‍රන්ථ වෙනුවෙන් පූර්ව ප්‍රචාරක පටයක් නිර්මාණය කර තිබීමයි. එවැනි කාර්යය සිදුකිරීම පිළිබඳව මොහාන් රාජ් මඩවල අපට පැවසුවේ මෙවැන්නකි.

20160901Mohan-2"පොතේ නම 'රැජින'. ඒක තමයි මගේ අලුත්ම නවකතා පොත. 'මාගම් සෝලිය', 'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා' කියන නවකතා තුනක් රචනා කරලා තියෙනවා. කලින් නවකතා තුනටත් පසුබිම් වුණේ ඉතිහාස කතායි. මේකට පසුබිම් වෙන්නේ, ඉතිහාස කතාවක්. ඒ කියන්නේ මීට අවුරුදු 2063 කට කලින් අනුරාධපුර රාජධානියේ රජ කරපු අනුලා රැජින, එයා තමයි ලංකාවේ රජ කරපු පළවෙනි රැජින. මම හිතන්නේ ආසියාවෙත් පළවෙනි රැජින එයා තමයි. ඉතිං එයා බොහොම කාමුක ගැහැණියක් විදිහට තමයි මහාවංශය වගේ පරණ ඉතිහාස පොත්වල සඳහන් කරල තියෙන්නේ. ඒ රැජින පසුබිම් කරගෙන තමයි මේ නවකතාව ලියැවුණේ. නවකතාවක් කියන්නේ අවසාන වශයෙන් වෙළෙ‘ඳ භාණ්ඩයක්නේ. මේ සඳහා මාර්කට් කරන්න යම් යම් වෙළෙඳ උපක්‍රම භාවිතා කළාට, මේකෙදී මට හිතුණේ මොනාහරි වෙනස් දෙයක් කරන්න කියලා. මොකද ලංකාවේ මේතාක් නවකතාවක ප්‍රමෝට් කරන්න විඩීයෝ ප්‍රචාරක පටයක් කරලා තිබුණේ නැහැ. ඉතිං මට හිතුණා, මේක ප්‍රේක්ෂකයන්ට, පාඨකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි කියලා."

"මේක අධ්‍යක්ෂණය කළේ ඉරේෂ් ඉරුගල්බණ්ඩාර කියලා නව පරපුරේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. මේ සඳහා රංගනයෙන් දායක වුණේ, 2014 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා තේරුණු ඉමායා ලියනගේයි. ඒ අයගේ සහභාගීත්වයෙන් ඇතිව තමයි මේ කටයුත්ත කෙරුණේ. ලැබිලා තියෙන ප්‍රතිචාර මම කියනවාට වඩා යූටියුබ් ජාලයෙන් බලාගන්න පුළුවන්. මේක වෙනස්ම අමුතු අත්දැකීමක් නිසා ප්‍රේක්ෂක, පාඨක හැමෝගේම ලොකු අවධානයක් තියෙනවා."

ඩිලාන් ක්‍රිෂාන්ත   



අදහස් (0)

වීඩියෝ ප්‍රචාරක පටයකින් දිගහැරෙන මඩවලගේ අලුත්ම නවකතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 258 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 603 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site