ලෝකයේ වැඩිපුරම රාජ්‍ය සේවකයින් පිරිසක් සහ රටේ ජනතාවට සාපේක්ෂව විශාලම හමුදාව සිටින එකම රට ශ්‍රී ලංකාව බවත් එබැවින් අති විශාල විශ්‍රාමිකයින් පිරිසක් රැක බලා ගන්නා රජය මෙරට රජය බවත් ජාතික විශ්‍රාම දිනය සැමරීමේ ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කතානායක කරු ජයසූරිය මහතා කොළඹ පදනම් ආයතනයේදී අද (8) පැවසීය.
විශ්‍රාම වැටුප් ‘ඊසිකෑෂ්‘ ක්‍රමය හරහා ලබාගත හැකි නව ක්‍රමයක්ද මෙහිදී හඳුන්වා දෙනු ලැබිණි.
නියෝජ්‍ය විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් සියඹලාපිටිය ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඒ බලාගන්නවා කියන කතාවේ තේරුම? හරියට පින් පඩියක් දෙනවා වගේනේ? විශ්‍රාමිකයෝ රජයේ සේවයේ සේදී සිටිද්දී ඔවුන්ගේ මාසික පඩිපතෙන් විශ්‍රාම වැටුප් දායක මුදල් කපා ගන්නවා. ඒ අනුව එම විශ්‍රාම වැටුප ඔවුනට ඇති හිමි කමක්. එම විශ්‍රාම වැටුප කපාගන්න මුදලට වැඩ වැඩි වුනත් එම විශ්‍රාම වැටුප් පහසුකමත් සලකා බලා තමයි රජයේ සේවක වැටුප පැකේජයක් ලෙස තීරණය කරන්නේ. නැතිනම් පුද්ගලික අංශයේ වැටුපට වඩා අඩු වැටුපක් තමයි ඒ හා සමාන රජයේ සේවකයකුට ලැබෙන්නේ. ඇමති තුමා ඔබතුමා කොපමණ හොඳ වුනත් එහෙම බලාගන්නවා වගේ වචන කියල සැහැල්ලුවට පත් කරනවට නම් විරුද්ධයි. රජය ඒ අයට හිමි වැටුප දෙනවා, ඒ අය එම වැටුපෙන් තමන්ගේ එදිනෙදා වැඩ බලාගන්නවා. අනික සේවය කරන කාලයේ මුදලේ අගය සහ ජිවන වියදම අනුව තමයි වැටුප තීරණය වෙන්නේ. ජිවන වියදම ඉහල යාමත් මුදලේ අගය පහල බැසීමත් රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා වෙනවා මිසක් විශ්‍රාමිකයින්ගේ වරදින් වන දෙයක් නොවෙයි. එනිසා කාලීනව විශ්‍රාම වැටුප පවතින ජිවන වියදමට ගැලපීම, විශ්‍රාමිකයන්ට වැටුප් වැඩිවීමක් ලෙස පෙන්වා, බලාගන්නවා කියා දෙකේ කොලේට නම් දාන්න එපා. අර ප්‍රසන්න කිවුව වගේ මුළුමහත් රටවැසියන් අවුරුදු කිහිපයක් රටේ සල්ලි කාබාසිනියා කළ දේශපාලකයින්ට පින් පඩි දී බලාගන්නවා කීවටනම් වරදක් නැහැ. (බ)
රුපවති නංගියෝ, විශ්‍රාම වැටුපටත් මොනවා හරි කරයිද මන්දා.? (ර)
මේක කාලගුණ සැලකීමක්. ජිවිතයේ සෑදෑසමය ගෙවන්න උදව්වක්. (ර)
ලලිත් මහතාගේ විග්‍රහය අගය කරමි හා අනුමත කරමි. (ර)
එතකොට මැති ඇමති මන්ත්‍රී කට්ටියට අවරුදු පහෙන් විශ්‍රාම පඩි (පින් පඩි )ගෙවන එක කතා කරන්න කව්රුත් නැද්ද අවරුදු 55 වැඩ කරලා ගන්න එකද දැන් අමාරුව (බ)
විශ්‍රාමිකයා හොඳට බලාගන්නේ බටහිර රටවලුයි.(හේ)
හෙට අනිත්දට කියාවිද දන්නේ නෑ විශ්‍රාමිකයන්ටත් එකවර ගන්න පැකේජයක් ලබා දෙන්නම් කියා. (ර)
රජයේ සේවකයෝ අවරුදු 55 සේවය කරලා තම විශ්‍රාම පඩිය ගන්නේ නමුත් මැති ඇමතිලා?(ම)
විශාල ම හමුදාව හදන්න වුණේ මොකද කියල අමතක වෙලා වගේ . (ම)
ලෝකයේ විශාලම පාර්ලිමේන්තුව නඩත්තුකරන මහජනතාව ඉන්නේත් ලංකාවේ කියලා බෙරිහන්දීලා මම කියනවා දේශපාලකයන්ට. (නි)
ජනාධිපති ගේ සිට කුඩාම පියන් දක්වා ඉතාම අරපිරිමැස්මෙන් වියදම්කර එම ඉතිරිවන මුදල්වලින් ජනතාව බලා නොගතහොත් ලංකාව විනාස වේ දැන්වත් ඇස් අරින්න පාලයකයනි (බ)
හොඳ හොඳ සෙල්ලම් එලෙවෙන ජාමෙට ...........(ම).