වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය සහ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් විපක්ෂයට එක් විය.
එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ඇරැඹු තමන් පසුව ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමේ කාර්යට සහය දැක්වීම සඳහා ජනපතිතුමන් හා එක්වුවත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව තව දුරටත් රජය හා කටයුතු කිරීමේ හැකියාව නැතැයි වඩිගමංගාව මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් (නදී)
මෙය ගිය එක එක ඉතින් අමුතු දෙයක්ද? මේ පරණ කොළ පාට අයෙක් නේ. දැනුයි මතක වුනේ මෙහෙම කෙනෙක් හිටියා කියලත්. (ර)
ජය වේවා. (නදී)
මම ආනමඩුවේ. වඩිගමංගාව, ආනමදුවට සහ පුත්තලම් දිසාවට විශාල සේවාවක් කරපු කෙනෙක්. ජය පතමි.! (ර)
පොදු අපේක්ෂක දිනවා රට දිනවමු. වෙනසකට කාලය ඇවිත්. මහින්ද තවම කියනවා ඇහුනේ නැහැ ඇයි අවුරුදු දෙකකට කලින් ඡන්දෙ ඉල්ලන්නේ කියලා. සාධාරණ පිළිගත හැකි හේතුවක් දුන්නොත් මම ඡන්දය එයාට දෙනවා. (නදී)
ඔන්න තවත් නරක ළමයෙක්. මෙයාගේ ෆයිල් එකත් ගන්න එලියට.(නදී)
වඩිගමංගාව මහතා හරි තීරණය ගත්තා එහෙනම්. ජයවේවා..! (ර)
ඔබතුමා මේ යහපත් වැඩේට එන්න පරක්කු මොකද කියල මම බලාගෙන හිටියෙ. ජයවේවා. වයඹට ජය. ජය පිට ජය. (බ)
එතුමා දක්වල තියන අදහසවත් තේරුම් ගන්න බැරි අයත් කුරුල්ලෝ ගැන ලියනවා. (නදී)
මෙතුමා ගහෙන් ගහට පනින කුරුල්ලා නම් අර සතියකින් පැනල අායෙත් පැන්න එකා ගෙම්බද ? . (නදී)
ඉන්දික මමත් මේ කල්පනා කළා ඇත්තටම කවුද මේ කියල.. (නදී)
මොකක්ද මේ පිටිපස්සේ තියෙන බැනර් එකේ තියෙන්නේ. රනිල්, මෛත්‍රී මහත්තයට බොක්සින් පාරක් දෙන්න වගේ යන්නේ. මමත් මෛත්‍රී මහත්තයට සහාය දෙනවා. පින්තූරේ දැක්කම බය හිතුනා. (නදී)
ගහෙන් ගහට පනින කුරුල්ලා තෙමී නසී (දිල්)
මමත් ආනමඩුවේ. එයා ගැන අපි දන්නවා (නි)
තමන්ගේ වාසියටයි මෙයා ගියේ .(දිල්)
ජයවේවා! (නි)
මම වඩිගමංගාව මහත්මයාව ළඟින් ඇසුරුකළ රජයේ නිලධාරියෙක්. එතුමා අවංකයි, කාර්යශූරයි. (නි)
යහ පාලනයට අත්‍යවශ්‍යම කෙනෙක්.. (නදී)
ඔබ අාව එක කොච්චර හොඳද? (නදී)
ආයෙත් ආවා එහෙනං . "ඉන්දික" මහත්තයෝ කොළ පාට පරණ වෙන්නේ නෑ, කොලපාට හැදෙන්නේ කහ පාටයි, නිල් පාටයි එකතුවෙලා. ඔය ඔක්කොම පෙනෙන්ඩ සුදුපාට තියෙන්ඩ ඕන. සුදුපාට "හංසයා" කොහොම හිටීද? (බ)
අපි පුත්තලමෙ, වඩිගමංගාව ගියාට ජනාධිපති පරදින්නේ නැහැ. හැබැයි ජනාධිපතිට ඡන්ද ටිකක් වැඩිවෙයි. (ර)
තිස්ස මහත්තයා ගියාට නියම යුඇන්පි කාරයෝ ආයේ එනවා. (ර)